Posts

Showing posts from July, 2012

ඔහු කවියෙකුද විය.

Image
තාත්තාගෙ දිනපොත් පෙරලලා බැලුවා පහුගිය දවසක. බලන්න කලින් අවසර ගන්න එයා ළග නැති නිසා අම්මාගෙන් අහලා අවසරේ ගත්තා. දෙමළෙන් ලියපු දිනපොත් ගොඩක් තිබුනත් සිංහලෙන් ලියලා තියන පොත් දෙක පිටුවක් නෑර කියෙව්වා. දුකක් විතරක් හිත ඇතුලෙ හිරවුනා වගේ දැනුනා කියෝලා ඉවර වුනාම. 
මේ නිදසැස් ඒ පිටු අතර සටහන් වෙලා තිබුනා.



අද නිදහස් දවසලු
සිංහ කොඩිත් උස්සනවලු
දමා පපුව පෙරට, සිට ගෙන සීරුවට ගයනවලු ජාතික ගීය
අපි හිරේ.. අපිට කොයින්ද ඒ වගේ ජොලියක් !

1997 පෙබරවාරි මස 4 වන දින පලාලි පොලිස් මුරපොලේ දී.


____________________________________


ගම්මානේ කෙලවරේ නිල් විලේ නෙළුම් මල      සැඩ හිරුට ඉඩ දෙමින්___යන්න යයි සුදෝ සුදු කුමුදු මල්
අබල දුබල වූ දිනපති සීතල වූ මහ පොළොව උඩ වැතිරුනා අමාරුවෙන්
වසන්තයේ අරුණෝදය ගෙවී යයි හෙමි හෙමින් ඉකිබිඳිති දුක හිතුනු වැහි බිංදු මහ පොළොව වසා ගෙන
මල් සුවඳක් නම් නොව කවර අතකින් එම් ද මේ සුවඳ වැටහුනේ දැනුයි මට බඩ ගින්නේ වැලි කතරේ උතුරු රණ බිම මැද්දේ යුද වදින විරුවන්ගේ ලේ කඳුළු දා බිංදු සුවඳමයි මේ එන්නේ

________________________________


 නිමා නොවන යුද්ධයකි මේ___ තැලෙන්නේ කවුද  මගේ දරුවන් මිසක ගැහැණ…

මරණයට අයදුමක් - 9 වන පරිච්ඡේදය (අවසන් කොටස)

Image
මුල් පරිච්ඡේද වෙත‍
කාරය ඒ කඳුකර මාර්ගයේ හෙමිහිට ඉදිරියට ඇදෙමින් තිබිනි. හිරු රැස් මදින් මඳ මෝදු වෙමින් තිබුනු ඒ උදෑසන මදන් කාරයේ වේගය මඳක් තීවෘර කලේ ය. "බාප්..පේ...හිමින් යමුකෝ..." ජෝති සිය බාප්පා මදන්ගේ අතේ එල්ලීගෙන පැවසුවා ය. "ඇයි බයද හයියෙන් යනවට""මම නම් බය නෑ.. හැබැයි ජෝති බයයි වගේ.." කෝකිලා ජෝති දෙස බලමින් සිනාසුනාය.   මදන් ජෝති දෙස බලමින්, ජෝති ඔයා බයෙන් වගේ ඉන්නේ ඇයි දුවේ... "හී...හී... තව හයියෙන් යන්න බාප්පේ.. යන්න යන්න තව හයි..යෙ..න්" මදන් සිනාසී, "අන්න එහෙම කියන්නකෝ බබෝ.." කියා ජෝති ගේ සිනිඳු කම්මුලට තට්ටු කලේ ය.
කාරය හඬ නගමින් වංගුවක් පසු කලේ ය. මාර්ගයට එපිටින් වූ ප්‍රපාතය දුටු කෝකිලා තැති ගත්තාය. "ප්‍රපාතයට වැටුනොත්..!" ඇය සිතුවාය. ජෝති තම බාප්පා අසලට තවත් කිට්ටු වී ඔහුගේ මුහුන තමන් වෙත හරවා ගැනීමට උත්සහ කරන අයුරු ඈ දුටුවා ය. "ඇයි ජෝති..." "බාප්පේ... කාර් එක අයිනෙන් ටිකක් නවත්තන්නකෝ... අනේ බාප්පේ.. අනේ.." ඇය සුරතල්  හඬින් ඉල්ලා සිටියා ය. "මොකටද ඉතින් නවත්තන්නේ..." "මම උඩ ඉඳල පහල බල…

මරණයට අයදුමක් - 8 වන පරිච්ඡේදය

Image
1 වන පරිච්ඡේදය 2 වන පරිච්ඡේදය - මුල් කොටස 2 වන පරිච්ඡේදය - අවසන් කොටස 3 වන පරිච්ඡේදය 4 වන පරිච්ඡේදය 5 වන පරිච්ඡේදය 6 වන පරිච්ඡේදය 7 වන පරිච්ඡේදය
වෙලාව උදෑසන  හයයි. ඒ ශෙක්කල් මූඩි වෙතට උදා හිරැ රැස් පතිත වූ වෙලාවයි. අජයගේ කාමරයේ සිට ඔහුගේ මෘත ශරීරය එළියට ගනු ලැබුවේ මරණ පරීක්ෂණය සඳහා එය රෝහල වෙත රුගෙන යාමටය. මෘත ශරීරය සුදු වෑන් රථයට නංවා පිටත් වන විට රථය පසු පසින් ලක්ෂනා විසින් පැද වූ ඇම්බැසඩර් කාරය තුල ජෙගදාම්බාල්, විවේක් හා ගෝකුල් නාත් වාඩි වී සිටියහ. ලක්ෂනා ඉකිඟසමින් කාරය පැදවූ අතර ජෙගදාම්බාල් කාරයට හිස හේත්තු කොට ගෙන දෑස් පියාගෙන සිටියා ය. විවේක් ජනේලයට පිටතින් පෙනෙන පරිසරය බලමින් ගමන් කල අතර ගෝකුල් නාත් තද කල්පනාවක නිමග්නව සිටියේ ය.
ජෙගදාම්බාල් දෑස් හැර ඇඬුම් බර ස්වරයෙන් "මල්ලී..." යනුවෙන් පැවසි ය.
"ඇයි නෝනා..."

"අපි මීට පස්සේ ඒ බංගලාවේ ඉන්නෑ. ඒක ගෙයක් නෙමේ අමු සොහොනක්.අජයගේ වැඩ කටයුතු ඉවර කරල අපි ඔක්කොම වල්පාරෙයි වල තියන වත්තට යනව. කොයිම්බතූර් ගිය මදන්ටයි කෝකිලාටයි මේ ගැන දන්වන්න ඕනෙ. එයාල ඉක්මනින්ම කැඳවන්න ඕනෑ.."
"පොල්ලච්චි පොලීසියට කාර් එකේ අ…