මරණයට අයදුමක් - 7 වන පරිච්ඡේදය

මුල් පරිච්ඡේද

දින තුනක්ම කිසිදු වෙනස්වීමක් නොමැතිව ගතවී ගියේ ය. ගෝකුල් නාත් හා විවේක් දිවා කාලයේ මඳ වේලාවක් නිදා ගනිමින් රාත්‍රී කාලය බංගලා වත්ත අඟලක් නෑර සෝදිසි කලේ ය. නමුත් ඔවුනට සැක සහිත කිසිවක් සොයා ගැනීමට නොහැකි විනි. සිව්වන දින හිමිදිරි උදෑසන තම කාමරය ඉදිරිපිට වූ අසුන් මත වාඩිවී සිගරැට් උරමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ ය.

"විවේක් අපි මේ බංගලාවේ ඉන්න නිසා මිනීමරුව තමන්ගෙ උපක්‍රමය මාරු කරල වගෙයි. අපිත් අපේ උපක්‍රමය මාරු කලොත් හොඳයි නේද?"

"ඔව්, ඒක කරන්නේ කොහොමද කියල ඔයාම කියන්න බලන්න"

"අපි ආපහු මැඩ්රාස් යන බව කියල මේ ගමේම හැංගිලා ඉඳල බංගලාව ගැන ඇහැ ගහගෙන ඉමු"

"මිනීමරුව ඒතරම් ලේසියෙන් රවට්ටන්න පුළුවන් වෙයි කියල මමනම් හිතන්නෙ නෑ"

ගෝකුල්නාත්  ස්ථිර හඬින් "අපි තව ටිකක් ඉවසමු" යි පැවසීය.

"මිනීමරුව කොයි වෙලාවේ හරි එළියට එන්න ඕනෑ. අපේ මැරුණු පරීක්ෂක පවිත්‍රන් මේ සිහිවටනය ලඟ පහනක් පත්තු වෙමින් තිබුනු බවත් වළලු සද්දයක් ඇසුනු බවත් මැරෙන්න කලින් කියලා තිබුනා. නමුත් අපි මේ හිටපු දවස් ටිකට අපිට එහෙම දෙයක් ඇහිලවත් දැකලවත් නෑ"

ගෝකුල් නාත්ගේ පැනයට පිළිතුරු දීමට සූදානම් වත්ම තමා දුටු දෙයින් විවේක්ගේ බැල්ම තියුනු විය.
"ගෝකුල් නාත්!"

"ඇයි විවේක්?"

"බංගලාව පැත්තේ ලයිට් එළියක් පේනවා.."

"කවුරු හරි නැගිලටා වැසිකිලියට යන්න ඇති" ගොකුල් නාත් විමසිලිමත් දෑසින් බංගලාව දෙස බලමින් පැවසී ය. ඉදිරි සාලයේ ජනෙල් අතරින් හතරැස් එළි කදම්භයක් ගෙමිදුලට පතිත වී තිබිණි. ඒ එළිය තුලින් දෙදෙනෙකුගේ රුව දිස් විනි.

"මේ වෙලාවෙ කවුද මේ..."

"කවුද කියලා ගිහින් බලමුදැයි" කියමින් විවේක් තම අසුනෙන් නැගිට බංගලාව දෙසට පය එසවී ය. ගෝකුල් නාත් ඔහු අනුකරණය කරමින් ගමනට එකතු විය. දෙදෙනාම පෝටිකෝව යටට පැමිණි වහාම පෝටිකෝවේ විදුලි බල්බය දැල්විනි. ඒ සමඟම ඉදිරි දොරේ අඟුල කැරකෙන ශබ්දය ඇසුනි. විවර වූ දොරෙන්  නිවස තුළ සිට අළුත්ම සපාරි ඇඳුමකින් සැරසී මදන් එළියට පැමිනියේ ය. ඔහු අසලින්ම කෝකිලා පට සාරියකින් සැරසී හිසෙහි මල් ගවසා සිටියේ ය.

"ගුඩ් මොනින්! කොහෙ යන්න ද මේ සූදානම?"

