මරණයට අයදුමක් - 6 වන පරිච්ඡේදය


රණය, ඔහු හඹා ආවේද? ඔහු, මරණය හඹා ගියේද කියන්නට කිසිවකු නොදනී. නමුත් එය එසේ විනි. තම මෙහෙයුම අතරතුරදීම පවිත්‍රන් අභිරහස් ලෙස බංගලාවේ ඝාතකයාගේ ගොදුරක් බවට පත්වී තිබිනි.

කිසිදිනක තමාට පැවරූ රාජකාරියක් අතරමඟ දී අත් නොහරින පවිත්‍රන් ශෙක්කල් මූඩි බංගලාවේ මෙහෙයුමේ දී මියගොස් ඇති බව මැඩ්රාස් පොලීසියට වාර්තා වන විට ගෝකුල්නාත් සිටියේ තම නිල කාමරයේ ය. එය ඔහුට අදහාගත නොහැකි විය. කාකි ඇඳුමින් වසාගෙන සිටි තම හදවත වේදනාවෙන් කීරිගැහෙන බව ඔහුට දැනිනි.

ඔහු දිගු හුස්මක් නාස්පඩු අතරින් පිටකරමින් සිත එක්තැන් කර ගැනීමට වෙර දැරීය. අනතුරුව තොප්පිය පැලඳ තම සගයා වන විවේක්ගේ නිල කාමරය වෙත පය එසවී ය.

                                                            
                                             ෴*෴


ගෝකුල්නාත් හා විවේක් ශෙක්කල් මූඩි වෙත පැමිණෙන විට උදෑසන දහය වී තිබිනි. සුඛෝපබෝගී රථයෙන් බට පරීක්ෂකවරු දෙදෙනා වෙත පැමිණි උප පරීක්ෂක ඔවුන්ව නිල අයුරින් පිළිගත්තේ ය.
ශෙක්කල් මූඩි අහස වළාකුලින් බරව වැස්සකට සූදානම් වෙමින් පැවතිනි. අසල නවතා තිබූ ජිප් රථයට නගින අතරතුර විවේක් පවිත්‍රන්ගේ මිනියෙ මරණ පරීක්ෂණය අවසන් කලාදැයි විමසී ය. විජය කුමාර් රථය පණගන්වමින්,

 "මරණ පරීක්ෂණේ ඉවරයි සර්. ඔබ තුමාලගෙ පරීක්ෂණයට මිනිය තියලා තියනවා සර්."

"මරණය කොහොමද වෙලා තියෙන්නේ පිහියකින් ද? තුවක්කුවකින් ද?"

"මුර කාරයාගේ මරණෙ වගේම එකක් සර්. පිහියකින් ඇනලයි මරල තියෙන්නේ"

"වත්තේ  බංගලාවේ කට්ටියගෙන් ප්‍රශ්ණ කලා ද?"

"ඔව් සර්"

"මොනවා හරි තොරතුරක් ලැබුන ද?"

"නෑ සර්. තවම මොකුත් තොරතුරක් නෑ."

"දිගටම සිද්දවෙන මේ මරණ ගැන බංගලාවේ කට්ටිය මොකද කියන්නේ"

"මේවා කොහොමද වෙන්නේ කියලා බංගලාවෙ කවුරුත් දන්නෑ සර්"

"අපි ඉස්පිරිතාලෙට යනවද නැත්නම් බංගලාවට යනවද" යි කියමින් පොලිස් පරීක්ෂකවරයා ජිප් රථයේ වේගය අඩු කලේ ය.
"ඉස්සරවෙලා ඉස්පිරිතාලෙට ගිහින් මිනිය බලලා බංගලාවට යමු" ගෝකුල්නාත් තම ශෝකාකූල සිතිවිලි බිඳ දමමින් කටමඬ අවදි කලේ ය.

"හොඳමයි සර්"

ජිප් රථය රොහල බලා ඉගිලිනි.

"රුද්‍රා මහත්තයට මේ වත්තේ හතුරො එහෙම ඉන්නවද?"

