Posts

ඔන්චිල්ලාව

Image
අන්තිම සැරේටත්  කඳුළු පිරිලා බොඳ වෙලා තිබුණු ඇස් වැටකෙයියා පඳුරු දිගේ ගිහින් ගේට්ටුව ළඟින් නතර වුනා. ගේට්ටු පළු දෙක හොදටම දිරල ගිහින් තිබුනත් ගාලා තිබුණු සුදු ලැකර් තැනින් තැන ඉතිරි වෙලා තිබුණා.කම්බි කූරු අතරින් බොර පාර වුනු ඇස්පොඩි පාරෙ අනිත් පැත්තෙ තියන දිවුල් ගහ දිහා බලන් ඉන්නෙ ගෙදරට කෙනෙක් එනවනම් මුලින්ම පේන්නෙ එතනින් නිසා.

සඳූගෙ හිත හොඳටම රිදිලා. පුංචි හිතට ඒ හැටි දෙයක් නොතේරුනාට මොකද අද උදේ ඉදන් එයා හිටියෙ දුකෙන්,පාළුවෙන්. ගෙදර මේ වෙන දේවල් ගැන හරියටම මොකුත් කියන්න එයා දැනගෙන හිටියෙ නැති වුනත් ළඟදිම මොකක් හරි ලොකු දෙයක් වෙන්න යනවා කියලා හිත නිතරම කිව්වා. ඒ නිසාම එයා හිටියෙ ගොඩක් බයෙන්.

පුංචි අත් වලින් ඇස් දෙක හොඳට පිහදාලා ඉස්තොප්පුවෙ පඩියෙන් නැගිට්ටෙ අම්මා ළඟට යන්න. අත් වල කඳුළු ඉතිරි වෙලා තියනවා දැක්කොත් අම්මා අහන හින්දා අත් දෙක කලිසම පිටිපස්ස පැත්තෙ පිහදාගෙන සඳූ  අම්මා ගාවට ගියා. ඉස්සර අම්මා කවදාවත් දවල්ට නිදියන්නෑ. අම්මා හොදටම නිදි. ඇහැරවලා එයාට කරදර කරන්න බැරි හින්දා ආච්චි අම්මා ගාවටවත් යන්න ඕනෙ කියලා චූටිට හිතුණා.

                                "ආච්චි අම්ම…

මගේ මැණිකේ..

Image
එදයි අදයි අතරෙ ලොකු වෙනසක් නෑ නේද මැණිකෙ.මං කිව්වෙ අපේ  ආදරේ ගැන.හැබැයි අනිත් හැමදේම වගේ වෙනස් වුනා ඒ ආදරේ ඇර. එදා කිව්වට ගොඩක් ලොකු කාලයක්  නෙමේ වුනාට අවුරුද්දක් විතරම වගේ අපි ඈත් වෙලා හිටියා. ඈත් වුනා කිව්වෙ ළඟින් හිටියෙ නෑ කියල නෙමෙයි ඔන්න. ඔයා ගැන කිසිම තොරතුරක් ආරංචියක් නැතුව, ඔයාව ඇස් දෙකට පේන්න නැතුව ඒ කාලෙ හිටියෙ ගොඩක් අමාරුවෙන්. ඒක අමාරු වැඩක් වුනේ වෙන මොකුත් නිසා නෙමෙයි මැණිකෙ, අපි ගොඩක් ළං වෙලානෙ හිටියෙ ඒ දවස් වල. අනික අපි ඈත් වුනෙත් හිතුවෙවත් නැති විදිහට හදිස්සියෙමනෙ.