ගෝකුල් නාත් කටහඬ අවදි කලේ ය.

"ගුඩ් මෝනින් මිස්ටර් විවේක්.. ඇන්ඩ් ගෝකුල් නාත්. අපි යනවා කොයිම්බතූර් වල අපේ ඥාතියකුගෙ ගෙදර මඟුලකට. අපිට කොච්චර කරදර තිබුනත් යන්න උවමනා දේකට නොගිහින බෑනෙ ඉන්ස්පෙක්ටර්. අපිට එළියට යන්න අවසර දෙනවද?"

"කවුරු කවුරුද යන්නේ..?"

"මමත් මගේ බිරිඳත් ජෝතිත් යනවා.."

ඒ අතර ජෝති පට රෙද්දකින් මැසූ දිග සායක් හැඳ දොර අසලට දිව ආවාය.

"බාප්පා මම ලෑස්තියි..." ඇය හම හඬින් කෑ ගෑවාය.

"එහෙනම් යමු." තිදෙන පඩිපෙල බසින්නට විය.

"එක විනාඩියක්..." මිස්ටර් මදන් කියමින් විවේක් ඔවුන්ගේ ගමනට බාධා කලේ ය.
"ඔයාල ඒ උත්සවේට ගිහින් එන්නෙ කීයටද?"

"අපි එනකොට ටිකක් රෑ වෙයි ඉන්ස්පෙක්ටර්.."

"රෑ කීයටද?"

"අට විතර වෙයි"

"සමාවෙන්න මදන්. ඔයාලා හැන්දෑවෙ හය වෙනකොට බංගලාවට එන්න ඕනෙ. ඒ වෙලාවට එන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියනවනම් විතරක් යන්න."

"ඇයි එහෙම කියන්නේ මිස්ටර් විවේක්?"

"ඔයාලගෙ පවුලෙ හැමෝම අපේ පරික්ෂාව යටතේ ඉන්න ඕනෑ. ඔයාල මඟුල් ගෙදරක යන්න උවමනයි  කියල කියන නිසයි මම යන්න ඉඩ දෙනවා නමුත් හැන්දෑවෙ හය වෙනකොට ඔයාලා බංගලාවෙ ඉන්න ඕනෙ." විවේක් දැඩි ස්වරයෙන් කීවේ ය.

 මදන් තම බිරිඳ දෙස බැලී ය. "කෝකිලා අපිට හැන්දෑවෙ හයට කලින් එන්න පුළුවන් වෙයිද..?"

"එන්න පුළුවන් දවල් කෑම කාපු හැටියෙම එහෙන් පිටත් වුනොත්.."

"රෑ උත්සවේට ඉන්න කියාවි නමුත් අපි කියල එමු." මදන් පැවසී ය.

මදන් විවේක් දෙස හැරී, "හොඳයි විවේක් අපි හැන්දෑවෙ හය වෙනකොට එනවා." කියමින් පෝටිකෝවේ නවතා තිබූ ඇම්බැසඩර් වර්ගයේ කාරය වෙත ගමන් කලේ ය.

"බාප්පා.. මම ඔයාලගයි වාඩි වෙන්නේ.." කියමින් පිච්චමලක් බඳු සිඟිති ජෝති කාරයේ ඉදිරි අසුනට නැඟුනා ය. පසුපස  අසුනට නැඟුනු කෝකිලා කරෙයේ දොර වසා දැමුවාය. දොර අසල රැදී සිටි ජෙගදම්බාල් හට ගිහින් එන්නම් අම්මේ... කියමින් අතවනා ඔවුන පිටත්ව ගියෝ ය. කාරය ගේට්ටුව පසුකරන තුරුම එදෙස බලා සිටි විවේක් ජෙගදම්බාල් දෙසට හැරුනේ ය.

"කාගේ විවාහ මංගල්ලෙටද එයාල ගියේ.."

"කෝකිලාගේ ලොකු නැන්දගෙ දුවගෙ මඟුල් ගෙදරට"

"ඊයේ රෑ වෙනතුරු මේ ගමන ගැන මොකුත් කිව්වේ නැත්තෙ ඇයි?"