"දැනගන්න නම් නෑ සර්"

"හොඳට පරීක්ෂණ පවත්වන්න ඕනෙ ඉන්ස්පෙක්ටර්. ලොකු සල්ලි කාරයෙක්නේ.. වත්තේ, ගමේ හතුරෝ ඉන්න පුළුවන්."

"රුද්‍රා මහත්තයා බංගලාවෙන් එළවන්න කවුරු හරි මේක කලා වෙන්න බැරිද" කියමින් විවේක් අලුත් අදහසක් ඉදිරිපත් කලේ ය.

"රුද්‍රා මහත්තයට ලමයි කී දෙනෙක් ඉන්නවද?"

"තුන් දෙනයි සර්.."

"නම් මොනවද?"

"වැඩිමලා අජය. දෙවැනියා මදන්. දුව ලක්ෂනා."

"රුද්‍රා මහත්තයට ඇවිදින්න බෑලු නේද කොහොමද ඒක වෙලා තියෙන්නේ?"

"ඒ ගැනත් හොයල බැලුවා සර්."

"මොකද වෙලා තියෙන්නේ "විවේක් පොලිස් පරීක්ෂකවරයාට කතා කිරීමට ඉඩ නොදී නැවතත් ඇසුවේය.
"අවුරුදු දෙකකට කලින් පැරලයිස් හැදිලා ඇවිදින්න බැරිව ගියා කියලා කියනව සර්.."

"ඒ ගැන ඒ පවුලෙ දොස්තරගෙන් ඇහුවද?"

විජය කුමාර් ගෝකුල් නාත්ගේ පැනයෙන් තිගැස්සිනි.

"ඇහුවෙ නෑ සර්"

"හොයල බලනවා එයාට ඇත්තටම ඇවිදින්න බැරිද කියලා"

"ඔබතුමා එයා ගැන සැක කරනවද සර්.."

"මම සැකයට කිව්ව නෙමෙයි. ඒත් ඒ ගෙදර අය ගැන අපි හොඳට දැනගන්න ඕනෑ ඒකයි. වැඩිහමල් පුතාගේ නම මොකක්ද කිව්වේ?"

"අජය"

"අජයගේ බිරිඳ මාස ගානකට කලින් අසනීපයක් හැදිල මැරුණ කියලා  ආරංචියි. කොහොමද මැරිල තියෙන්නේ කියලා හොයල බැලුවද?"

"ආ.. ඔව් සර්. රෑ පුරාම දරුණු උනක් ගැනිලා තමයි මැරිල තියෙන්න‍ෙඅපේ ලොකු සරුත් ගියානෙ මල ගෙදරට."

"එයාගෙ නම මොකක්ද?"

"දන්නෑ සර්"

විවේක් ක්ෂණිකව තම කුඩා නොට් පොත දිගඇරියේ ය.

"අජයගේ බිරිඳ ලීලාවතී. වත්තේ වැඩකරන මරප්පන් කියල කෙනෙක්ගෙ දුවක්. පොල්ලච්චි වල ඉගෙන ගන්න කාලෙ තමයි දෙන්න හම්බවෙලා තියෙන්නේ. ටිකක් මුරණ්ඩු කෙනෙක්. විවාහ වෙන්න හදනව කියල බංගලාවෙ කට්ටිය දැනගත්තට පස්සෙ අකමැති වුනත් දෙන්න විවාහ වෙලා තියනව. අවුරුදු දහයක්ම එයා බංගලාවේ ඉඳල තියනවා."

"ලීලාවතීගේ මරණෙ ගැනත් සැකයිද සර්."

"ඔව් එක ටිකක් අසාමාන්‍ය මරණයක්"

"ලීලාවතී වැලලුවේ කොහෙද කියලා දන්නවද?"

"බංගලාව පිටිපස්සේ සර්"

"ඇයි ඒ?"

"ඒ පවුලෙ කෙනෙක් මැරුණාම වත්තෙම තමයි වලදාන්නේ සර්"

විවේක් තවත් කුමක්ද කියන්න කියන්න සූදානම් වනවිටම ජිප් රථය රෝහල් ගේට්ටුව පසුකර රෝහල් පෝටිකෝව යට නතර කෙරිනි.

