25 November 2011

අවසන් හැඟුම...!



 









මස්තිෂ්කය රිදුම් දෙයි,
ඉකි බිඳියි හයිපොතැලමස මගේ..
එහෙත්, අවසන් හැඟුම
පවසමියි වා තලයට...


සොයා   ගිය  ආදරය
සුපිපි කුසුමක් වුවද,
එහි කටු රැදුරැ බව
නොවැටහුනේ මන්ද මට....


ආලය කළෙමි හදින්ම මා
නොවින්දෙමි ඔබේ ආලය බිඳුවකුදු
එයින් කම් නැත,
සොඳුර......


එහෙත් හිත නැවත ගෙන
හිඳින්නට නොහැක මට
දනිමි මම එක දෙයක්,
ඈ වෙනස් වූ නමුදු
මා වෙනස් නොවූ බව.....


ඉතින් අවසරයි ඔබට
සොයා යන්නට තව හදක්,
වචනයකිනිදු අහිතක්
ඔබ කෙරේ නොමැත මට.....


ඉන්න මට මේ ලෙසම
ඉඩදෙන්න තනි වෙන්න
මළවුනුන් අතර හිද,
පතන්නමි හැමදාම


"ආදරෙයි හැමදාම
ඔබ දුන්නු මේ කඳුලට......"

*~නුඹ~*



ජෛව රසායනික
අවියක් වූ;
මගේ ජීවිතය
නිෂ්ක්‍රීය කොට,
මල් වෙඩිල්ලක් තැනූ;
නුඹම......මට
සයනයිඩ් කරලක් විය.....!

22 November 2011

අපි කොහෙන්ද..?

මිනිස්සු ඉස්සර ඉදන්ම හොයපු දෙයක් තමයි අපි ආවෙ කොහෙන්ද කියන එක. ඉස්සර ඉදං හෙව්වට මොකද තාමත් හරි හමං උත්තරයක්  හොයාගෙන නෑ. මිහිතලය,මිහිතලයේ තියන ජීවය,මේ සුන්දරත්වය කිසියම් විදිහක අදෘශමාන සර්ව බලධාරී දෙවිකෙනෙක්ගේ මැවීමක් ද?නැත්තං ඔය කියනවා වගේ අති විශිෂ්ඨ සංකලනයක ප්‍රතිඵලයක් ද?



ඒක එය ලොකුවට කථා කරන විද්‍යාවෙන් නොවිසඳපු ප්‍රශ්නයක්. ඒත් හැම ආගමකම වගේ මිනිස්සු ආවේ කොහෙන්ද ?
නැත්තං, ටිකක් බර වචනෙකින් කිව්වොත් මෙන්න මෙහෙම 'ජීවයේ සම්භවය ඇති වුනේ කොහෙන්ද කියන ප්‍රශ්නෙට අදහස් ඉදිරිපත් කරලා තියනවා. ඒකෙන්  පේන්නෙ, මේ ප්‍රශ්නෙ විසඳගන්න හැම ආගමක්ම වගේ උත්සහ කරලා තියනවා කියන එකනෙ.


පැරණිතම ආගමක් වුණු හින්දු ආගමේ තියන විදිහට නං ජීවය ඇතිවෙලා තියෙන්නෙ විශ්ණු දෙයියන්ගෙ අවතාරයක් වන කුර්මයාගේ පිට මැද මන්දරා පර්වතය තියලා ඒක වටේ නාගයෙන් දවටලා දෙපැත්තට ඇද්දයින් පස්සෙ කිරි මුහුද කැළඹිලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ජීවය ආරම්භ වුණා කියලයි. ඔහොම තමා පොත් වල එහෙම තියෙන්නෙ.




බුදු හාමුදුරැවොත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියනවා. ඒ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන්.



හරි ආගම් කතාව පැත්තකින් තියමු.
ඇත්තටම අපි, නැත්තං ඔබ කවදා හරි හිතලා තියනවද මුලින්ම ජීවය ඇති වුනේ කොහොමද කියලා. නෑනෙ නේද. කවුරැ හරි අහයි එහෙම හිතන්නෙ මොකටද කියලත්.


