Posts

Showing posts from June, 2012

මරණයට අයදුමක් - 7 වන පරිච්ඡේදය

Image
මුල් පරිච්ඡේද

දින තුනක්ම කිසිදු වෙනස්වීමක් නොමැතිව ගතවී ගියේ ය. ගෝකුල් නාත් හා විවේක් දිවා කාලයේ මඳ වේලාවක් නිදා ගනිමින් රාත්‍රී කාලය බංගලා වත්ත අඟලක් නෑර සෝදිසි කලේ ය. නමුත් ඔවුනට සැක සහිත කිසිවක් සොයා ගැනීමට නොහැකි විනි. සිව්වන දින හිමිදිරි උදෑසන තම කාමරය ඉදිරිපිට වූ අසුන් මත වාඩිවී සිගරැට් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ය.
"විවේක් අපි මේ බංගලාවේ ඉන්න නිසා මිනීමරුව තමන්ගෙ උපක්‍රමය මාරු කරල වගෙයි. අපිත් අපේ උපක්‍රමය මාරු කලොත් හොඳයි නේද?"
"ඔව්, ඒක කරන්නේ කොහොමද කියල ඔයාම කියන්න බලන්න"
"අපි ආපහු මැඩ්රාස් යන බව කියල මේ ගමේම හැංගිලා ඉඳල බංගලාව ගැන ඇහැ ගහගෙන ඉමු"
"මිනීමරුව ඒතරම් ලේසියෙන් රවට්ටන්න පුළුවන් වෙයි කියල මමනම් හිතන්නෙ නෑ"
ගෝකුල්නාත්  ස්ථිර හඬින් "අපි තව ටිකක් ඉවසමු" යි පැවසීය.
"මිනීමරුව කොයි වෙලාවේ හරි එළියට එන්න ඕනෑ. අපේ මැරුණු පරීක්ෂක පවිත්‍රන් මේ සිහිවටනය ලඟ පහනක් පත්තු වෙමින් තිබුනු බවත් වළලු සද්දයක් ඇසුනු බවත් මැරෙන්න කලින් කියලා තිබුනා. නමුත් අපි මේ හිටපු දවස් ටිකට අපිට එහෙම දෙයක් ඇහිලවත් දැකලවත් නෑ"
ගෝකුල් නාත…

මරණයට අයදුමක් - 6 වන පරිච්ඡේදය

Image
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය - මුල් කොටස
2 වන පරිච්ඡේදය - අවසන් කොටස
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
මරණය, ඔහු හඹා ආවේද? ඔහු, මරණය හඹා ගියේද කියන්නට කිසිවකු නොදනී. නමුත් එය එසේ විනි. තම මෙහෙයුම අතරතුරදීම පවිත්‍රන් අභිරහස් ලෙස බංගලාවේ ඝාතකයාගේ ගොදුරක් බවට පත්වී තිබිනි.

කිසිදිනක තමාට පැවරූ රාජකාරියක් අතරමඟ දී අත් නොහරින පවිත්‍රන් ශෙක්කල් මූඩි බංගලාවේ මෙහෙයුමේ දී මියගොස් ඇති බව මැඩ්රාස් පොලීසියට වාර්තා වන විට ගෝකුල්නාත් සිටියේ තම නිල කාමරයේ ය. එය ඔහුට අදහාගත නොහැකි විය. කාකි ඇඳුමින් වසාගෙන සිටි තම හදවත වේදනාවෙන් කීරිගැහෙන බව ඔහුට දැනිනි.

ඔහු දිගු හුස්මක් නාස්පඩු අතරින් පිටකරමින් සිත එක්තැන් කර ගැනීමට වෙර දැරීය. අනතුරුව තොප්පිය පැලඳ තම සගයා වන විවේක්ගේ නිල කාමරය වෙත පය එසවී ය.


                                             ෴*෴


ගෝකුල්නාත් හා විවේක් ශෙක්කල් මූඩි වෙත පැමිණෙන විට උදෑසන දහය වී තිබිනි. සුඛෝපබෝගී රථයෙන් බට පරීක්ෂකවරු දෙදෙනා වෙත පැමිණි උප පරීක්ෂක ඔවුන්ව නිල අයුරින් පිළිගත්තේ ය.
ශෙක්කල් මූඩි අහස වළාකුලින් බරව වැස්සකට සූදානම් වෙමින් පැවතිනි. අසල නවතා තිබූ ජිප් රථයට නගින අතරතුර ව…