"මේ කේස් එකේ හැම තැනම සැක කරන්න පුළුවන් තැන් තියනවා. හැම කෙනෙක්ම සැක සහිත කෙනෙක්. හැම පැත්තටම කොන් තියන බව පේනවා."

තිදෙනා කතා කරමින්ම රෝහල් මෘත ශරීරාගරය වෙත පැමිණියහ. මෘත ශරීරාගාරය අසලදී ඉන්ස්පෙක්ටර් වරයා ගෝකුල් නාත්ට හා විවේක්ට ආචාර කලේ ය. මෘත ශරීරාගාර භාරකරු විසින් දොර විවෘත කර දුන් පසු දෙදෙන ඒ තුළට ගියහ. එහි දිගැති ලී මේසයක් මත සුදු රෙද්දකින් ආවරණය කරන ලද පවිත්‍රන්ගේ මෘත ශරීරය දක්නට ලැබිනි. මරණ පරීක්ෂන කටයුතු කලා යැයි හැඟවීමට මෙන් මෘත ශරීරායේ හිස වටා බැන්ඩේජ් පටියක් බැඳ තිබිනි.


විවේක් හට පවිත්‍රන්ගේ මෘත ශරීරය දුටු විගස තිගැස්මක් උපන්නේය. ශෙක්කල් මූඩි වෙතට පැමිණීමට ප්‍රථම ඔහු කල කී දේ කෂනයකින් ඔහුගේ මතකයට නැගිනි.

"විවේක් බලන්නකො.. මේ ශෙක්කල් මූඩි කේස් එක ඉවර කරල මිනීමරුවව සතියක් ඇතුලත මම අරන් එනවා."
විවේක් පුදුමයට පත්විය. "පවිත්‍රන් බොහොම දක්ෂ පරීක්ෂකයෙක්. එයා කරපු වැඩක් කවදාවත් වැරදිලා නෑ. මිවිහට බොහොම තද හිතක් තිබුණෙ. මට පුදුමයි මේ සිද්ධීය ගැන."
"එළියෙ කාමරේ තමයි මිනීමැරුම වෙලා තියෙන්නේ සර්"
"මිනිය කවුද ඉස්සරවෙලාම දැකල තියෙන්නෙ?"

"වත්තේ මැනේජර් සර්"

"පවිත්‍රන්ගේ මරණෙ වෙන වෙලාවෙ බංගලාවෙ ඔක්කොම කට්ටිය ඉඳලා තියනවද?"

"ඔව් සර්"

"දොස්තර මරණ පරීක්ෂණ වාර්තාව දුන්න ද?"

"ඔව් සර්" කියමින් මෙතෙක් වෙලා ඉන්ස්පෙක්ටර් තම අතෙහි රෝල් කර තබා සිටි කඩදාසිය විවේක් වෙතට දිගු කලේ ය. වෛද්‍ය වාර්තාවට අනුව මරණය වකුගඩු හා හෘදය දරුණු කැපුම් වලට ලක්වීමෙන් වූ ලේ වහනය මත සිදුවූවක් බවට සටහන් කර තිබිණි.
"මේ මරණය වෙච්චි කාමරය බලන්න දැන් යමු" ගොකුල් නාත් දිගු සුසුමක් පිටකරමින් පැවසීය.
"ඔව් සර් දැන් යමු බංගලාවට"

සියල්ලොම ජිප් රථය වෙත ගොස් එහි නැගී ගමනාරම්භ කළේ ය.


                                             ෴*෴


විවේක් සහ ගෝකුල් නාත් බංගලාව වටා ගොස් එහි පිටුපස ප්‍රෙද්ශයට පැමිණියහ. ශෙක්කල් මූඩි පොලීසියේ උප පරීක්ෂකත් අජය හා වදනුත් වතු කලමනාකාර තංගරාජනුත් ඔව්න සමඟින් සිටියෝ ය. ලීලාවතීගේ සිහිවටනය අසලට සියල්ලෝම පැමිණියහ.
විවේක් තමන් අසලින් සිටි අජය දෙස හැරී,
"මේ ඔයාගෙ බිරිඳගෙ සිහිවටනය නේද?"