ඇරිස්ටෝටල් හිතුවලු ජීවය ඇතිවුණේ අජීවී දේවල් වලින් කියලා. ඒ කාලෙ එහෙම හරි හිතුණා ඇරිස්ටෝටල්ට. ඒ කාලෙ එහෙම යරි හිතුව හින්දනෙ මිනිස්සු ඔය ගැන හොයන්න පටන් ගත්තෙ....!
ඉතින් තාමත් මිනිස්සු මේ ගැන හොයනවා...  ගිහින්ම බලන්නකො... ! 

මෙතන click කරන්න
 
මෙතන click කරන්න..



21 November 2011

අපි අපේ විදිහට..

අපි අපි වගේ ගැන...

නම දෙයක් කරන්න් අරමුණක් තියෙන්න ඕනෙ. නැත්නම් කරන්න යන වැඩේ මොකක් වුණත් සාරැථක වෙන්නෙ නෑ. අරමුණක්, එහෙමත් නැත්තම් ඉලක්කයක් නැතිව කරන දේවල් හැම තිස්සෙම අසාර්ථක වෙනවා කියන එක නෙමේ මේ කියන්නේ. එහෙම කරන දේවල් මොනතරම් නම් සාර්ථක වෙලා තියෙනවද. ඒත් සාර්ථක වෙන්න  තියන ඉඩ කඩ ටිකක් අඩුයි.

වැල් වටාරම් ඕනෙ නෑ. මේ හදන්නෙ  “අපි අපි වගේ"   Blog එකේ අරමුණ, එහෙමත් නැත්තම් ඉලක්කය පැහැදිළි කරන්න.

ඉතින් අපි කථා කරමු. කවුරැ ගැනවත් නෙමේ ,අපි අපිම ගැනම.

 ඇත්තටම අපි කවුරැත් වෙන කා වගේවත් නෙමේ, අපි ඔක්කොම අපි වගේ. ඒක පිළිගත්තත් නැතත් ඒක තමා සත්‍ය. එහෙම නැත්තම් ඇත්ත. කවුරැ හරි කියයි "මං ශාරැක් වගේ" එහෙම නැත්නම් "අයිශ්චර්යා වගේ" කියලා. කට කියන්නෙ මමත්වය හැංගීම. හෙම නැත්තම් මමත්වයට බය වීම කියලා. මත්වය කියන්නෙ මොකක්ද. ඒකත් ප්‍රශ්නයක්නෙ.

සාහිත්‍ය පිළිබඳ නොබෙල් තෑග්ග දිනපු හර්මන් හෙස්ගේ "සිද්ධාර්ථ" කියන පොතේ අනුවාදය සුසිල් සිරිවර්දන හා එස්.විජේසූරිය යන ලේඛකයන් දෙපළ ලියලා තියනවා. ඒ පොතේ සටහනක් තමයි පහතින් තියෙන්නෙ. ඔය කියන මමත්වය ගැන අදහසක් ගන්න කෙන් පුළුවන් වෙයි.

ඔබ ඉගැන්වීමෙන් හා ගුරැවරැන්ගෙන් ඉගෙනීමට වුවමනා කළේ කුමක්ද? බොහෝ දේ උගැන්වූ ඔවුන්ට, ඔබට ඉගැන්වීමට නොහැකි වූ ඒ දෙය කුමක්ද? ඔහු තවත් සිතියගඒ මමත්වයයි.එහි තත්වය හා ස්වාභාවයයි මා ඉගෙනීමට අදහස් කළේ.මට මමත්වයෙන් ගැලවීමට එය ජයගැනීමට ඕනෑ කළ නමුත් ඒ නොහැකි විය.මට පුළුවන් වූයේ එය රැවටීමට පමණයි.මගේ ජිවත් විම,මා අන් අයගෙන් වෙන්වූ වෙනස් වූඑක පුදුගලයකු බව, මා සිද්ධාර්ථ බවගමේ ප්‍රෙහෙළිකාව මමත්වය- ඇත්තෙන්ම ලොව කිසිම දෙයකට වඩා මගේ කල්පනාවට භාජනය වී තිබුණි.මා ගැන තරම් සිද්ධාර්ථ ගැන තරම් මා අඩුවෙන් දන්නා අන්කිසිවෙක් ලොව නැත.
ඒ අනුව අපට පේනවා මේ මමත්වය කියන දේ අපි හැමෝම තුළම තියනවා කියලා. ඒක නැති කරන්න නම් රහත් බවට පත් වෙන්නම වෙනවා.