මරණයට අයදුමක් - 5 වන පරිච්ඡේදය

Image
උඩු මහලේ කෑම මේසය වටා සියලු දෙන රැස් වී සිටියහ. රුද්‍රා මහතා රොද පුටුවේ සිටම කෑම මේසයට සහභාගී වෙමින් මිණිබිරිය  ජෝති සමඟින් යමක් මුමුණමින් සිටියේ ය. ජෙගදාම්බල් පොතක් කියවමින් සිටි අතර ලක්ෂනා තම සැමියා සමඟ කතාවේ යෙදෙමින් හඬ නගා සිනාසුනා ය. කෝකිලා දිවා කාලයේ බලා ඉවත දමන ලද පුවත්පත පෙරලමින් සිටියා ය. තංගරාජන් පමණක් පවිත්‍රන් පැමිණෙන තෙක් මඟ බලමින් සිටියේ ය.
අජය තංගරාජන් දෙස බලමින්,  "අර අලුත් හාදයා නාගෙන එන්න මෙච්චර වෙලා ගන්නවද? මම දවල්ටත් හරියට කෑවෙ නෑ. ගිහින් මිනිහට ඉක්මනට එන්න කියනව" තංගරාජන් තම අත් ඔරලෝස්ව දෙස බැලීය. එහි වෙලාව රාත්‍රී හතයි දහය සටහන් වී තිබිණි. පවිත්‍රන් නාගෙන එන්න මෙච්චර වෙලා ගන්නවදැයි සිතමින් පුටුව පසකට කරමින් කෝප වූ මුහුනින් යුතුව පවිත්‍රන් සොයා ඔහුගේ කාමරය දෙසට ගියේ ය. ඔහුගේ පා ගැටෙන හඬ ලී පොළොවෙ දඩ.. දඩස්.. යන හඬින් ඇසුනේ ය. "වැඩට ආපු අලුතම මෙහෙමද? ඔක්කොම අරහෙ බලාගෙන ඉන්නවා. කිසිම වගකීමක් නැති මිනිහෙක් වගෙයි." තංගරාජන් තම සිතිවිලි සිතේ තදකර ගනිමින්ම තදින් පවිත්‍රන්ගේ කාමරයෙ දෙරට තට්ටු කලේය. කිසිදු පිළිතුරක් නැත. "පවිත්‍රන්...! පවිත්‍රන්..…

මරණයට අයදුමක් - 4 වන පරිච්ඡේදය

Image
1වන පරිච්ඡේදය 2 වන පරිච්ඡේදය - මුල් කොටස 2 වන පරිච්ඡේදය - අවසන් කොටස
3 වන පරිච්ඡේදය
වෙලාව උදෑසන හයයි. දොරට තදින් තට්ටුකරන හඬින් පවිත්‍රන් නැඟී සිටියේ ය. තම රාත්‍රී ඇඳුම සකස් කර ඇදගත් ඔහු දොර අසලට ගොස් අගුල කරකවා දොර විවෘත කලේ ය. වතු කලමනාකරු දොර අසල සිටියේ ය. මනා ලෙස සැරසී සිටි ඔහුට "ගුඩ් මෝනින් සර්" යනුවෙන් පැවසී ය.
"තමුසේ ඉක්මනට නාලා හොඳ ඇඳුමක් දාගෙන එනවා. ලොක්කා තමුසෙව හමුවෙන්න ඕනෑ කියල කිව්වා."
"හොඳයි සර් විනාඩි දහයෙන් එන්නම්."

"පරක්කු වෙන්න එපා ඉක්මනට එනවා ලොක්කට කේන්ති යයි" කියමින් තංගරාජන් ආපසු යන්නට ගියේය. 
පවිත්‍රන් තම බ්‍රීප් කේසයෙන් දත් බුරුසුව ගෙන එයට දන්තාලේප පුරවා ගෙන නාන කාමරයට ඇතුල් වූවේ ය.හේ විනාඩි අටක් තුල හොඳ ඇදුමකින් සැරසී කාමරයේ දොර වසා එළියට පැමිනියේ ය.
බංගලාවේ පසුපස ප්‍රදේශයට ඔහුගේ දෑස් ක්ෂනයකින් යොමුවිනි. පෙර දින රාත්‍රියේ බියමුසු දසුනක් මවා පෑ පැරණි ලිඳ හා සිහිවටනය කිසිත් සිදු නොවූවා සේ දිස්විය.
"අපරාදේ මම ඊයේ රෑ දුවගෙන ආවෙ. ඒ වළලු සද්දේ කොහෙන්ද ආවෙ කියල බලන්නයි මට තිබුනෙ" බංගලා පෝටිකෝවේ සිටි තංගරාජන් තමා දෙස බලා සිට…