 ඔයාට මතකද මැණිකෙ පන්ති ඇරිලා ඔයා එක්ක ගෙදර ළඟට වෙනකන්ම එනවා.ඒ ඔයාව ඇරලන්න වුවමනාවට නෙමේ.කොහොමත් ඔයාට තනියම ගෙදර යන්න බැරිකමක් තිබුණෙ නෑනෙ මැණිකෙ. ඔයා ළඟින් ටික වෙලාවක් හරි ඉන්න මම ආස කලා. මොනාහරි දේකට හයියෙන් හිනා වෙනකොට ඔයාගෙ ඇස් දිළිහෙන හැටි බලන්න මං ආස වුනා. මං  ඔයාට හැමදාම කියනව වගේ මිනිස්සු වෙන අපි හැමෝම මේ ජීවත් වෙන්නෙ හිතේ තියන හැඟීම් විඳගන්න,විඳින්න කියල. ඉතින් මාත් ඔයා ළඟට වෙලා ජීවත් වුනා ඒ මොහොතෙ.


ඇත්ත, ඒ ‍වෙනකොට ඔයා මගේ වෙලා තිබුණෙ නෑ. ඒ වුනත් මම ඔයාගෙ වුනා මැණිකෙ. ඔයා දැන හෝ නොදැන මං ඔයාව …

ඔහු කවියෙකුද විය.

Image
තාත්තාගෙ දිනපොත් පෙරලලා බැලුවා පහුගිය දවසක. බලන්න කලින් අවසර ගන්න එයා ළග නැති නිසා අම්මාගෙන් අහලා අවසරේ ගත්තා. දෙමළෙන් ලියපු දිනපොත් ගොඩක් තිබුනත් සිංහලෙන් ලියලා තියන පොත් දෙක පිටුවක් නෑර කියෙව්වා. දුකක් විතරක් හිත ඇතුලෙ හිරවුනා වගේ දැනුනා කියෝලා ඉවර වුනාම. 
මේ නිදසැස් ඒ පිටු අතර සටහන් වෙලා තිබුනා.



අද නිදහස් දවසලු
සිංහ කොඩිත් උස්සනවලු
දමා පපුව පෙරට, සිට ගෙන සීරුවට ගයනවලු ජාතික ගීය
අපි හිරේ.. අපිට කොයින්ද ඒ වගේ ජොලියක් !

1997 පෙබරවාරි මස 4 වන දින පලාලි පොලිස් මුරපොලේ දී.


____________________________________


ගම්මානේ කෙලවරේ නිල් විලේ නෙළුම් මල      සැඩ හිරුට ඉඩ දෙමින්___යන්න යයි සුදෝ සුදු කුමුදු මල්
අබල දුබල වූ දිනපති සීතල වූ මහ පොළොව උඩ වැතිරුනා අමාරුවෙන්
වසන්තයේ අරුණෝදය ගෙවී යයි හෙමි හෙමින් ඉකිබිඳිති දුක හිතුනු වැහි බිංදු මහ පොළොව වසා ගෙන
මල් සුවඳක් නම් නොව කවර අතකින් එම් ද මේ සුවඳ වැටහුනේ දැනුයි මට බඩ ගින්නේ වැලි කතරේ උතුරු රණ බිම මැද්දේ යුද වදින විරුවන්ගේ ලේ කඳුළු දා බිංදු සුවඳමයි මේ එන්නේ

________________________________


 නිමා නොවන යුද්ධයකි මේ___ තැලෙන්නේ කවුද  මගේ දරුවන් මිසක ගැහැණ…

මරණයට අයදුමක් - 9 වන පරිච්ඡේදය (අවසන් කොටස)