ඉතින් මේ Blog එකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ අපි එහෙම නැත්නම් ඔබ තුළ තිබෙන මමත්වය ඔබට පෙන්නන්න. වැරදියට වටහා ගන්න එපා මමත්වය කියන පොදු ධර්මතාවය නැති කරන්න එහෙම නෙමේ මේ හදන්නෙ.හරිද..

ඒක (මමත්වය) අපි හැමෝටම පොදු දෙයක් වුණාට එක එක්කෙනාට ඒක විවිධයි.
ඔය කියපු දේවල් එකක්වත් නොතේරැණු අයට ඉතා සරලව කියනවනම්
“අපි අපිම ගැන සුන්දර විදිහට හිතන්න අපි අපි වගේ Blog එකෙන් කියලා දෙන එකයි."
                                                                          ෴

මට මතකයි.. එදා ...!

ගේ හීනෙ හැබෑ වුණා. ඔව්.. දැන් ඒක හීනයක් නෙමේ. ඇත්තමයි මට හරි සතුටුයි. අන්තිමට මට ඒක ලැබුණා. මට කෙච්චර නං හීන මැව්වද, කොච්චර නං දුක් වින්දද, ඒවා දන්නෙ මං විතරයි. කමක් නෑ කොහොම හරි අන්තිමට මගෙ උත්සාහය සාර්ථක වුණානෙ. ඒ මට ඇති.


   ඉතින්..එයා මගේ.ඔව් මගෙ විතරමයි..


ම්ම්ම්....අද..අද තමයි  එයා මගෙ දිහා ඒ විදිහට ආදරෙන් බලපු මුල්ම දවස.එයාගෙ සුදු මූණ රතු වුණු හැටි.කෙල්ල මං දිහා බලාගෙන හිටපු හැටි.මොනා ලිව්වද දන්නෑ පොතේ.


මමත් Bio මිස් කියපු Note එක ලියලා නෑ. වෙන මොනවද කුරැටු ගාලා. හෙට එයාගෙන් Note එක ඉල්ලන්න ඕනෙ. මගෙන් ඇහුවොත් ඇයි ඊයෙ කියවද්දි ලිව්වෙ නැද්ද කියලා, මං මොනවා කියන්නද.. එක්කො අකිලයගෙන්ම ඉල්ල ගන්නවා.


නෑ...නෑ  ඇහුවොත් කියනවා ඇත්තම.. නැත්තං එයා හිතයි බොරැ කියලා.
Physics පීරියඩ් එක Free තිබුණු හින්දා හොඳයි. නැත්තං කථා කරන්න බැරි වෙනවනෙ.දෙයියො බැලුවා වගේ කවුරැත් ආවෙ නැති හින්දා බේරැණා. අපේ එඋන් දැක්කනං පාටිත් දෙන්න වෙනවා. ඒත් උන්ට නොකියා බැරි වෙයි. කොහොමත් ආචා මේක ලීක් කරනවා.


මං ඇඳට වෙලා දැන් පැයක් විතර. ඉස්කෝලෙ ගිහින් ආව ගමන් ඇඟ හෝදගෙන අම්මා බෙදලා තිබුණු බත් එක අතට අරන් ඉස්තෝප්පුවට ගිහින් කටවල් දෙකක් තුනක් කාලා කෙලින්ම ආවෙ ඇඳට. අම්මා බලනවා ඇති මේ මොකෑ කියලා. උළුවස්සෙන් එබිලා බලන්න ඇත්තෙ ඒ හින්ද ද කොහෙද..


