මරණයට අයදුමක් - 8 වන පරිච්ඡේදය

1 වන පරිච්ඡේදය

වෙලාව උදෑසන  හයයි. ඒ ශෙක්කල් මූඩි වෙතට උදා හිරැ රැස් පතිත වූ වෙලාවයි. අජයගේ කාමරයේ සිට ඔහුගේ මෘත ශරීරය එළියට ගනු ලැබුවේ මරණ පරීක්ෂණය සඳහා එය රෝහල වෙත රුගෙන යාමටය. මෘත ශරීරය සුදු වෑන් රථයට නංවා පිටත් වන විට රථය පසු පසින් ලක්ෂනා විසින් පැද වූ ඇම්බැසඩර් කාරය තුල ජෙගදාම්බාල්, විවේක් හා ගෝකුල් නාත් වාඩි වී සිටියහ. ලක්ෂනා ඉකිඟසමින් කාරය පැදවූ අතර ජෙගදාම්බාල් කාරයට හිස හේත්තු කොට ගෙන දෑස් පියාගෙන සිටියා ය. විවේක් ජනේලයට පිටතින් පෙනෙන පරිසරය බලමින් ගමන් කල අතර ගෝකුල් නාත් තද කල්පනාවක නිමග්නව සිටියේ ය.

ජෙගදාම්බාල් දෑස් හැර ඇඬුම් බර ස්වරයෙන් "මල්ලී..." යනුවෙන් පැවසි ය.

"ඇයි නෝනා..."

"අපි මීට පස්සේ ඒ බංගලාවේ ඉන්නෑ. ඒක ගෙයක් නෙමේ අමු සොහොනක්.අජයගේ වැඩ කටයුතු ඉවර කරල අපි ඔක්කොම වල්පාරෙයි වල තියන වත්තට යනව. කොයිම්බතූර් ගිය මදන්ටයි කෝකිලාටයි මේ ගැන දන්වන්න ඕනෙ. එයාල ඉක්මනින්ම කැඳවන්න ඕනෑ.."

"පොල්ලච්චි පොලීසියට කාර් එකේ අංකෙ දුන්නා. තව ටිකකින් පොලිච්චි වලින්  එයාලව නවත්තල ආපහු එවාවි."

ලක්ෂනා ඇඬුම් ස්වරයෙන් සිය කටහඬ අවදි කලා ය.

"මිස්ටර් විවේක් අපි කාටවත් වරදක් කරපු අය නෙමෙයි. කවුදෝ අපිව ඉලක්ක කරගෙන එක එක්කෙනා මරල දානවා. ඔයාල දෙන්නා අපේ බංගලාවෙ ඉන්න වෙලාවෙයි මගෙ අයියට මේ දේ සිද්ධ වුනේ.."

"මිනීමරුව අල්ලගන්න පුළුවන් ලක්ෂනා.."

ලක්ෂනා මඳක් කේන්ති ස්වරයෙන්,

"කවද්ද සර් අල්ලගන්නේ... අපිවත් මරල දැම්මට පස්සෙද?"

විවේක් ඇයට පිලිතුරක් දීමට ප්‍රථම වෑන් රථය රෝහල් ගේට්ටුව පසුකර පෝටිකෝව යට නතර කෙරෙනි.
ලක්ෂනා කාරය මඳක් එපිටින් නතර කලා ය. විවේක් හා ගෝකුල් නාත් මෘත ශරිරය පිළිබඳ අදාල කටයුතු සිදු කිරිම සඳහා කාරයෙන් බැස රෝහල තුළට ගමන් කලේ ය.

 ලක්ෂනා සිය මව දෙස බලමින්,

"අම්මා..."

"ඇයි දුව"

"ඔයා ඉස්පිරිතාලෙ ඉන්න මම ආපහු ගිහින් තාත්තව බලන්න ඕනෙ. මරණ පරීක්ෂනෙ ඉවර වුනාම මට ටෙලිපෝන් කරන්න මම එන්නම්."