Image
මුල් පරිච්ඡේද වෙත‍
කාරය ඒ කඳුකර මාර්ගයේ හෙමිහිට ඉදිරියට ඇදෙමින් තිබිනි. හිරු රැස් මදින් මඳ මෝදු වෙමින් තිබුනු ඒ උදෑසන මදන් කාරයේ වේගය මඳක් තීවෘර කලේ ය. "බාප්..පේ...හිමින් යමුකෝ..." ජෝති සිය බාප්පා මදන්ගේ අතේ එල්ලීගෙන පැවසුවා ය. "ඇයි බයද හයියෙන් යනවට""මම නම් බය නෑ.. හැබැයි ජෝති බයයි වගේ.." කෝකිලා ජෝති දෙස බලමින් සිනාසුනාය.   මදන් ජෝති දෙස බලමින්, ජෝති ඔයා බයෙන් වගේ ඉන්නේ ඇයි දුවේ... "හී...හී... තව හයියෙන් යන්න බාප්පේ.. යන්න යන්න තව හයි..යෙ..න්" මදන් සිනාසී, "අන්න එහෙම කියන්නකෝ බබෝ.." කියා ජෝති ගේ සිනිඳු කම්මුලට තට්ටු කලේ ය.
කාරය හඬ නගමින් වංගුවක් පසු කලේ ය. මාර්ගයට එපිටින් වූ ප්‍රපාතය දුටු කෝකිලා තැති ගත්තාය. "ප්‍රපාතයට වැටුනොත්..!" ඇය සිතුවාය. ජෝති තම බාප්පා අසලට තවත් කිට්ටු වී ඔහුගේ මුහුන තමන් වෙත හරවා ගැනීමට උත්සහ කරන අයුරු ඈ දුටුවා ය. "ඇයි ජෝති..." "බාප්පේ... කාර් එක අයිනෙන් ටිකක් නවත්තන්නකෝ... අනේ බාප්පේ.. අනේ.." ඇය සුරතල්  හඬින් ඉල්ලා සිටියා ය. "මොකටද ඉතින් නවත්තන්නේ..." "මම උඩ ඉඳල පහල බල…

මරණයට අයදුමක් - 8 වන පරිච්ඡේදය

Image
1 වන පරිච්ඡේදය 2 වන පරිච්ඡේදය - මුල් කොටස 2 වන පරිච්ඡේදය - අවසන් කොටස 3 වන පරිච්ඡේදය 4 වන පරිච්ඡේදය 5 වන පරිච්ඡේදය 6 වන පරිච්ඡේදය 7 වන පරිච්ඡේදය
වෙලාව උදෑසන  හයයි. ඒ ශෙක්කල් මූඩි වෙතට උදා හිරැ රැස් පතිත වූ වෙලාවයි. අජයගේ කාමරයේ සිට ඔහුගේ මෘත ශරීරය එළියට ගනු ලැබුවේ මරණ පරීක්ෂණය සඳහා එය රෝහල වෙත රුගෙන යාමටය. මෘත ශරීරය සුදු වෑන් රථයට නංවා පිටත් වන විට රථය පසු පසින් ලක්ෂනා විසින් පැද වූ ඇම්බැසඩර් කාරය තුල ජෙගදාම්බාල්, විවේක් හා ගෝකුල් නාත් වාඩි වී සිටියහ. ලක්ෂනා ඉකිඟසමින් කාරය පැදවූ අතර ජෙගදාම්බාල් කාරයට හිස හේත්තු කොට ගෙන දෑස් පියාගෙන සිටියා ය. විවේක් ජනේලයට පිටතින් පෙනෙන පරිසරය බලමින් ගමන් කල අතර ගෝකුල් නාත් තද කල්පනාවක නිමග්නව සිටියේ ය.
ජෙගදාම්බාල් දෑස් හැර ඇඬුම් බර ස්වරයෙන් "මල්ලී..." යනුවෙන් පැවසි ය.
"ඇයි නෝනා..."

"අපි මීට පස්සේ ඒ බංගලාවේ ඉන්නෑ. ඒක ගෙයක් නෙමේ අමු සොහොනක්.අජයගේ වැඩ කටයුතු ඉවර කරල අපි ඔක්කොම වල්පාරෙයි වල තියන වත්තට යනව. කොයිම්බතූර් ගිය මදන්ටයි කෝකිලාටයි මේ ගැන දන්වන්න ඕනෙ. එයාල ඉක්මනින්ම කැඳවන්න ඕනෑ.."
"පොල්ලච්චි පොලීසියට කාර් එකේ අ…