මරණයට අයදුමක් - 3 වන පරිච්ඡේදය

Image
1 වන පරිච්ඡේදය  2 වන පරිච්ඡේදය - පලමු කොටස 2 වන පරිච්ඡේදය - අවසන් කොටස


දිවා කාලයේ සිදුවූ සිදුවීම් වලින් වෙහෙසට පත්ව සිටි පවිත්‍රන් නින්දට වැටුනේ ය. හේ හදිස්සියේම අවදි විය.  තමන් නින්දට යන වේලාවේ දල්වා තිබූ විදුලි බුබුල නිවා දමා තිබූ හෙයින් කාමරය දැඩි අඳුරක් රජ කළේ ය. තම පොරවනය පසකට කර ඇඳෙන් නැඟී සිට පවිත්‍රන් ඔරලෝසුවේ බොත්තම තද කර එළිය දල්වා වෙලාව බැලී ය. වෙලාව හරියටම රාත්‍රී 12.05 වී තිබිනි.

     "මොකද ලයිට් එක පත්තු වෙන්නේ නැත්තේ"

ඇ‍‍‍ඳෙන් නැඟිට ස්විචය අසලට ගිය පවිත්‍රන් එය අතගා බැලී ය. ස්විචය උඩු අතට දමා විදුලි පහන නිවා දමා තිබිනි. නැවත හැරී ජනෙල් පියන විවර කර තිරය පසෙකට කර බංගලාව දෙස නෙත් යොමු කලේය. මඳ වේලාවක් එම ඉරියව්වෙන්ම සිට නැවත ජනේලය වසා දැමීමට සූදානම් වෙත්ම දුරින් පෙනුනු දසුනෙන් ඔහු තිගැස්සී ගියේ ය.

   "මොකක්ද ඒ...! ඉටිපන්දමක් ද? චිමිනි ලාම්පු එළියක් ද? 
     මේ වෙලාවේ කවුද එළියක්  අරගෙන ඇවිදින්නේ..!!"

පවිත්‍රන් සතු සුපුරුදු විඥානය තියුණු විය. ඉක්මනින්ම තම බ්‍රීප් කේසය විවෘත කර කුඩා විදුලි පන්දමද රුගෙන කාමරයෙන් එළියට පැමින දොර සෙමින් වසා දමා විදුලි පන්දම් එළ…

මරණයට අයදුමක් - 2 වන පරිච්ඡේදය - අවසන් කොටස

Image
මරණයට අයදුමක් - 1 වන පරිච්ඡේදය
මරණයට අයදුමක් - 2 වන පරිච්ඡේදය - මුල් කොටස





ප්‍රාශ්වාසයේ උණුසුම් වාතය නාස් පුඩු අතරින් ගොස් සීත සුළං සමඟ මුසු විය. රැය තවමත් ඔහු වටා පැවතුණි. අඳුරට හුරුවූ දෑස් වලින් ඉහළ අහස දෙස බැලූ පවිත්‍රන් තම වම් පස රිය පදවමින් සිටින වතු මැනේජර්වරයා දෙස බැලී ය. ඔහු ගල් බොරළු පල්ලම් වලින් ගහන මඟෙහි සුක්කානම නිසි ලෙස හැසිරවීමට දැඩි උත්සහයක යෙදෙන සෙයක් පෙනිනි.

දිගු වංගුවකින් රථය හසුරවා ගියරය මාරැ කර මාර්ගය දෙසම බලමින් පවිත්‍රන් හා කතා කිරීම ඇරඹී ය.

"තමුසෙගෙ නම මොකක්ද?"

        "පවිත්‍රන් සර්...."

        "ගම කොහෙද මැඩ්රාස් ද?"

        "ඔව් සර්"

        "රස්සාවක් හොයාගෙන බංගලාවට ඇතුල්වුනේ මර්ඩර් කේස් එකකුත් එක්ක නේද?"

       "සමාවෙන්න සර්, මම බලාපොරොත්තු වුනේ නෑ මෙහෙම දෙයක්. මුර කාරයගෙ මිනිය දැකල මම බය වුනා."
 "තමුසේ මේ පැත්තට ආව පලවෙනි වතාවද?"    "ඔව් සර්.."  "ගමේ අය මොනාද තමුසෙට කිව්වේ..?"   "මොකුත් නෑ සර්.."   "මේ බලනවා මට බොරැ විතරක් කියන්න එපා. මේ ගමේ කාගෙන්හරි බංගලාව ග…