"තාත්තගෙ ආරක්ෂාවට දැන් එහෙ පොලීසිය ඉන්නවා. ඔයා දැන් යන්න හදන්නෙ ඇයි දුව. මට සිහියත් හොඳමදි. මේ වෙලාවේ ඔයා මාව දාලා යන්නෙ ඇයි දුව" යි කියමින් ජෙගදාම්බාල් සිය දියණියගේ අත වැරෙන් අල්ලා ගත්තා ය.

"නෑ අම්මා.. අපි ගෙදරින් එළියට එනකොට තාත්තා හරි දුකෙන් වගෙයි බලාගෙන හිටියේ.. මේ වෙලාවෙ අපි කවුරු හරි තාත්තා එක්ක ඉන්න ඕනෙ. මම ගිහින් පැය භාගෙකින් එන්නම්."

"එහෙනම් ඉක්මනට එන්න දුව"

ලක්ෂනා ජෙගදාම්බාල් සනසා කාරය පණගන්වා වේගයෙන් ඉගිල ගියා ය.උදෑසන ජනගහනයෙන් තොරව තිබූ ෂෙක්කල් මූඩි මහාමාර්ගයේ විනාඩි දහයක වේගයෙන් ගමනකින් අනතුරුව කාරය බංගලා ගේට්ටුව පසුකර පෝටිකෝව යට නතර කෙරිනි. පෝටිකෝවේ රැදී සිටි පොලිස් නිලධාරීන් දෙස  නොබලාම ඇය ඇගේ පියා සොයා උඩුමහලට දිව ගියා ය. අතර මඟ හිටි හැටියේම යමක් මතක් වූ ලෙසින් අජය ගේ කාමරයේ දොර විවර කර එතුලට ගියා ය.

කාමරය තුළ වූ ලී අල්මාරිය විවෘත කර එය පරීක්ෂා කිරීමට පටන් ගත්තා ය. එතුලින් නැවුම් කපුරු සුවඳක් වහනය විය.

අල්මාරියේ තට්ටු මත නවා තබා තිබූ අජයගේ ඇඳුම් ඇඳ දමමින් ඇය යමක් සොයයි. විනාඩි දහයක දැඩි සෝදිසියකින්  පසු ඒ කුඩා දින පොත ඇය සොයා ගත්තා ය. ඇගේ මුහුණ තුලින් සියුම් සතුටක සේයාවක් කඳුළු අතරින් මතු විනි.

ඇය වේගයෙන් දින පොතහි පිටු පෙරලුවා ය. ඇය පොත පෙරලූ වේගයට එහි සමහර පිටු ගැලවී විසිවිනි. දින පොතේ අවසන් පිටුවට අලවා තිබූ ඒ කාන්තා සේයාරුව පිටුවත් සමඟින් ඉරා තම බ්ලවුසය තුල සඟවා ගත් ඈ එළියට ඇඳ දැමූ සියලු දේ නැවත අල්මාරිය තුලට ඔබා කාමරයෙන් පිට වී යන අදහසින් ආපසු හැරුනා ය.

පුදුමයකි! විවේක් දොර අසල දෑත් පිටුපසට රඳවාගෙන මඳ සිනාවකින් යුතුව රැඳී සිටියේ ය.

"විවේක්...!!"

විවේක් තම සිනාව පාලනය කරමින්,

"මේ පොලිස්කාරයෝ බොහොම නරකයි ලක්ෂනා.. ඒ අයට සැක හිතෙන විදිහට කිසිදෙයක් කරන්න හොඳ නෑ. ඔයා ඉස්පිරිතාලේ ඉඳල හදිස්සියෙම පිටත් වෙන වෙලාවෙ මම දොස්තර මහත්තයාගෙ ස්කූටර් එක ඉල්ලගෙන ඔයාව ෆලෝ කලා. නමුත් ඔයා බොහොම වේගෙන් කාර් එක එළෙව්වා. කමක් නෑ.... දැන් කියන්න  අජයව මැරුවෙ මොකද කියල. මීට කලින් අර සුපවයිසර්ල තුන් දෙනාව මැරුවෙ මොකද කියල.."