"මම යන්න එපා කියලයි කීවේ.. කෝ ඉතින් එයාලා ඇහුවෙ නෑනේ ඉන්ස්පෙක්ටර්.."

"හොඳ‍යි.. දොර වහල ගිහිං නිදාගන්න නෝනා.."

විවේක්ගේ ඉල්ලීම අනුව ජෙගදම්බාල් නිවස තුලට යාමට හැරුනා ය.

"එක විනාඩියක්!!" විවේක්ගේ හඬට ජෙගදම්බාල් නැවතී හැරී බැලී ය.

"පොඩ්ඩක් ලයිට් එළිය ගාවට එනවද නෝනා.."

"ඇයි ඒ??"

"කියන දේ අහල එන්නකෝ.."

නිදිමත ගතියෙන් සිටි ජෙගදාම්බාල් නොමනාපයෙන් මෙන් විදුලි එළිය අසලට පැමිනියා ය. විවේක් එකවරම ඇගේ හැට්ටය දෙසට ඇඟිල්ල දිගු කරමින් "මේ මොනවද නෝනා.." යි විමසී ය.

"මොනවද?" ජෙගදාම්බාල් ක්ෂණයකින් තම හැට්ටය දෙස බැලුවා ය. ඒ සීතල හිමිදිරියේ ඇගේ මුහුනට දහදිය බිඳු නැගෙන අයුරු විවේක් නිරීක්ෂණය කලේ ය.

"මේ...මේ...." ඇය පුදුමයෙන් විවේක් දෙස බැලුවාය.

"මේ ලේනේ.. කොහෙහරි වැදිල තුවාල වුනා ද??"

"නෑ"

"එහෙනම් කොහොමද මෙතන ලේ  ගෑවුනේ..?"

"මම දන්නෑ"

"ඔයා කොහෙද නිදා ගත්තේ.. එතැන අපිට පෙන්නන්න. මේ ලේ ඔයා කොහෙ හරි වැදීමෙන් ආපු ලේ නෙමෙයි. තුවාලයකුත්  නෑනෙ. වේදනාවකුත් නෑ නේද" ගෝකුල් නාත් දැඩි ස්වරයෙන් විමසී ය.

ජෙගදාම්බාල් හිස වනා තම හැට්ටය දෙස බලමින් පරීක්ෂකවරු දෙදෙනාද කැටුව බංගලාව තුලට ගියා ය. ඔවුන් මද එලියෙන් ආලෝකමත් කර තිබූ විසිත්ත කාමරය පසුකර තරප්පු පෙල නැග උඩුමහලට පැමිනියා ය. කාමරය තුල නිදන රුද්‍රා මහතාට නොදැනෙන ලෙස ප්‍රවේසමෙන් ජෙගදාම්බාල් ඇගේ නිදන ඇඳ අසලට පැමිනියා ය. සුදු ඇඳ ඇතිරිල්ලක් දමා තිබූ එය ඉතා පිරිසිදු ලෙසින් දිස්විනි.

"කොහොමද මේ ලේ ආවේ... විවේක් රුද්‍රා මහත්තයාගේ ඇඳත් පරීක්ෂා කරල බලන්න"

ගෝකුල් නාත්ගේ හඬින් විවේක් නිදා සිටි රුද්‍රා මහතාට නොදැනෙන සේ ඔහුගේ ඇඳ ද පරීක්ෂා කලේය.

"මොකුත් නෑනෙ ගෝකුල් නාත්"

විවේක් ජෙගදාම්බාල් දෙසට හැරෙමින්, 
"රෑ නැගිලට එළියට ගියාද නෝනා"

"නෑ මම ගියේ නෑ"

"එහෙනම් මේ ලේ බිංදු කොහෙන්ද ආවේ.." විවේක් දකුනතින් තම හිස කසමින් කල්පනා කලේ ය. එකවරම ඔහුගේ බැල්ම තියුණු විය. ක්ෂනයකින් කාමරයේ දොර අසලට ගමන් කල ඔහු පහත් වී පොළොවට සමීප විය.

