මරණයට අයදුමක් - 9 වන පරිච්ඡේදය (අවසන් කොටස)


කාරය ඒ කඳුකර මාර්ගයේ හෙමිහිට ඉදිරියට ඇදෙමින් තිබිනි. හිරු රැස් මදින් මඳ මෝදු වෙමින් තිබුනු ඒ උදෑසන මදන් කාරයේ වේගය මඳක් තීවෘර කලේ ය.
"බාප්..පේ...හිමින් යමුකෝ..."
ජෝති සිය බාප්පා මදන්ගේ අතේ එල්ලීගෙන පැවසුවා ය.
"ඇයි බයද හයියෙන් යනවට"
"මම නම් බය නෑ.. හැබැයි ජෝති බයයි වගේ.." කෝකිලා ජෝති දෙස බලමින් සිනාසුනාය. 
 මදන් ජෝති දෙස බලමින්,
ජෝති ඔයා බයෙන් වගේ ඉන්නේ ඇයි දුවේ...
"හී...හී... තව හයියෙන් යන්න බාප්පේ.. යන්න යන්න තව හයි..යෙ..න්"
මදන් සිනාසී, "අන්න එහෙම කියන්නකෝ බබෝ.." කියා ජෝති ගේ සිනිඳු කම්මුලට තට්ටු කලේ ය.

කාරය හඬ නගමින් වංගුවක් පසු කලේ ය. මාර්ගයට එපිටින් වූ ප්‍රපාතය දුටු කෝකිලා තැති ගත්තාය. "ප්‍රපාතයට වැටුනොත්..!" ඇය සිතුවාය. ජෝති තම බාප්පා අසලට තවත් කිට්ටු වී ඔහුගේ මුහුන තමන් වෙත හරවා ගැනීමට උත්සහ කරන අයුරු ඈ දුටුවා ය.
"ඇයි ජෝති..."
"බාප්පේ... කාර් එක අයිනෙන් ටිකක් නවත්තන්නකෝ... අනේ බාප්පේ.. අනේ.."
ඇය සුරතල්  හඬින් ඉල්ලා සිටියා ය.
"මොකටද ඉතින් නවත්තන්නේ..."
"මම උඩ ඉඳල පහල බලන්න හරි ආසයි බාප්පේ.. ගස් එහෙම චූටියටනෙ පේන්නේ.."
"එපා දුව අපිට පරක්කු වෙයි" කෝකිලා මැදිහත් විය.
"අ..නේ... විනාඩි පහයිනෙ පුංචි.. අනේ ඉතින්..."
"හොඳයි හොඳයි එහෙනම් විනාඩි පහයි හොඳද" කියමින්ම මදන් රථය පාර අයිනේ ප්‍රපාතට ආසන්නව නැවැත්වීය.
"එන්ජිම නවත්තන්න එපා බාප්පේ... කාර් එකේ ඉන්න ගමන්ම බලලා යමු. කෝ ඉන්න...මම බාප්පගේ ඩ්‍රයිවින්  සීට් එකට එනවා"
කෝකිලා ක්ෂනයකින් බියට පත් වූවා ය.

"මෙයා මේ ගමන එක්කන් ආපු එක වැරදියි. අපි දැන් කොයිම්බතූර් යනකොට මඟුල් ගෙදර ඉවර වෙලා තියේවි." ඇය සිතුවා ය.

තමා දෙස නොරුස්සන සුළු මුහුනින් යුතුව බලා සිටින පුංචි දෙස බලා ජෝති,
"සොරි පුංචි අම්මේ... තව විනාඩි දෙකක්"

ජෝති රියදුරු අසුනේ හුන් මදන්ගේ ඇකයට පැන පහතින් පෙනෙන ප්‍රපාතය දෙස එබී බැලී ය. ගල් කුළු හා කුඩාවට පෙනෙන ගස්කොලන් දෙස උමතු ආශාවකින් ඈ බලා සිටියා ය.


"බාප්පේ.. අපි තුන් දෙනාම මෙතැන ඉඳල පහලට වැටුනොත් මොකක් වෙයිද?" ජෝති බාප්පාගෙන් විමසීය.
"ඒයි කෙල්ලේ... නරක කතා කියන්න එපා.. ඔයාගෙ අම්මා ගිය තැනට ඔයාට ඕනැනම් යන්න. අපි එන්නෙ නෑ.."