"නෑ...නෑ...."

ලක්ෂනා බියෙන් කෑ ගැසුවා ය.

"මොකද නෑ කියන්නේ..?"

"මම කාවවත් මැරුවෙ නෑ..."

"ඔයා මැරුවෙ නැත්නම් අජයගේ අල්මාරිය අවුස්සල දිනපොතක් හොයාගෙන ඒකේ සමහර කොල ඔයාගෙ හැට්ටේ අස්සේ ගහගත්තේ මොකටද? ඩයිරියෙ අලවල තිබුණු අර ‍ෆොටෝ එක ඉරල ගත්තෙ ඇයි ? ඒ ෆොටෝ එකේ හිටියෙ කවුද? ඔයා මොකක් හරි ලොකු වරදක් කරනවා ලක්ෂනා...."

"ඒ....ඒ... ඒක..."

"කියන්න... කියන්න"

ලක්ෂනා තම බ්ලවුසය තුළ වූ දේ එළියට ගත නොහැකි වනසේ පපුව දෑතින් තද කරගත්තා ය.

"ඒ ෆොටෝ එක මට දෙනව ලක්ෂනා... නොදුන්නොත් මේ මොහොතෙම පොලීසිය මෙතන්ට කැඳවන්න මට පුළුවන්."

"එපා....!" කියමින් ලක්ෂනා මෙතෙක් වේලා තම බ්ලවුසය තුළ සඟවාගෙන සිටි සේයාරුව ඉන්ස්පෙක්ටර් වරයා වෙත දිගු කලා ය. විවේක් ඒ සේයාරුවට දෑස් යොමු කලේ ය.

ඒ දුටුවන් මන්මත් කරන සුන්දර යුවතියකගේ සේයාරුවකි. එහි පිටුපස 'ඔබට මම ආදරෙයි රෑපිකා' යනුවෙන් සටහන් කොට තිබිණි. විවේක් ලක්ෂනා දෙසට හැරී,

"කවුද මේ රෑපිකා..? රෑපිකාත් අජයත් අතර තියෙන සම්භන්දෙ මොකක්ද?"

"ඒ දෙන්නා ආදරේ කලා.."

"අජය විවාහවුනු කෙනෙක්. රෑපිකා ඒ බව දන්නවද? අජය රෑපිකා විවාහ කරගන්න   හදන වෙලාවේ එයාගෙ කලින් බිරිඳ ලීලාවතී හරස් වුනා නේද?"

"හ්ම්... ඔව්"

"මම හිතන විදිහට ලීලාවතී සාමාන්‍ය කෙනෙක්. තේ වත්තෙ වැඩකරන කෙනෙක් බඳිනවට ඔයාලෑ අම්මා තාත්තා කැමති වුනේ නෑ නේද?"

"ඔව්"

"හොඳයි දැන් කාරණේට බහිමු. ඔයා ඔයාගෙ අයියව මැරුවෙ ඇයි?"

"මම මැරුවෙ නෑ..."

"එහෙනම් කවුද මැරුවේ... කියන්න බලන්න."

ලක්ෂනා ඔහුගේ පැනයෙන් නිරුත්තර වූවා ය.

"ඔයා මෙහෙදි මේ ගැන කියන්න කැමති නෑ  වගෙයි. එහෙනම් අපි පොලීසියට යමුද? මම ජිප් එකට කතා කරන්නම්" කියමින්  විවේක් දුරකථනය අතට ගත්තේ ය.

"එපා මිස්ටර් විවේක්...."

"එහෙනම් මට ඇත්ත කියන්න"

ලක්ෂනා තම වෙව්ලන දෙතොලින් කතාව ආරම්භ කලා ය.