"ඔව් සර්"

"ඇයි මිනිය මෙතැන වල දැම්මේ?"

"ඒක අපේ පරම්පරාවෙ මුල් කාලෙ ඉඳන් කරනදෙයක් සර්"

"ඔයාගෙ බිරිඳ කොහොමද මැරුණෙ?"

"දරුණු උනකින් සර්.."

"ගොඩක් කල් ඇඳේ හිටියද?"

"නෑ එක දවසයි හිටියෙ. උදේ වෙද්දි මැරිලා"

"සිහිවටනයට බිරිඳගේ පිළිරුව යොදාගත්තෙ ඇයි?"

"එයාව මතක් වෙන්න සර්..."

"පවිත්‍රන් කාමරේ නතර වෙලා හිටිය කාලෙ මේ පිළිරුව ළග පහනක් පත්තුවුනු බවත් වළලු සද්දයක් මේ අසලින් ඇහුණු බවත් කියල තියනව. ඒ ගැන තමුන්ට මොනවද කියන්න තියෙන්නෙ?"

"මම ඒ ගැන දන්නෙ නෑ සර්." අජය ක්ෂණිකයෙන් පිළිතුරු දුනි.
"කොහොමද දන්නෙ නෑ කියන්නේ.. තමන්ගෙ ගෙදර වෙන දේවල් දන්නෙ නැද්ද තමුන්?" කියමින් විවේක් අජය වෙත තියුනු බැල්මක් හෙලුවේ ය.
"මම මේ දක්වා ඔය කිව්වා වගේ දෙයක් දැකල නෑ සර්.." පහත් ස්වරයකින් අජය පැවසී ය.
"ඔයාලගේ ගෙදර වෙක කවුරුහරි ඒ වගේ දෙයක් දැකල තියනවද?"

"නෑ.. මම හිතන්නෑ. එහෙම දෙයක් දැක්කනම් මට කියනව."

සිහිවටනය හා පිළිමට වටා ගිය පිරිස අනතුරුව බංගලාවට ඇතුල් වී විසිත්ත කාමරයට ගියේ ය. කාමරය තුල වූ සෝපාව මත කඳුළු සලමින් සිටි ලක්ෂනා හා කෝකිලා එසැනින් නැඟී සිටියහ. විවේක් තමා අසල සිටි ජෙගදාම්බාල් වෙත නැඹුරු වී සිහින් ස්වරයෙන් ඇය ඇමතී ය.

"ඔයාලගේ ගෙදර මේ සිද්ධවෙන මිනීමැරුම් වලට හේතුව මොකක්ද කියලද හිතන්නේ..."

ජෙගදාම්බල් තම දුක්මුසු හඬින්ම, "අපිව විනාස කරන්න හදන එවුන්ගෙ වැඩක් තමයි මහත්තයො.." යි කීවාය.

විවේක් මඳ සිනහවක් නඟමින්, "ඔයාලව විනාශ කරන්න හදනවනම් ඔයාලගෙ පවුලෙ අයවනෙ මරන්න ඕනේ.. නමුත් මේ වනතුරු මැරුණු අය පවුලට පිටින් හිටපු අය නේද?"

මදන් වහාම ඉදිරියට පැමිණ "ඉස්සරල මැරුණු සුපවයිසර්ලගෙ මරණ මිනීමැරුම් නෙමෙයිනෙ සර්. එක්කෙන්ක් කරන්ට් වැදිලා මැරුණා. අනිත් කෙනා කුරුදියාරු ඇලේ නාන්න ගිහිං මැරුණා."

"ඔයා එහෙමද හිතන්නේ..?"

"ඇයි ඔබතුමා ඒක විශ්වාස කරන්නේ නැද්ද?"

"විශ්වාස කරන්න පුළුවන්කමක් නෑ.." යි කියමින් විවේක් නැවත ජෙගදම්පාල් දෙසට හැරුනේ ය.