                                                                            ෴



"ඇත්තටම මං කොච්චර නං කට්ට කෑවද එයාව මගෙ කරගන්න රත්තරන්. ඔයා මට කී පාරක් නං බෑ කිව්වද, ඒ හැම සැරේම මම හිතුවෙ ඔයාව කොහොම හරි ලාබාගන්නවා කියලා විතරයි. ඉතින් ඒක මං කළා."
"මතකද දවසක් ආචයි මායි ,ඔයයි ඩොටියි පන්ති යන්න උදේ බස් එකේ වාඩි වෙලා ඉන්දැද්දි ඔයා කියපු දේවල්..මතක නැතුව ඇති නේද..කමක් නෑ..."
ඔය මොකද ඇස් වල කඳුළු...මං අඞන්න මොකුත් කිව්වෙ නෑනෙ මැණිකෙ.."
"හොඳ ලමයා වගේ ඔය කඳුළු පිහදාගන්න..කෝ ඉන්න මං පිහින්නම්."
''හා..හරි..දැන් ඊයෙ පන්තියෙදි හිනා වුණා වගේ හිනා වෙන්න බලන්න.කෝ..කෝ එහොම බෑ...තව ලස්සනට,අන්න එහෙම..හොඳ කෙල්ල "
"අනේ ආයෙ එහෙම කියන් නෑ කියලා මට පොරොන්දු වෙන්න.
 " Please ධනූ..."
"මං පොරොන්දු වෙනවා රත්තරනේ...පොරොන්දු වෙනවා..ආයෙ ඔය ඇස් දෙකට කඳුළු එන්න දෙන්නෑ මං..."
 අද උදේ එයා එක්ක බස් එකේ Class යද්දි තමයි ඔය කථාව මං කිව්වෙ. ඇත්තටම එයා අඞයි කියලා හිතුවෙ නෑ මං. කෙල්ලට ගොඩක් දුක හිතෙන්න ඇති.


චික්,.. මං වගේ මෝඩයෙක්..ඊයෙ ආදරෙයි කිව්ව කෙල්ලට එහෙම කිව්වහම දුක හිතෙන්නැද්ද..මොන මෝඩ වැඩක්ද මං කලේ...


හරි..,දැන් ඒක වෙලා ඉවරනෙ..කරන්න දෙයක් නෑ. අහරෙ සර් මොනවද කියලා දෙනවා.මං තාම උදේ වෙච්චි සිද්ධියක් මතක් කර කර මනෝ ගහනවා.මටත් පිස්සුනෙ...


දැන්ම මේක හිතින් අමතක කරලා පාඩම අහගන්න ඕනෙ...නැත්නම් මේ සැරෙත් Physics වලට ලකුණු අඩු වෙයි.




පොත දිහා බලාගෙන හිටපු ඇස් දෙක ඈත තියෙන කොළ පාට බෝඩ් එක දිහාට හරවමින් මං එහෙම හිතුවත් වැඩි වෙලා නොරැදීම ඇස් මට අකීකරැ වුණා. ගැණු ලමයින්ගෙ ඩෙස් තිබුණු පැත්තට ඇස් දෙක නොදෑනීම ගිය විත්තිය මට තේරැනේ සර් හයියෙන් ලමයින්ට මොනවද කියද්දි. ඒත් සර් දිහා බලන්න හිත කියද්දිත් ඩෙස් අතර තිබුණු පැත්තට නැමුණු හිසක් දිහා මට බලං හිටියෙ කියන්න බැරි තරම් දුකකින්.


එයා අඞනවා..අනේ මං මේ මොකද කලේ...ඇයි දෙයියනේ මං ඒ කථාව එයාට කිව්වෙ..


හවසට බස් එකේ යද්දි කථා කරන්න පුළුවන් වුණොත් ආයෙම සමාව ඉල්ලනවා. ඒත් උදේ කිව්වනෙ අප්පච්චි එක්කගෙන යන්න එනවා කිව්වා කියලා.


බලමුකො..පන්ති ඇරැන ගමන් දුවලා ගිහින් කියනවා.නැත්තම් නිවාඩු දවස් දෙකේ ඕක කල්පනා කර කර ඉදී..


                                                          මගේ පිස්සු කෙල්ල..


                                                         
                                                                      ෴

18 November 2011

කාක් පිහාටුවෙන්...!