"මාස තුනකට කලින් දවසක ලීලාවතී ජීවත්ව ඉන්න කාලෙ මගෙ ලොකු අයියා අජයත් දෙවැනි අයියා මදනුත්, මගේ නෑනා කෝකිලාත් ඉස්තෝප්පුවේ වාඩිවෙලා කතා කර කර හිටියා. මම නිකමට ඒ පැත්තට යනකොට එයාල කතා කරමින් හිටපු දේවල් මට ඇහුනා. ලීලාවතී ඒ වෙලාවෙ එතැන හිටියෙ නෑ. ලීලාවතීට විෂ බෙහෙතක් විඳල එයාව ඉවර කරල වතු කාරයෙකුගේ දුවක් වන රෑපිකා විවාහ කරගන්න එක ගැන එයාල කතා කරමින් හිටියා. මම කාමරේට ඇතුල් වෙනකොටම එයාල තිගැස්සුනා. ඒ වෙලාවෙ අජය අයියා කිව්වා ලීලාවතී බැන්ඳෙ ආසාවට බවත් දේපලත් එක්ක මේ ගෙදරට එන්න ඉන්න රෑපිකාට බාධාවක් වෙලා ඉන්න ලීලාවතීව ඉවර කරන්න ඕනෙ කියලා. ඊළඟ සතියේ මම ගෙදර හිටියෙ නෑ. ඒ සතියෙ ලීලාවතී විෂ උණක් හැදිලා මැරුණ කියල ගම පුරාම ප්‍රචාරයක් කලා. අජය  තමන්ට එල්ල වෙන සැකයෙන් බේරෙන්න බංගලාව පිටිපස්සේ සිහියවටනයකුත් පිළිමයකුත් හදලා ඒකට වත් පිලිවෙත් කලා" කියමින් නොනවත්වා කරගෙන ගිය කතාව මඳක් නවතා ලක්ෂනා ගැඹුරු හුස්මක්  ගත්තා ය.

"අපේ අම්මත් තාත්තත් මේ ගැන දන්නෙ නෑ.මේ ගැන පොලීසිය දැනගත්තොත් පවුලට අවමානයක් වෙයි කියල මම කාටවත් කිව්වෙ නෑ. නමුත් ලීලාවතීට විෂ බේත් විද්ද එක  ඒ කාගෙ  හිටපු සුපවයිසර් කෙනෙක් කොහොමහරි දැනගත්තා. එයා අයියව බ්ලෙක්මේල් කරන්න පටන් ගත්තා. මදන් අයියා එළියෙ සුපවයිසර්ගෙ කාමරේ කරන්ට් වයර් වලට මොනවද කරල සුපවයිසර් ඒකට මාට්ටු කරල කරන්ට් වැදිල මැරුනු විදිහට වැඩේ කලා. නමුත් එයාට පස්සේ ආපු සුපවයිසර් ඇත්තටම කුරුදියාරු ඇලේ වැටිල තමයි මැරුනෙ."

දැන් සති දෙකකට කලින් අජය අයියා මුරකාරය ගැන සැක කරන්න පටන් ගත්තා.මදන් අයියත් එක්ක එකතු වෙලා මුරකාරයා ජීවතුන් අතර තියන්න හොඳ නෑ කියලා මුරකාරයව මරල දැම්මා" කියමින් ලක්ෂනා නැවතත් කඳුළු සලන්නට පටන් ගත්තා ය.

"මුරකාරය මරල දාපු දවසෙම තමයි  පවිත්‍රන් වත්තෙ වැඩ ඉල්ලගෙන ආවේ. අයියල එයා වත්තෙ වැඩට ගිය වේලාවෙ එයාගෙ පෙට්ටිය අවුස්සල බලලා එයා පොලිස් නිලධාරියෙක් බව දැනගත්තා. ඊට පස්සේ අයියල එයාගෙ ඉරණමත් විසඳුවා."

විවේක් තම කලිසමේ සාක්කුවට අතයවා එතුලින් සිගරුට් පැකට්ටුවක් ගෙන එයින් එකක් දෙතොලෙහි තබා දැල්වී ය.