"අර ඇහුන කියපු වළලු සද්දේ තියන වළලු ඔයාලගේ ගෙදර කවුද පාවිච්චි කරන්නේ?"
ජෙගදම්බාල් මඳ නිහැඬියාවකි.

අනතුරුව තම දියණිය හා මිනිබිරිය දෙස බලා "කවුරුත් ඒ ජාතියෙ වළලු පාවිච්චි කරන්නෑ ඉන්ස්පෙක්ටර් හැබැයි මැරුණු ලීලාවතී ජීවත්ව ඉන්නකොට ඒ ජාතියෙ වළලු දාගෙනයි හිටියෙ"

විවේක්ගේ සූක්ෂම දෑස් එකවරම තියුනු විය.

"එහෙනම් රෑට අර පිළිමේ ගාව ඇහෙන වළලු සද්දෙ ලීලාවතීගෙ කියල හිතනවද?"

"ඔව් එහෙම වෙන්න පුළුවන්. එයා හුගක් ආසාවල් හිතේ තියාගෙන මැරුණු කෙනෙක්. එයාට එච්චර ඉක්මනට ස්වර්ගෙට යන්න පුළුවන් කමක් නෑ"

"ඔයා ඒ සද්දෙ අහල තියනවද?"

"මට එක පාරක් ඇහිලා තියනවා."

"ඒ කවදද?"

"දැනට මසෙකට විතර උඩදි රෑ වෙලාවක මගෙ මතකෙ හැටියට."

"ඔයා ඉතින් ඒ ගැන හොයලා බැලුවෙ නැද්ද?"

"නෑ.. මට බය හිතුණා."

"ඒ ගැන වෙන කාටවත් කිව්වෙත් නෑ..? විවේක් තියුනු ස්වරයෙන් ඇසුවේ ය."
"නෑ.."

"ඇයි ඒ?"

"ඒ ගැන කියල අනිත් අයව බයකරන්න හොඳනැති නිසා කිව්වෙ නෑ. මට ඊට පස්සෙ ඒ සද්දෙ ඇහුනෙ නෑ."

ඉන් අනතුරුව විවේක්ගේ දෑස් යොමුවූයේ ජෙගදාම්බාල්ගේ සාරිපොට සමඟ දැවටෙමින් සිටි සිඟිති දැරිය ජෝති වෙතයි. ඇගේ සියුමැලි කම්මුල් අතින් පිරිමදිමින් විවේක්,

"බබා ඔයාගේ නම මොකක්ද?"

"ජෝති"

"ඔයා කීවෙනි පන්තියෙද ඉගෙනගන්නේ..?"

"මම හතරෙ පන්තියෙ ඉන්නෙ.මේ අවුරුද්ද ඉවර වුනාම පහට යනවා.."

එකෙනෙහිම ඉදිරියට පැමිණි අජය, "සර් ජෝති හරිම බයයි. එයාගෙ අම්මා ගැන මොනවහරි ඇහුනොත් එයා අඬනවා. ඒ ඇඬිල්ල නවත්තන්න කාටවත් බෑ. එයා නිසා තමයි සිහියටන පිළිමයක් පවා හදන්න සිද්ධවුනේ.. එයාගෙන් මොකුත් මේ ගැන අහන්න එපා කරුණාකරලා..ප්ලීස් සර්"

විවේක් අජයගේ ඉල්ලීම කෙරෙහි අවදානය යොමු නොකරම, "බබා අම්මා ඔයාට ගොඩක් ආදරේයිද?"
ජෝති හිස සැලුවේ ය.

"අර එළියේ කාමරේ හිටපු මාමා මැරුනෙ කොහොමද කියලා ජොති බබා දන්නවද...?"

"මම...... මම දන්නෑනෙ.."

"එළියෙ කාමරේට ඒ මාමා හැර වෙන කවුරු හරි යනවා ඔයා දැකල තියනවද බබා...? "

ජෝතිගෙන් පිළිතුර ලබාගැනීමට පෙර නැවතත් අජයගේ බාධා කිරීම මතුවුනි.