"තවත් ලේ බිංදුවක්!"

විවේක් සෙමින් ඇඟිලි තුඩින් පරීක්ෂා කලේ ය. නලලේ රඳවන කුංකුම පොහොට්ටුවක් සේ එය දීප්තිමත්ව දිස්විනි. තව දුරටත් සූක්ෂම දෑසින් පරීක්ෂා කිරීමෙන් පසු බිත්තියේ වැටුනු එවැනිම ලේ බිංදු කීපයක් සොයා ගැනීමට ඔහු සමත් විය.

"මෙන්න තවත් ලේ බිංදුවක්" ඒ සොයා ගැනීම ගෝකුල් නාත් ගෙනි.

"ලේ බිංදු වැටිල තියන පැත්තට යමු"

ගෝකුල් නාත් හා විවේක් ඉවක් පසුපස යන පොලිස් සුනඛයන් දෙදෙනෙකු පරිද්දෙන් ලේ බිඳු වැටී තිබූ මං සලකුනු ඔස්සේ විසිත්ත කාමරය පසුකරමින් ගමන් කලේ ය. දිගටම සූක්ෂම දෑසින් යුතුව ගමන් කල මේ දෙදෙන එක් කාමරයක දොරක් අබියසට පැමිණියහ.

"මේ කාගේ කාමරයද?" තමන් පසුපසින් පැමිණි ජෙගදාම්බාල්ගෙන් විවේක් විමසුවේ ය.

"මේ මගෙ දූ ලක්ෂනාගෙ කාමරේ.."

ජෙගදාම්බාල් වහා ඉදිරියට පැන දොරට තට්ටු කරමින් දුව ලක්ෂනා යනුවෙන් කතා කලා ය. මඳ වේලාවකින් ඇඳකින් නැගෙන කිරි කිරි ශබ්දයත් කිසිවකු ඇඳෙන් බසින හඬත් විවේක්ට පැහැදිලිව ඇසුනි.

"කවුද......."

ටිකක් දොර අරින්න මිස් ලක්ෂනා..!

කාමරය තුලින් විදුලි ස්විචය ක්‍රියා කරවන හඬ ඇසිනි. ලක්ෂනා රාත්‍රී නිදන ඇඳුමින් සැරසී නිදිමතින් පියවුනු දෑස් දෑතින් පිස දමමින් කාමරයේ දොර අඟුල කරකවා දොර පියන විවෘත කලාය. ජෙගදාම්බාල් හා පරීක්ෂකවරුන් දෙදෙනා දුටු විගස "ඇයි අම්මා.... මොකක්ද ප්‍රශ්ණේ...." යැයි විමසීය.

ජෙගදාම්බාල් වේවලන දෑතින් තම දියණියගේ සිරුර අතගා පිරික්සා බැලුවා ය.

"ඔයාට මොකුත් කරදරයක් නෑ නේද දුව"

ලක්ෂනා කලබලයට පත් වූවා ය. විවේක් ජෙගදාම්බාල්ගේ හැට්ටය මත රැඳුනු ලේ බිංදුව ඇයට පෙන්වමින් කාරණය පැහැදිලි කර දුන්නේ ය. ලක්ෂනාගේ මුහුණ බියෙන් තැති ගැනුනේ ය.

"අජයගේ කාමරය තමයි කෙලවරේ තියෙන්නේ. ඒකෙත් බලමුද?"

"ඔව් බලමු"

සියලු දෙනාම අජයගේ කාමර දොර අසලට පැමිණියහ. දොර අසල වූ තවත් ලේ බිඳු කීපයක් විවේක්ගේ නෙතට අසුවිය.

"ගෝකුල්..?"

"ඇයි විවේක්!!"

"දොර ඇරල තියෙන්නෙ. මොකක් වුනත් මේ කාමරේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ.. ලයිට් ස්විච් එක කොහෙද තියෙන්නේ කියල බලන්න" යි කියමින් සීරුවෙන් දොර පියන විවෘත කලේය.