අම්මා යන වචනය ඇසුනු සැනින් ජෝති මහ හඬින් හඬන්නට පටන් ගත්තා ය. ඇගේ මුහුන යක්ෂාරූඩ වූවකු ගේ මෙන් විය. ඇය දෑස් අත්ලෙන් තද කරගෙන තදින් තෙරපන්නට වූවා ය.
"මම ඔයාල දෙන්නවත් අම්ම ගිය ලෝකෙට එක්ක එනවා කියලා අම්මට පොරොන්දු වුනා.."
"මොකක්ද උඹ කිව්වේ..."

"ඇත්තමයි පුංචි අම්මේ..."
"බලන්න මදන් මේ ලමයා කියන දේවල්" කියමින් කෝකිලා මදන් දෙසට හැරුනා ය.
ඒ සුළු මොහොතින් ජෝති තම සිඟිති පය ඇක්සලේටරය මත තබා තද කලා ය. කාරය එකවරම ඉදිරියට ඇදී ගියේ ය.
"අයියෝ........"
ගුවන් ගැබ සිසාරා ඒ හඬ ගිගුම් දුන්නේ ය.
"අම්..මා......."
ජෝතිගේ සියුමැලි හඬද ඒ හා මුසුව ඇසිනි. නමුත් ඇගේ මුහුන මත භයංකාර සිනාවක් මිස බියක ලකුණකුදු නොවීය.

කාරය ප්‍රපාතය මතින් ගුවනේ ඉගිල ගියේ ය.



                                       ____ සමාප්තයි____



මරණයට අයදුමක් රහස් පරීක්ෂක කතාව මෙතනින් අවසන් වෙනවා. 

නෑ... කතාව අපි අපි වගේ බ්ලොගයෙන් අවසන් වුනාට මෙතනින් මේ කතාව තවත් තැනකට යනවා. ඒ අච්චු අකුරු තියන සුදු පාට පිටු අතරට. එහෙම ගෙනියන්න තව ටික කාලයක් යයි. නමුත් කවරදාක හරි මරණයට අයදුමක් පොතක් වෙයි. ඒක තමයි තාත්තගෙ හීනය. ඒ හීනය මගෙයි දැන්. ඒ හීනෙට ලං වෙන්න වචනෙකින් හරි උදව් කලේ කියවන ඔයාලා.

                                          ඉතින් යාළුවනේ ඔයාලට ස්තූතියි...

Comments

  1. ජෝති කොහොමහරි වැඩේ කර ගත්තා නේද එහෙනම්. අමුතුම විදිහට කතාව ඉවර වුනේ. ලස්සන කතාව මොනවා වුනත්. පොතක් විදිහට පල කරන්න. අනිවාර්යයෙන් ගන්නවා පොත. :))

    ReplyDelete
    Replies
    1. ජෝති එයාගෙ හිතේ තිබුනු වෛරය කොහොමහරි පිරිමහගත්තා තමයි.

      අක්කත් මේ කතාව මුල ඉදන්ම කියවලා නේද.කෝ අනුපාගේ කතා ප්‍රමාද මොකෝ.. කීප සැරයක් ගිහින් බැලුවා.

      Delete
  2. හිතපු නැති විදියට කතාව ඉවර උනේ ,පලිගැනීම මිනිසුන්ව තිරිසනුන් කරනවා අනිවාර්යෙන්ම ....

    කොහොමහරි ඕක ප්‍රින්ට් කරන්න හොද අලෙවියක් තියේවි ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි.ජෝති පොඩි ලමයෙක් වුනත් එයා තුලත් පලිගැනිමේ චේතනාව තිබුන එක පුදුමයි.සමහර විට එහෙම වෙන්න ඇත්තේ එයා වටේ හිටි වැඩිහිටියො කරපු මිනීමැරුම් දැකල වෙන්න ඇති.