"ඉතින්.. ඉතින්... අජයව මරලා දැම්මේ කවුද?"

"ඒක මම දන් නෑ විවේක්. අජයගේ මරනය ගැන පරීක්ෂණ පවත්වනකොට ඔයාල මේ කාමරේ පරීක්ෂා කරනබව මම දන්නවා. මේ කාරණේ හින්දා මේ ඩයිරිය ඔයාලට අහුවෙලා රෑපිකාගේ කතාව එළියට එන හින්ද මේ කාරණේට මගෙ දෙවැනි අයියාවත් එයාගෙ බිරිඳවත්  කාරදරේ වැටෙයි කියලයි මම මේ දිනපොත අරගෙන විනාශ කරල දාන්න හිතුවෙ. ඒත් මගේ හදිස්සිය නිසා සේරම ඔයාට අහුවුනා."

"මදන්ගේ කාමරේ කෝක ද?"

"එන්න පෙන්වන්නම්"

ලක්ෂනා විවේක් කැඳවාගෙන මදන්ගේ කාමරය ‍අසලට යනවාත් සමඟම විවේක් නැවතුනේ ය. ඉදිරියෙන් ගමන කල ලක්ෂනා ආපසු හැරී බැලුවා ය.

"එන්න සර්"

"පොඩ්ඩක් ඉන්න ලක්ෂනා... මේ කාමරේ කාගෙද?"

"මේක ජෝතිගෙ සර්..."

"මේ කාමරෙත් බලාගෙනම යමු" කියමින් විවේක් කාමර දොර තල්ලු කලේ ය.

"ඒ පොඩි දරුවගෙ කාමරේ මොකටද සර් බලන්නේ..." ලක්ෂනා විවේක්ගෙන් විමසීය. ඇගේ ඉල්ලීම කෙරෙහි සැලකිල්ල නොදැක් වූ විවේක් දොර මත සටහන්ව තිබූ ලේ සලකුන ලක්ෂනා වෙත පෙන්වා කාමරය තුලට පිවිසියේ ය. දොර දෙසට ගලා එමින් තිබූ ඒ රුධිර ධාරාව දුටු ලක්ෂනා පුදුමයට පත් වූවා ය.

දෙදෙනාම ජෝතිගේ කාමරය පරික්ෂා කලෝය. කුඩා කාමරයක් වූ එහි මැද කුඩා මේසයකි. මේසය මත කුඩා විදුලි පහනක්ද පාඩම් පොත් කීපයක්ද තිබේ. පොත් තබන කුඩා අල්මාරියක්ද පාසල් නිල ඇදුම් කීපයක්ද එහි එහි තිබිනි. බිම වැටී තිබූ ලේ පාර ටීපෝව යටින් ගලා එමින් පැවතිනි.

විවේක්ගේ උකුසු දෑසට ටීපෝව යට තිබූ රෙදි පොට්ටනියක් වැනි දෙයක් හසුවිනි. ඔහු අත දිගුකර එය එලියට ඇද්දේ ය. එය තදින් ගැටගසා ඇත.

එතුලින් ජල්...ජල්... යනුවෙන් වලලු ගැටෙන හඬක් නැගිනි. විවේක් ඒ පොදිය දිග හැරීම ආරම්භ කලේය. එතුල වූ දේ දුටු දෙදෙනාගේ දෑස් අදහාගත නොහැකි විය. ලේ පෙරෙන  තණකොළ කපන පිහියක්ද, වලලු කීපයක්ද, කුඩා ලාම්පුවක්ද, සේයාරුවක් ද එහි විය.


