ඔන්චිල්ලාව

න්තිම සැරේටත්  කඳුළු පිරිලා බොඳ වෙලා තිබුණු ඇස් වැටකෙයියා පඳුරු දිගේ ගිහින් ගේට්ටුව ළඟින් නතර වුනා. ගේට්ටු පළු දෙක හොදටම දිරල ගිහින් තිබුනත් ගාලා තිබුණු සුදු ලැකර් තැනින් තැන ඉතිරි වෙලා තිබුණා.කම්බි කූරු අතරින් බොර පාර වුනු ඇස්පොඩි පාරෙ අනිත් පැත්තෙ තියන දිවුල් ගහ දිහා බලන් ඉන්නෙ ගෙදරට කෙනෙක් එනවනම් මුලින්ම පේන්නෙ එතනින් නිසා.

සඳූගෙ හිත හොඳටම රිදිලා. පුංචි හිතට ඒ හැටි දෙයක් නොතේරුනාට මොකද අද උදේ ඉදන් එයා හිටියෙ දුකෙන්,පාළුවෙන්. ගෙදර මේ වෙන දේවල් ගැන හරියටම මොකුත් කියන්න එයා දැනගෙන හිටියෙ නැති වුනත් ළඟදිම මොකක් හරි ලොකු දෙයක් වෙන්න යනවා කියලා හිත නිතරම කිව්වා. ඒ නිසාම එයා හිටියෙ ගොඩක් බයෙන්.

පුංචි අත් වලින් ඇස් දෙක හොඳට පිහදාලා ඉස්තොප්පුවෙ පඩියෙන් නැගිට්ටෙ අම්මා ළඟට යන්න. අත් වල කඳුළු ඉතිරි වෙලා තියනවා දැක්කොත් අම්මා අහන හින්දා අත් දෙක කලිසම පිටිපස්ස පැත්තෙ පිහදාගෙන සඳූ  අම්මා ගාවට ගියා. ඉස්සර අම්මා කවදාවත් දවල්ට නිදියන්නෑ. අම්මා හොදටම නිදි. ඇහැරවලා එයාට කරදර කරන්න බැරි හින්දා ආච්චි අම්මා ගාවටවත් යන්න ඕනෙ කියලා චූටිට හිතුණා.

                                "ආච්චි අම්මේ ........ ඔයා   කො හෙ   ද . . ‍"

ආච්චි අම්මා කාමරේ හිටියෙ නැති හින්දා හයියෙන් කතා කලාට අන්තිම ටික කිව්වෙ එයාටවත් ඇහෙන්නැති තරම් හිමීට. එහෙම කියනකොටම ඉබේටම වගේ ‍ඇසුත් පුංචි වුනා. අම්මා නිදිනේ කියලා එයාට මතක් වුන හින්දා.

ආච්චි අම්මා මල්ලියත් එක්ක මාමලෑ ගෙදර යන්න ඇති කියලා හිත කිව්වා. ඒ එක්කම එයාටත් හිතුණා එහෙ යන්න ඕනෙයි කියලා. තාත්තා එන වෙලාවට දුවගෙන එනවා කියලා හිතාගෙන සඳූත් පිළිකන්න පැත්තෙන් අඩි පාර දිගේ ඇවිදගෙන ගියා.

සුදු පූසි වෙරළු මුල උඩට වෙලා දිවෙන් ඇඟ සෝදනවා දැක්කත් වෙනදා වගේ ඌව අල්ලන්න හිතුනෙ නෑ. තණ කොළ වලින් බේරිලා නයෙක් වගේ ඇදිල තියන අඩි පාර දිගේ එයා ඇවිදගෙන ඉස්සරහට ගියා.

රට අඹ ගහේ අත්තෙ ලණුවකින් පරණ ටයර්එකක් බැඳලා තාත්තා හදලා දුන්නු ඔන්චිල්ලාව තාම ඒ විදිහමයි. ඒක හැදුව දවසෙ අම්මා එයාව තියන් පැද්දුවා.ඊට පස්සේ ආයෙ පද්දවන්න අම්මට කොච්චර අඬගැහුවත් එයා ඒවා ගනන් ගත්තෙවත් නෑනෙ.ඒ පහුවදා තාත්තත් එක්ක නරක වචන කියාගෙන බැනගත්ත හින්දා වෙන්න ඇති කියලා සඳූට හිතුණෙ එතනින් යද්දිමයි.

සඳූට මතක් වුනා ඔන්චිල්ලාව බඳින්න ටයර් එක ගෙනාව හැටි.අමාරුවෙන් තල්ලු කරනවා කියල පෙන්නන්න තාත්තා මහන්සි මූණක් හදාගෙන ගේට්ටුව ළඟ ඉඳන් එනකොට එයයි මල්ලියයි හිටයෙ ඉස්තෝප්පුවෙ ගිනිපෙට්ටි කෝච්චි යව යව.තාත්තව දැකපු හැටියෙ  දුවගෙන ගිහින් පණ්ඩිතය වගේ ටයර් එක තල්ලු කලාට ටයර් එක ඉස්සරහට ගියේ නෑනෙ.තාත්තාත් කරන වැඩේ දිහා බලාගෙන හිටියට තල්ලුවක්වත් දුන්නෑ.අනේ තාත්තේ... කියල එයා දිහා බැලුවහම තමයි තල්ලු කරන්න ආවෙ. දෙන්නම අඹ ගහ යටට යනකං තල්ලු කරනකොට අම්මා කුස්සියෙ පිළිකන්නෙ ඉඳං ඉනෙ අත් ගහගෙන හිනා වෙවී බලන් ඉඳල ඇහුවා බාසුන්නැහැල දෙන්න බරටම වැඩ වගේ නේද කියලා.