      ප්‍රින්ට් කරනවා අයියේ කතාව.විකිනේවි තමයි.නමුත් අලවිය බලාගෙන කරන්න පුළුවන්නම් මේ වෙනකොට මේ පොත ඔයාලා අරගෙන කියවලා.කෙනෙක් ඉල්ලලා තිබුනෙ පොතේ අයිතිය ගන්න. ඒත් එහෙම කරන්න බෑ.තාත්තා කැමති වුනේ එයාගෙ නමින් මේ පොත එළියට දාන්නනෙ. ඒක මම ම කරන්න ඕනෙ.

      Delete
  3. මාර අවසානයක් නේ. මම හිතුවෙ ජෝති අහුවෙයි කියලා. නියමයි මල්ලි. ඔබේ පියාට බොහොමත් පින්. ඔයාටත් බොහෝම ස්තුතියි මේ කතාව පල කලාට.

    ReplyDelete
    Replies
    1. ජෝතිව අහුවුනානම් කතාව තව දික් වෙනවා.අන්තිමට කොහොමත් ශෝකාන්තයක්නෙ.

      ක්සැන්ඩර් අයියටත් ගොඩක් ස්තූතියි.

      ආ... කෝ හිට්ලර් ගැන ලියන එක නැවැත්තුවද? ලියන්නැතුව ඉන්න එපා අයියේ ලියන්න හොදද.

      Delete
  4. හරිම ලස්සනයි...හරිම අපුරුයි කතාව නම්...

    මේක මල්ලි පොතක් කරන්නම ඔනේ..තාත්තගේ එ හිනේ හැබැ කරන්න ..මේක හරි අපුරු ලස්සන කතාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිම්ශා අක්කේ.. ඔන්න ඔයාටත් පොතක් හම්බවෙයි. :)

      Delete
  5. හිතුවෙවත් නැති අවසානයක්..! ඇත්තටම හරි ලස්සන පරිවර්තනයක්.. අපූරු කතාවක්.. කතාව පුරාම කුතුහලය සැකය හැම අතකම..

    තාත්තගෙ හීනෙ හැබෑකරන්න හදවතින්ම සුබ පැතුම්..! ප්‍රින්ට් කරලා ඉවරවුණාට පස්සෙ ඒ බව දැනුම් දෙන්න.. අපිත් ඉන්නෝ ආසාවෙන්... ඒ පොත අරන් කියවන්න.. :)

    ReplyDelete
    Replies
    1. ආ.. නන්ඳුත් ඉන්නෙ ඇවිත්.

      හිතාගෙන ඉන්නේ පොත ප්‍රකාශ කරන එක බ්ලොග් යාළුවෝ ටික එකතු කරගෙනම කරන්න.සැනකෙලිය දවසක වගේ..

      අනිවාර්යෙන් නන්දුට කියනවා..නැතුව කොහොමද :)

      Delete
  6. අන්තිමේ ජෝති එයාගේ පළි ගැනිම සම්පූර්ණ කලා... කලින්ම දැන ගත්තනම් ජීවිත කීයක් නම් ගැලවෙන්න තිබ්බද?

    අපුරු කතාව මලයා.. තාත්තගේ හීනේ මේ විදිහට ගෙනාපු එක ගැන අවංකවම සතුටුයි.. පොතත් ගහන වැඩේ ඉක්මනට කරන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් අයියා..

      ඉක්මන් කරන්න ඕනෙ ඒ වැඩේ. විභාගෙ ලියලා ඉවරවෙන්න ඕනෙ මොනා කරන්නත්

      Delete
  7. ලස්සන කතාව මල්ලි.
    දෙමල අයගේ සිතිවිලි අදහස් දන ගන්න ඔයාලගේ තාත්තා වගේ අය ඉන්න ඕනිම කාලයක් මේක..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා.තාත්තා ඒ කාලෙත් කියනවා මට මතකයි මේ යුද්දේ ඉවර කරන්න ඕනෙ සටන් කරලා නෙමේ ඒ මිනිස්සුන්ගෙ හිත් තේරුම් අරන් ඒ අයගෙ ප්‍රශ්ණ වලට විසදුම් දීලයි කියලා.

      Delete
  8. ළමා මනසක් ඒ වගේ කුරිරු වෙන්න අම්මාගේ මරණෙන් කොච්චා බලපෑමක් වෙන්න ඇත්ද ??