මරණයට අයදුමක් - 7 වන පරිච්ඡේදය

Image
මුල් පරිච්ඡේද

දින තුනක්ම කිසිදු වෙනස්වීමක් නොමැතිව ගතවී ගියේ ය. ගෝකුල් නාත් හා විවේක් දිවා කාලයේ මඳ වේලාවක් නිදා ගනිමින් රාත්‍රී කාලය බංගලා වත්ත අඟලක් නෑර සෝදිසි කලේ ය. නමුත් ඔවුනට සැක සහිත කිසිවක් සොයා ගැනීමට නොහැකි විනි. සිව්වන දින හිමිදිරි උදෑසන තම කාමරය ඉදිරිපිට වූ අසුන් මත වාඩිවී සිගරැට් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ය.
"විවේක් අපි මේ බංගලාවේ ඉන්න නිසා මිනීමරුව තමන්ගෙ උපක්‍රමය මාරු කරල වගෙයි. අපිත් අපේ උපක්‍රමය මාරු කලොත් හොඳයි නේද?"
"ඔව්, ඒක කරන්නේ කොහොමද කියල ඔයාම කියන්න බලන්න"
"අපි ආපහු මැඩ්රාස් යන බව කියල මේ ගමේම හැංගිලා ඉඳල බංගලාව ගැන ඇහැ ගහගෙන ඉමු"
"මිනීමරුව ඒතරම් ලේසියෙන් රවට්ටන්න පුළුවන් වෙයි කියල මමනම් හිතන්නෙ නෑ"
ගෝකුල්නාත්  ස්ථිර හඬින් "අපි තව ටිකක් ඉවසමු" යි පැවසීය.
"මිනීමරුව කොයි වෙලාවේ හරි එළියට එන්න ඕනෑ. අපේ මැරුණු පරීක්ෂක පවිත්‍රන් මේ සිහිවටනය ලඟ පහනක් පත්තු වෙමින් තිබුනු බවත් වළලු සද්දයක් ඇසුනු බවත් මැරෙන්න කලින් කියලා තිබුනා. නමුත් අපි මේ හිටපු දවස් ටිකට අපිට එහෙම දෙයක් ඇහිලවත් දැකලවත් නෑ"
ගෝකුල් නාත…

මරණයට අයදුමක් - 6 වන පරිච්ඡේදය

Image
1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය - මුල් කොටස
2 වන පරිච්ඡේදය - අවසන් කොටස
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
මරණය, ඔහු හඹා ආවේද? ඔහු, මරණය හඹා ගියේද කියන්නට කිසිවකු නොදනී. නමුත් එය එසේ විනි. තම මෙහෙයුම අතරතුරදීම පවිත්‍රන් අභිරහස් ලෙස බංගලාවේ ඝාතකයාගේ ගොදුරක් බවට පත්වී තිබිනි.

කිසිදිනක තමාට පැවරූ රාජකාරියක් අතරමඟ දී අත් නොහරින පවිත්‍රන් ශෙක්කල් මූඩි බංගලාවේ මෙහෙයුමේ දී මියගොස් ඇති බව මැඩ්රාස් පොලීසියට වාර්තා වන විට ගෝකුල්නාත් සිටියේ තම නිල කාමරයේ ය. එය ඔහුට අදහාගත නොහැකි විය. කාකි ඇඳුමින් වසාගෙන සිටි තම හදවත වේදනාවෙන් කීරිගැහෙන බව ඔහුට දැනිනි.

ඔහු දිගු හුස්මක් නාස්පඩු අතරින් පිටකරමින් සිත එක්තැන් කර ගැනීමට වෙර දැරීය. අනතුරුව තොප්පිය පැලඳ තම සගයා වන විවේක්ගේ නිල කාමරය වෙත පය එසවී ය.


                                             ෴*෴


ගෝකුල්නාත් හා විවේක් ශෙක්කල් මූඩි වෙත පැමිණෙන විට උදෑසන දහය වී තිබිනි. සුඛෝපබෝගී රථයෙන් බට පරීක්ෂකවරු දෙදෙනා වෙත පැමිණි උප පරීක්ෂක ඔවුන්ව නිල අයුරින් පිළිගත්තේ ය.
ශෙක්කල් මූඩි අහස වළාකුලින් බරව වැස්සකට සූදානම් වෙමින් පැවතිනි. අසල නවතා තිබූ ජිප් රථයට නගින අතරතුර ව…