කා!..ක්!..  
අඹ කොළ අස්සෙන් අතු වල නොවැදී නැලෙවෙමින් ආව ලා අළු පාට පිහාටුව වැලි ගොඩ උඩ වැටුණෙ ඒ ගුරැත්වාකර්ෂණ චාරිකාව නතර කරලා. ඒ වගේම සවාරි ගිහිං නතර වුණු පිහාටු සැහෙන්න වැලි ගොඩ හැම තැනම තිබුණා.සමහරක් හුළගට ගහගෙන ගිහිං තිබුණට මොකද, උදේ පින්නට අහු වුණු පිහාටු ඒවයෙ හීං කෙදි දිගඇරලා වැලි ගොඩ බදාගෙන. පින්න හින්දා එහෙම හිටියට ඉර මුදුන් වෙන්න යන ගමන පටන් ගනිද්දිම වගේ පිහාටු වලට වැලි එපා වුණා. එක ගානට තිබුණ හීං කෙදි ආයෙත් කලිං විදිහට හදාගන්න බැරි වුණාට පිහාටු වලට දුකක් නැතුව ඇති. ක්‍රෝටන් අතු අස්සෙන් එන හුළං පාරට පිහාටු ටික නැළවෙන්න ගත්ත හින්දා එයාලා සතුටින් හිටියෙ. ඒත් එයාලා දැන ගෙන ඉන්න හිටියෙ නෑ මල්ලියගෙ හෙම්බිරිස්සාව හොද වෙලා කියලා. උදේ බත් ටික කවා ගන්න අම්මත් මල්ලියත් එක්ක මිදුළට බැස්සෙ බැකෝ එකත් අරගෙනමයි.
"මේ කට කාලා යන්න පුතේ..."
"ආ..ආ...ඔය මොකද කරන්නෙ, වැලි අල්ලන්න එපා ලමයො..
   මේ කට විතරක් කාලා යන්නකෝ.. "
අම්මගෙ කෑගැහිල්ලට මල්ලියා හැරිලවත් බැලුවෙ නෑ.මල්ලියා බැකෝ එකෙන් වැලි හාරනවා.

 ගොඩ වැලි ගෙනාවෙ ඉස්තෝප්පුව හදන්න දැන්නං වැලියි කියලා කියන්න තරං දෙයක් එතන නෑ. චූටි මල්ලියා සෙල්ලං කරන්න වැලි ගොඩට බොරළුයි ක්‍රෝටන් අතුයි අරං.මං බලාගෙන දවසක් වැලි ගොඩේ උමං හාරනවා එයා.මං අහද්දි කියනවා ඒවා කාක් පැටව්න්ගෙ ගෙවල්ලු. හදන්නෙ කාක් පැටව්න්ට ඉන්නලු.අඔ ගහ උඩ බල බලා එහෙම කියද්දි  එයාගෙ කට උල් වෙනවා.
"එතකොට ක්‍රෝටන් අතු මොකටද ඔය ගෙවල් දෙපැත්තෙ ගහලා තියෙන්නෙ.." 
"ඔවා දන්නැද්ද ,ඒ ලස්සන්ටනෙ.."

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය


මිනිස්සු වෙච්චි අපි හැමෝටම සිරැරක් තියනවා. ඒක හැමෝටම පොදුයිනෙ. මගෙ, නැත්නම් ඔබගේ දෙමාපියන් තමයි ඔය සිරැර, එහෙම නැත්තම් ඇග ලබාදෙන්න මූලික වුනේ.

මවගේ ඩිම්බයක් පියාගෙ ශුක්‍රාණුවකින් සංසේචනය වෙලා තමයි ඔබ, මම නිර්මාණය වුණේ. ඒකෙ කියන්න තරම් අරැම පුදුම දෙයක් නෑනෙ, ඒක ස්වභාවිකයි. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඒ සිදුවීමෙ අපූර්වත්වයක් දැක්ක හැකි.
ඇහැට නොපෙනෙන තරම් සෛල දෙකක් මේ තරම් හපන් කමක් කලේ කොහොමද. විමසා බැලිය යුතු දෙයක් අපි හැමෝම. මොකද’ අපි    එහෙම නැත්නම් ඔබ කියන පුද්ගලයා ඇති වෙන්න මූලික පදනම වැටුනෙ අර කලින් කියපු සිදුවීමෙන්.

මම කියන්නෑ ඔබ ඇතිවෙන්න හේතු වුණු එකම කාරණේ ඒක කියලා. මොකද’ මම විශ්වාස කරනවා මිනි‍හෙක් උපදින්න ශුක්‍රාණුවක් හා ඩිම්බයක් විතරක්ම නෙමේ, තමන් ගෙනාපු කර්ම ශක්තියත් අවශ්‍යයි කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකට ඕනෙ ශුක්‍රාණුවකුයි ඩිම්බයකුයි විතරයි කියලා. මම ඒකට මොනවත් කියන්නෑ. මොකද’ ඕනෙ කෙනෙක්ට තමන්ගෙ අදහස් හරියි කියලා හිතන්න අයිතියක් තියනවනෙ. 