    …දමිළ සාහිත්‍ය අපිට කියවන්න වෙනවා හරිම අඩුයි. ඒකට අපිට අවස්ථාවක් දුන්නාට ස්තුතියි. පොත් එළිදක්වන දවසත් කියන්න. පොත මුලින කියවපු අය විදිහට අපිත් එන්න එපැයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හසිත අයියේ..

      ආ... බ්ලොග් අවකාශයේ යාළුවො සේරම එකතු කරලා තමයි මේ පොත එළිදක්වන්නෙ.හසිත අයියත් අනවනෙ නේද. හැබැයි දැන්ම නෙමේ ඔන්න.

      Delete
  9. ලස්සන කතාවක්. නොහිතපු අවසානයක් :( පොඩි ලමයිටත් කරන්න පුළුවන් දේවල්.

    කවදාහරි ඔයාගේ හීනය සැබෑ කරගන්න පුළුවන් මල්ලි. ඔයාගේ තාත්තටත් පින් අපිට මේ කතාව කියවන්න සැලස්සුවට...

    ReplyDelete
  10. කතාව දැක්කේ අවසාන කෑල්ලෙන් ඉතුරු ටිකත් කියවන්නම්

    ReplyDelete
  11. ලස්සන කතාව! වෙන කතා නැද්ද?.....
    මල්ලි මට ඔයාගේ ඊ මේල් ලිපිනයයි දුරකතන අංකයයි ලැබෙන්න සලස්සනවද?
    මම හිතන්නෙ ඔයාගෙ හීනෙ එච්චර දුර නෑ කියලා.

    ReplyDelete
  12. අනේ මම හිතුවා ජෝති යන වාහනය පොලිසියෙන් අල්ලලා නවත්තලා කට්ටියව බේරගනියි කියලා.අමුතුම කතාවක් අමුතුම විදියට ඉවර වෙලානේ.මම ආසයි තව ගොඩක් කල් මේ කතාවත් එක්ක ජීවත් වෙන්න තිබ්බානම්.කොටස් මෙච්චර දැම්මයි කියලා නිකමටවත් දැනුනේ නෑනේ...

    අනිවාර්යෙන්ම තාත්තගෙ හීනෙ හැබෑකරන්න.මෙතනින් නවතින්න එපා.මේ වගේ තව පොත් හොයාගෙන දිගටම පරිවර්තනය කරමු...

    ReplyDelete
  13. හම්මා මම පරක්කු උනා..අද තමයි කොටස් 3ක්ම කියෙව්වෙ...කතාව ගියෙ හිතුවෙවත්නැති පැත්තකටනෙ...කොහොම උනත් ගොඩක් ලස්සනයි..තාත්තගේ බලාපොරොත්තුව ඉක්මනට ඉෂ්ඨ කරන්න

    ReplyDelete
  14. ම්ම් අදත් ආව අන්තිම කොටස බලල යන්න...ගොඩක් ආසාවෙන් කියෙවුව ඔක්කොම ටික..ඔයාටයි ඔයාගෙ තාත්තටයි පිං සිද්ද වේවා අපිට මේ වගේ පොතක් කියවන්න ලබා දුන්නට...

    ReplyDelete
  15. නියමයි සහෝ කතාව ඔයා ආපහු පාරක් අකුරු කරා එක කොච්චර අමාරු වැඩක් ද කියලා අපි දන්නවා.ඔයාගේ හීනේ සැබෑ වෙන්න අමාරු එකක් නෙවේ ඒක සැබෑ කරගන්න මගෙන් සුබ පැතුම්!

    ReplyDelete
  16. ගොඩක් ස්තූතියි අන්තිම පරිච්ඡේදය වෙනකම් මේ කතාව එක්ක රුදිලා හිටියට ඔයාලා හැමෝටම. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. ඒ නිසා තව ලිපි ලියන්න ටිකක් කල් යයි.

    ස්තූතියි නැවතත්.

    ReplyDelete
  17. මේ කතාව පොතක් විදියට පල කරන්න ඉක්මනින් ම හැකි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...

    ~C~

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!