අම්මට ඇයි බැරි වෙනදා වගේ ඉන්න.තාත්තත් දැන් එයාට බනින්නෙ නෑනෙ.උඹ ඕනෙ මඟුලක් කරගනින් මං මොකුත් කියන්නෑ කියල එයා ඊයෙ වැඩපලේ ඉදලා ආවට පස්සෙ කිව්වනෙ. ඉතින් අම්මටත් තියෙන්නෙ වෙනද වගේ ඉන්නනෙ.

ඇස් ආයෙම එයාව රිද්දනවා වගේ එයාට දැනුනා.ඔව් ආයෙම තෙත් වෙලා ඒවා. ඔන්චිල්ලාව ළඟ හිත විතරක් නෙමේ පුංචි කකුලුත් නතර වෙලා තිබුනෙ හිත ආයෙමත් දුකින් පුරවලා. කවුරුත් ළඟ පාතක නෑ කියල දන්න නිසා ඇස් දෙකට ආයෙම තරවටු කරන්න ගියේ නෑ.ඔන්චිල්ලාව ළඟට යන්න එයාගෙ හිත කිව්වා. ටයර් එක ඇතුලෙන් කකුල් දාගෙන ඉඳගෙන ඉන්න ආස වුනත් දාර වලට පස්ස රිදෙන හින්දයි ඉඳගත්තට පස්සෙ කකුල් බිම ගෑවෙන්නෙ නැති හින්දයි ඒ වැඩේ අත ඇරියා.




අම්මා ආයෙ හොඳ වුනාම ඔන්චිල්ලාව පද්දවගන්න ඕනෙ. මල්ලියවත් ඔඩොක්කුවෙ තියාගෙන ඉන්නත් පුළුවන්නේ..

අම්මට ඉස්සර වගේ වෙන්න තව ගොඩක් කල් යයිද දන්නෑ. නෑ.. තාත්තත් හොඳ වෙලා ඉන්න නිසා අම්මත් හොඳ වෙයි ඉක්මනට.

"මට උඹව එපා එපාමයි. මේ දරුවො දෙන්නත් එක්ක මං යනවා කොහෙහරි. මං ගියාට පස්සෙ උඹ ඕනෙ මඟුලක් කරගනින්."

ඒ තාත්තා කෑ ගහන සද්දෙ කියල අදූනගන්න සඳූට මහ වෙලාවක් ගියේ නෑ.අඩි පාර දිගේ පා සලකුනු තියමින් එයා ගෙදර දිව්වා.

ඔන්චිල්ලාව එක තැන කැරකෙමින් ඉඳලා නැවතත් නිසල වුනා.

                                  
                                                                       ෴*෴

Comments

  1. නියමයි මල්ලී. වැඩිපුර ලියවෙන්නේ නැත්තේ මොකෝ ??

    ReplyDelete
    Replies
    1. A/L පන්ති යනවනෙ අයියේ.ඒකයි මේ.විභාගෙ ඉවරවුනු ගමන් එක දිගටම ලියන්න ඕනෙ.

      හසිත අයියට අමතක වෙලා නෑ අහෙනම්.

      Delete
  2. මලයා අළුති ලියන්න ගත්ත විදියේ ලොකු වෙනසක් තියෙනවා.. කලින් කතාව වගේම මේකත් නියමයි.. හොදට ලියමු..

    ReplyDelete
    Replies
    1. මේ කතාව තව ඉදිරියටත් ලියන්න හිතාගෙන අයියෙ.ඇත්තටම ටිකක් වෙනස් තමයි.කතාව ලියන්න මම ටිකක් බයයි.හේතුව පසුවට.

      ස්තූතියි දිනේශ් අයියේ...

      Delete
  3. @ අපි වගේ

    අමතක වෙන්න මැරිලා උපන්නේ නැහැනේ මලයා :D

    ReplyDelete
    Replies
    1. හිකිස්!! ඇත්ත නේන්නම්.

      ආගිය කතා කියවන්නනම් සෑහෙන කාලෙකින් එන්න බැරි වුනා අයියේ. දැන් කතා සෑහෙන්න ගියලත් ඇති නේද.වෙලාවක් බලලා ඔක්කොම කියවන්න ඕනෙ

      Delete
  4. නියම කතාවක් නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන අයියේ..

      Delete
  5. නියමයි මේ ලිවීමේ රටාවනම්...කාලෙකින් තමයි ලිපියක් දැක්කේ..කමක් නෑ මුලින්ම ඉගැනීමේ වැඩ කරගෙන ඉන්න එපැයි :)

    ReplyDelete
    Replies
    1. කතාව තව ඉදිරියට ලියන්න හිතන් ඉන්නෙ අක්කේ..

      පහන් යාය අමතක වෙලා නැතෝ.. අපි එනෝ..

      Delete
  6. ලස්සනයි මල්ලියෝ.ඉගෙනීමේ වැඩ එක..ඊට පස්සේ දිගටම ලියන්න පුළුවන්නේ..

    ReplyDelete
  7. ආවට සටහනක් තියන්න සමහර විටක වෙලාවක් නෑ. තාත්තා පරිවර්තනය කරපු කතා නැද්ද? ඔයාටත් ඒ හැකියාව නම් තියනවා. ඒත් ඒ කතා ගොතන්න.

    ReplyDelete
  8. දිගටම ලියන්න අපි එනවා බලන්න

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

චක්‍රීකරණය මම දැකපු හැටි..!