ඉතින්’මේ අපූර්ව සිදුවීමෙන් පස්සෙ නිර්මාණය වුණු මේ සිරැර සෛල මහ ගොඩක එකතුවක්. නිකම්ම නිකං සෛල ගුලියක් නෙමෙයි, සජීවී සෛල වලින් සෑදුණු සෛල සංවිධානයක් කිව්වොත් හරියටම හරි.
අද වෙනකොට ඔබ කියන පුද්ගලයා මේ කියපු සෛල සංවිධානය ලෙසින් දකිනව තමයි, ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඔබටම පෙනේවි ඔබ කියන්නෙ, ඔය මං කලින් කියපු සෛල සංවිධානයටම නෙමෙයි කියලා. ඔබ තුළ තව කවුරැ හරි ඉන්නවා කියන එකම නෙවෙයි මං අදහස් කරන්නෙ, ඒත් මේ සිරැරට එහා ගිය දෙයක් තියෙන්න ඕනනෙ, නැත්නම් ඔබ කොහොමද ඔය සිරැර පාලනය කරන්නෙ. මෙහෙම කියන්නත් පුලුවන්, ඔබේ සිරැර තුළ ඔබේ ආත්මය, එහෙම නැත්නම් හිත රැදිලා තියනවා.ඒකෙ තමයි ඔබ කියන පුද්ගලයා ඉන්නෙ. කොහොම කිව්වත්  ඔබ කියන්නෙ ඔබටමයි.ඒකෙ වෙනසක් නෑ.

සිරැර’මේ විශ්මිත නිර්මාණය අද වෙනකොට ඔබ දකින්නෙ මොන විදිහටද?කොහොම දැක්කත් සිරැර ඔබේ ඇට, මස්, ලේ, නහර, සහ තවත් විවිධ දේවල් වලින්නේ සෑදිලා තියෙන්නෙ.


ඒත් අද දවස වෙනකොට ඔබ ඔබේ සිරැර මොනතරම් දේවල් වලින් වසා ගෙන ඉන්නවද, මේ කලින් කියපු දේවල් එකක්වත් නොපෙනෙන තරමටම සිරැර වසා ගෙන අපි හැමෝම. ඊටත් එහා බැලුවොත් පෙනේවි ඔබට ඔබේ සිරැර වසා ගෙන ඉන්න ආවරණය.

ඇත්තටම එයත් සිරැරේ කොටසක්ම තමයි. ඒත් හිතන්න’උදේ හවස නවමින්, පොවමින්, නහවමින්, විවිධ ඇදුම් ආයිත්තම් වලින්, සුවද විලවුන් හා ආලේපනයන්ගෙන් සරසන්නේ ඔය කියන ආවරණය නේද.හිතන්න’ඇයි ඔබ මේ දේවල් කරන්නෙ.කරන්න එපා කියනවා නෙමෙයි,ඇයි කරන්නෙ කියලා අහලා බැලුවොත් තමන්ගෙ හිතින්ම ඔබට හිත කියයි මෙහෙම,  ” ඒක එහෙම තමයි” බලන්න, හිත මහ පුදුම දෙයක්.යථාර්තයට මුහුණ දෙන්න බයයි.ඇයි ඒ කියලා කෙනෙක්ට අහන්න පුලුවන්නෙ,ඒකට උත්තරයක් දෙන්න අමාරැයි අපි හැමෝටම. ආයෙත් ” ඒක එහෙම තමයි” කියලා නිකං ඉන්න තමයි වෙන්නෙ.

වයසට නොයා ඉන්න අපි හැමෝම කැමතියි.කෙනෙක් කියයි මට වයසට යන එක නවත්තන්න ඕනෙ නෑ කියලා.එයාට කවුරැ හරි කෙනෙක් වයස්ගත නොවී ඉන්න පුළුවන් විදිහෙ බෙහෙතක් දුන්නොත් එයා නොබී ඉදීද, නෑනෙ.

ඒ කියන්නෙ වයස්ගත නොවී ඉන්න හැමෝම කැමතියි.ලෝකෙ මේ තරම් උත්සහ කරපු වෙන ක්ෂේත්‍රයක් නැති තරම්....මෙන්න ඔයාලම බලන්න....
.