සේයාරුව අතට ගත් විවේක් එය පරීක්ෂා කලේ ය. එය රුද්‍රා මහතාගේ පවුලේ සේයාරුවකි. රුද්‍රා මහතා හා ජෙගදාම්බාල් සිනාමුසු මුහුනින් යුතුව වාඩි වී සිටී. ඔවුන් වටා අජය, ලීලාවතී, මදන්, කෝකිලා, ලක්ෂනා හා ජෝති රැස්ව සිටී. මදන් හා කෝකිලාගේ මුහුණු පැන්සලකින් රවුම් කර තිබිනි. සේයාරුව පිටුපස අපැහැදිලි කුඩා දරුවකුගේ අකුරින්,

"අම්මා මරපු අයව මම මරනවා. මුලින්ම තාත්තව. ඊට පස්සේ බාප්පා පුංචි අම්මා" යනුවෙන් සටහන්ව තිබිනි.

විවේක් ක්ෂනයකින් නැගී සිටියේ ය.

"ලක්ෂනා.. ජෝතිගේ හිත ඇතුලෙ ලොකු දුකක් තිබිල තියනව. ඔයාල කිසි කෙනෙක් එයාව තේරුම් අරගෙන නෑ. නමුත් මේ දරුව අම්මගෙ මරණය තමන්ගෙ දෑසින්ම දැකල තියනව."

"ජෝති එයාගෙ අම්මට හරි ආදරෙයි මිස්ටර් විවේක්.. නමුත්..! නමුත් ලීලාවතී අක්කා මැරුනු වෙලාවෙ එයා ඇඬුවෙ නෑ. ඔහේ බලාගෙන හිටියා මිසක් සතියක් දෙකක් යනතුරු එයා කා එක්කවත් කතා කලෙත් නෑ. කෑම කෑවෙත් නෑ. රූ වෙනකම් සිහිවටනය ළඟ ඉඳගෙන හිටියා. දුකයි කියලයි අපි හිතුවෙ. ඒ ලමයගෙ හිත ගිනි කන්දක් වෙලා තියන බව අපි දන්නෑ."

"ලක්ෂනා දැන් කතා කර කර ඉන්න වෙලාවක් නෑ. මදන්නුයි කෝකිලයි ජෝතියි කාරෙකේ ගියා. ජෝති ඒ දෙන්නවත් මරල දාන්න ඉඩ තියනවා."

ලක්ෂනාගේ දෑස් විමතියෙන් බැබලිනි. දෙදෙනාම ටෙලිපොනය වෙත දිව ගියහ. විවේක් ටෙලිපෝනය අතට ගෙන අංකයක් කැරකවී ය.

"හලෝ.. පොලීසියද.."

"ඔව්"

කෙලවරින් ඉන්ස්පෙක්ටර්වරයාගේ කටහඬ ඇසිනි.

"මදන්ගේ කාර් එක ගැන මොනවහරි තොරතුරක් ලැබුනද?"

"තවම නෑ සර්.."

"ඉක්මනට සියලුම චෙක් පොයින්ට් වලට  මේ වාහනේ නම්බර් එක දන්වන්න. අර පොඩි ලමයා ජෝති නිසා මදන්ගේත් කෝකිලාගේත් ජීවිත වලට අනතුරක් වෙන්න පුළුවන්."

"ජෝති...!!"

"ජෝති තමයි. දැන් එයා සාමාන්‍ය තත්වෙ නෙමෙයි ඉන්නේ.. තාත්තව මරල දාල හොර පූසියක් වගේ අත්තම්මා ළඟ නිදාගෙන ඉඳලා මදනුයි කෝකිලයි එක්ක ගිහින්  තියනවා.."

"යස්.. ශී ඊස් වෙරි ඩේන්ජරස් ගර්ල්..!"



                                                *෴ ෴ *

අවසන් පරිච්ඡේදයෙන් හමුවෙමු එහෙනම්.
ආ... පොටෝව ගුගල් දෙයියන්ගෙන් නෙමෙයි. හදලයි දැම්මේ. අම්මේ මාර අමාරු වුනා මේ ටික හදාගන්න. :D                                    

Comments

  1. කතාව 100% වෙනස් උනා නේද ? මැක්සා කතාවක් මේක පොත එලියට දාන්න කොහොම හරි මම අනිවාර්යෙන් පොතක් ගන්නවාමයි ...