විවේක් දුන් විධානය අනුව ගෝකුල් නාත් බිත්තිය අතගාමින් ස්විචය සොයා එය ක්‍රියාත්මක කලේ ය. කාමරය පුරා ආලෝකය විහිදී ගියේ ය.

අජය නිදන ඇඳ මතය. ඔහුගේ නිරාවරණ උඩුකයේ පිට මැද්දෙන් පෙන දමමින් ගලා යන රුධිර ධාරව දොර දෙසට ගලා යමින් පැවතිණි. දෑස් විවරව තිබුනු ඔහුගේ මුහුන බිත්තිය දෙසට එල්ලවී තිබිණි.


"අජයට මොකුත් කරදරයක්ද ඉන්ස්පෙක්ටර්..?"

ජෙගදාම්බාල්ගේ හඬින් විවේක් ඒ දෙස හැරී බැලුවේ ය. ඇඳ මත මියගොස් සිටි අජය දුටු ජෙගදාමාබාල් විලාප නගමින් සිහි විසඥ වෙද්දී ගෝකුල් නාත් ඇය ඇඳ වැටීමට නොදී ආරක්ෂා කර ගත්තේ ය.

ලක්ෂනා විලාප නඟමින් මුහුන තම දෑත් වලින් වසා ගත්තාය.
                                                       

                                                                 *෴෴*



8 වන පරිච්ඡේදයෙන් හමුවෙමු. මේ පරිච්ඡේදය ප්‍රමාද වුනා ටිකක්. ඒකට සොරි හොඳේ..  : )

Comments

  1. මම එක.
    එන්න එන්නම කතාවේ කුතුහලය වැඩිවෙනවා.
    තව කොටස් කීයක්‌ තියෙනවදෝ.?

    ReplyDelete
    Replies
    1. දාලා අත ගන්න හම්බුනේ නෑනෙ පාරමී අක්කා මෙතන. මාත් අපේ සයුරි අක්කා වගේ තෑගි දෙන්න කල්පනා කලා.. ඔන්න එහෙනම් අක්කට දෙන තෑග්ග.

      [im]http://3.bp.blogspot.com/-N57j1X4Lfyo/T8CpohrPVBI/AAAAAAAABa0/jxLsO3s9L7c/s400/25052012112.jpg[/im]


      හා හා අනිත් අය කලබල වෙන්න එපා. හැමෝටම දෙනවා. :)

      තව කොටස් දෙකයි අක්කේ..

      Delete
    2. ෂෝයි ෂෝයි..:)

      Delete
  2. ආඃ?? ඒ කියන්නේ ආච්චිද මරමරා ඇවිදින්නේ?
    හැට දෙක.

    ReplyDelete
    Replies
    1. ජෙගදාම්බාල් එහෙම කරයි කියලා හිතුනෙ ඇයි අයියට.ඒකත් එක අතකට සාධාරණයි.බංගලාවෙ හැම කෙනෙක්ම වගේ සැක හිතෙන දේවල් කලානෙ.

      බලමුකෝ තව ඉස්සරහට..

      හිකිස්...!! හැට දෙක නේන්නං...

      Delete
  3. හිතාගන්න බැරිම පැත්තකට කතාව ඇදිලා ගියා...... මම හිතන්නේ ඒ ගෑණු කෙනා ආවේශ වීමක් වෙනවද දන්නෑ මෙහෙම මර මර ඇවිදින්නේ.... එහෙම නැත්තම් අර ඩබල මගුල් ගෙදර ගියේ මෙයාට ගේම දීලද දන්නැ...

    කතාව නියමෙට යනවා මචෝ... සෑහෙන්න ලස්සනයි ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගැමී හිතන විදිහත් හරි එක අතකට. මදනුයි කෝකිලයි මොන හේතුවකට එහෙම කලා කියලද හිතන්නෙ. එයාලා හොඳට හිටියනෙ බංගලාවෙ. බල තන්හාව නිසා එහෙම කලා කියලා හිතන්නත් පුළුවන් නේද.

      හරි ඔය ඇති. මං කිව්වොත් හැමෝම හිතයි එහෙම. බලමුකෝ තව ඉස්සරහට.