    ReplyDelete
    Replies
    1. වෙනස් වුනා නේනනම්.මට පේන හැටියට පොත ප්‍රින්ට් කරපු සැනින් හොඳට මාකට් වෙයි.ඔන්න වාසි,සල්ලි බලාගෙන පොත් ලියන අයට මසුරන් වටී මේ කතාව ප්‍රින්ට් කලානම් නේද අයියේ..

      ආ...රොබින් අයියාට පිටපතක් වෙන්කරලා තියෙන්නෙ දැනටමත්. :)

      Delete
    2. කවදාවත් එහෙම කරන්න එපා. මේ පොත වාසි සල්ලි බලාගෙන පොත් ලියන අයට කොපි කරන්න දෙන්න එපා. ඔයාම ලියන්න. තාත්තාගේ කතාව, ඒ හීනේ ඔයාම හැබෑ කරන්න.

      Delete
    3. ඔව් අයියේ.. මේ පොතේ තියෙන්නෙ කතාවක් වෙන්න පුළුවන්.ඒත් මේක කියවන වාරයක් වාරයක් ගානේ මතක් වෙන්නේ තාත්තා උතුරු යුධබිමේ විදපු දුක්. ඒ නිසා කාටවත් මේ පොතේ අයිතියක් නෑ තාත්තට තරම්.

      Delete
  2. හම්මේ...හිතුවෙම නැති පැත්තකට කතාව ගිහින් තියෙන්නේ...අභිරහස ටිකක් ලිහී ගෙන යනවා වගේ..ම්ම් ඒ කියන්නේ පවිත්‍රන් ඇත්තටම මැරිලද? වෙන්න බෑ....

    ReplyDelete
    Replies
    1. සයුරි අක්කා පවිත්‍රන් මැරිලා නෑ කියලද තාමත් හිතන් ඉන්නේ.. පවිත්‍රන් මැරුනෙ 5 වෙනි පරිච්ඡේදෙනෙ අයියෝ..
      ඇත්ත, වීරයා කතාව මඟදි මැරුන්නෙ නෑ සාමානයෙන්.එත් මේක රහස් පරීක්ෂක කතාවක්.රහස් පරීක්ෂක කතාවක නොහිතන දේවල් වෙන්න ඉඩකඩ වැඩියි නේද.

      Delete
  3. ෂාහ්... හිතුවෙත් නැති විදිහට කතාව වෙනස් උනා. නියමයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. ආ... නඳුන් අයියා කතාව කියෝනව නේද දිගටම.මම හිතුවෙ කමෙන්ට් එකක්වත් නැති හන්දා මිස් වෙලා ඇති කියලා.

      Delete
  4. Replies
    1. ස්තූතියි හිරුහිමාවි අක්කේ... ඔයත් කියවනවද කතාව. දැනගෙන හිටියෙ නෑ අනේ.හිරුහිමාවී පැත්තෙ යන්නත් බැරිවුනා.අදවත් යන්න ඕනෙ.

      Delete
  5. හම්මෝ..
    ඉතුරු ටික කියවනකල් ඉවසුමක්‌ නෑ..
    නියමයි!

    ReplyDelete
    Replies
    1. ඉතිරිය ඉක්මනින් ලියන්නම් අක්කේ..

      Delete
  6. හිතාගන්නත් බැහැ වෙච්ච දේ
    අපූරු කතාවක් යාළුවා නියමයි.
    අන්තිම කොටසත් බලමුකෝ

    ReplyDelete
    Replies
    1. බලමු බලමු අන්තිමට වෙනදේත්. :)

      Delete
  7. නිකමටවත් මේ කතාවට පොඩි කෙල්ල සම්බන්දයි කියලා හිතුනෙම නෑ.. අවසානය ගොඩක් දුරට දන්නවා දැන් නම්.. ඒත් අන්තිම කොටස බලන්නම ඕනමයි..

    ReplyDelete
    Replies
    1. හරි ඉක්මනටම දාන්නම් ඒකත්.කෝ මේ ක්සැන්ඩර් අයියා තාම නෑනෙ පේන්න.බැලුවද දන්නෑ.

      Delete
  8. කතාව නම් උපරිමයි. පොඩි කෙල්ලට අන්තිමට වෙන දේ තමා බලාගන්න ඕනේ.... මොනවා වුනත් පොඩි කෙල්ල පවු. ලොකු මිනිස්සුන්ගේ වැඩ නිසා පොඩි එවුන්ට වෙන දේවල් :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත හසිත අයියේ. පොඩි අයගෙ හිත් මල් වගේ වුනාට ඒ අයටත් හැගීම් දැනීම් තියනවා.ඉවක් බවක් නැතුව සල්ලි පස්සෙ දුවන අපේ ලොකු ඈයො මේවා ගැන හිතනකොට වෙන්න තියන දේවල් වෙලා ඉවරයි.

      හසිත අයියාව අපි අපි වගේ වෙත සාදරයෙන් පිළිගන්නවා ඔන්න.

      Delete
  9. නියම කතාව. පවිත්‍රන් මැරුන එකටනම් තාම දුකයි..:(((

    ReplyDelete
    Replies
    1. පවිත්‍රන් නිසානෙ මේ අභිරහස විසදෙන්නේ.එයා නැත්තම් බංගලාවෙ සේරම මරයි.පවිත්‍රන් වගේ අය තමයි අපේ සිරි ලංකාවෙ අපරාධ අංශ වලට දාන්න ඕනෙ.ආයෙ අග මුල හොයාගනී සුරුස් ගාලා.

      Delete
  10. මෙන්න කතාව යු ටර්න් එකක් ගහලා. ඒත් අර ජෝති ගෙන් ප්‍රශ්න අහන්න ගිය වෙලේ කතා කරන්න දුන්නේ නැති එකට මගේ හිතේ පොඩි සැකයක් තිබ්බා. දැන් ඒ සැකේ ගොඩ.. :)

    මටත් කොපියක් වෙන් කරන්න.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් අයියා කතාවෙ හැමතැනම වාගේ හොදට බලලා තියනවා.ඒකනෙ සැකේ හරි ගියේ.

      කොපියක් වෙන්කරල තියෙන්නේ දැනටමත්.නුදුරේම ලැබෙයි.

      Delete
  11. MOKAKDA ME KUNUHARUPE?

    ReplyDelete
    Replies
    1. MEKA KUNUHARUPAYAK WAGE PENAWANM KUNUHARUPYAK WELA THIYENNE MOKAKWTH NEME THAMUNGE HITHA.

      Delete
  12. අදත් ආවෝවෝවෝ....පොට්ටනිය කොහෙමද ජෝති ගාවට ගියේ...පවිත්‍රන් මරනකොටත් වලලු හඩ ඇහුන නේ

    ReplyDelete
    Replies
    1. ජෝති තමයි එයාගෙ තාත්තව මරල පොට්ටනිය අස්සේ පිහිය හංගලා ගිහින් තියෙන්නේ. අර වලලු දාගෙන රෑ ලීලාවතීගෙ පිළිමෙ ලග ඉඳලා තියෙන්නෙත් ජෝතිම තමයි.

      Delete
  13. අයියල එයාගෙ ඉරනමත් විසදුව කියලනෙ තියෙන්නෙ

    ReplyDelete
  14. හප්පේ අද මේ කොටසට මම අන්තිමනේ.... කොමෙන්ට් කරන විදියත් වෙනස් වෙලා.

    කතාව නොහිතපු පැත්තකටනේ ගිහින් තියෙන්නේ මම නම් හිතුවෙම නෑ මෙහෙම වෙයි කියලා.නියමයි මචෝ....

    දැන් ඊළඟ කොටසට යමි

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

චක්‍රීකරණය මම දැකපු හැටි..!