      Delete
  4. මාර කතාව අප්පා හිතාගන්නම බැ..මට නම් සැකයක් වත් හිතෙන් නැ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. සැකයක් හිතන්න බැරි තරමටම සැක සහිත තැන් වැඩියි.

      Delete
  5. මේක නම් හිතාගන්න බැහැ.බලමුකෝ මොකෑ වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම දාන්නම් එහෙනම්.දැන් මඩිස්සලේ පැත්තෙ එන්න වෙලාවක් නෑ අයියේ.ඒකට තරහ වෙන්න නම් එපා ඕං.

      Delete
  6. වැඩේ කියන්නේ හැම කොටසකින්ම එක්කෙනා ගානේ ගෙදර උදවිය මැරෙනවනේ.. හිතා ගන්න බෑ.. මානසික ආභාදයක්වත් තියෙන ගෙදර එක්කෙන්ක්මද මේවා කරන්නේ.. මට හිතෙන්නේ එහෙම..

    ReplyDelete
    Replies
    1. ඔව්. කිසිම හේතුවක් නැතිව මෙහෙම දේවල් වෙනකොට හිතෙන්නෙ මානසික රෝගයක් තියන කෙනෙක් මෙවා කරනව කියල තමයි. ඒත් පරණ කෝන්තරේකට මෙහෙම කරනවා කියල හිතන්නත් පුළුවන්. ඒත් ඒ කවුද ???

      අපි බලමුකො ඉස්සරහට අයියේ..
      වර්ණ පැත්තෙ එන්නත් බැරි වුනා කාලෙකින්.සමාවෙන්න ඕනෙ ඒකට.

      Delete
  7. කතාව වෙනස්ම පැත්තකට යොමුවෙලා.. පවිත්‍රන් ගැනනම් දුකයි..
    දේපල තණ්හාවක් නිසානම් මුරකාරන අයව නැතිකරලා බලාපොරොත්තුවෙන්නෙ මොනවද.. කවුද එතකොට මේ රෑට රෑට බයකරන්නෙ.. මොනවද ඒ දෙයින් බලාපොරොත්තුවෙන්නෙ..
    මේ මුකුත් හිතාගන්න බැරිව ඉන්නවෙනවනෙ ඊ ළඟකොටස එනකල්.. :D

    ReplyDelete
    Replies
    1. පුරස්න ගොඩයි නේද නන්ඳු. ඔක්කොටෝම උත්තර දෙන්න පුළුවන් තව පරිච්ඡේද දෙකකින්.
      හෙට ඒක දාන්නම්. :D

      Delete
  8. බලමු බලමු...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු.ඒත් මොන සුභක්ද රජෝ මේ වෙන දේවල් හැටියට. :)

      Delete
  9. Replies
    1. හ්ම් හ්ම්....

      සෑම් ක්‍රියේෂන් පැත්තෙ එන්නත් බැරි වුනා ටික කාලෙකින් සෑම් අයියේ. සොරි හොදේ..

      සොරි කියලා නිකං ඉන්නව කියල හිතං ඇති.ඒම කෝමද.එනවා එනවා..

      Delete
  10. මටත් හිතාගන්න බැහැ වෙන්නේ මොකක්ද කියලා ?
    ඉතිරි කොටස් බලලම ඉමු..

    ReplyDelete
    Replies
    1. හරි ඒක ඉක්මනට දාන්නම් අයියේ

      Delete
  11. ඔන්න අද ආව මේක කියවල යන්න..අලුත් ඒව ටිකත් ඉක්මනටම දාන්න

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ අයියා නිතරම එනවා නේද.ස්තූතියි අයියේ.ලියන්න හිතෙනවා දිගටම කවුරු හරි මේ කතාව කියවනව කියලා හිතෙද්දි.

      Delete
    2. ඔවු ඔවු මේක කියවන්නම තමයි මේ එන්නේ

      Delete
  12. අම්මෝ...ඒ පාර බංගලාවේ අයත් මරන්න පටන් අරගෙන වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් සයුරි අක්කේ..

      Delete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!