"ජෝති බයවෙලා ඉන්නේ ඉන්ස්පෙක්ටර්, එයාගෙන් මේ මරණෙ ගැන අහන්න එපා ප්ලීස්..."

විවේක් මඳ සිනාවකින් මුව සරසා ගනිමින්, "ජෝති දිහා බැලුවාම එහෙම පෙන්නෑනෙ.. ලොකු අය හංගන සමහර දේවල් පොඩි අය කියනවා. ඒකයි ජෝතිගෙන් ඇහුවෙ.. "ඔයා කියන්න බබා එළියෙ කාමරේ ඉඳල කවුරුහරි එළියට එනවා ඔයා දැක්කද?"

"මම..... ම.. දැක්කෙ නෑ"

විවේක් මඳ සිනාවක් නඟා නැවතත් ජෝතිගේ කම්මුලට තට්ටුකර ගෝකුල් නාත් දෙසට ඇරෙමින්, "අපි රුද්‍රා මහත්තයටත් කතා කරමු නේද" යි ඇසී ය.

"ඔව්.." ගෝකුල් නාත් පිළිතුරු දිනි. සියලු දෙනා රුද්‍රා මහතා මුව ගැසීම පිණිස තරප්පු පෙළ නගින්නට වූහ.
                                
                                                ෴*෴


ගෙලවටා සලුවක් දවටා කල්පනාවේ නිමග්නව රොද පුටුව මත සිටි රුද්‍රා මහතා වෙතට නැඹුරු වූ ගෝකුල් නාත්,
 "ඔබට කරදර කරන්න සිද්ධවීම ගැන මුලින්ම සමාව ඉල්ලන්න කැමතියි."

"එන්න" රුද්‍රා මහතා ගැඹුරු හඬින් පැවසී ය.

"මේ බංගලාවේ සිද්ධවෙන මිනීමැරුම් වලට හේතුව මොකක්ද කියන්න මම දන්නෑ. ඔයාලා මැඩ්රාස් වල අපරාධ අංශෙ කට්ටිය බව මම දන්නවා. මේ මිනීමැරුම් වලට නැවතීමේ තිත තියන්න ඕනෙ දැන්වත් ඉන්ස්පෙක්ටර්.."

"ඒකට ඔබේ උපකාරය ඕනෑ සර්.."

"කියන්න මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ.."

"මමත්  විවේකුත් මේ බංගලාවේ ටික දවසකට නතර වෙලා මේ මරණ ගැන පරීක්ෂණ කරන්නයි හිතාගෙන ඉන්නෙ." ගෝකුල් නාත් ස්ථිර හඬින් පැවසී ය.

ගෝකුල් නාත්ගේ ඉල්ලීමට ක්ෂනයකින් රුද්‍රා මහතාගේ මුහුනේ ඉරියව් වෙනස් කිරීමට සමත් විය.

"මේ බංගලාවේ නතර වෙන්නද අදහස"

"ඔව්"

"එළියේ කාමරේ?"

"ඔව්"

"හොඳට කල්පනා කලා ද?"

"හම්ම්... ඔව්"

"මීට කලින් එතැන හිටපු  අයට මොකද වුනේ කියලා දන්නවනේ ඉන්ස්පෙක්ටර්.."

විවේක් තම හඬ අවදි කලේ ය.

"මේ කාකි නිල ඇඳුම විතරක් නෙමෙයි අපේ ජීවිතවත් අපිට අයිති නෑ කියලා මම හිතනවා. මිස්ටර් රුද්‍රා මේ විවේක් ගැන දන්නෑ. මේ කේස් එක අවසාන කරන කොට එයා කවුද කියලා ඔබට තේරේවි."

"හොඳයි ඔයාලට උවමනා විදිහට මේ බංගලාවෙ ඉන්න පුළුවන්. ඔයාලට කැමති කාමරයක නතර වෙන්න පුළුවන්. උවමනා උදව්වක් කරන්න මම සූදානම්. මගේ පවුලෙ අයත් ඔයාලට උදව් කරාවි."
රුද්‍රා මහතා කීවේ ය.

විවේක් සැහැල්ලු ස්වරයෙන්, "ඔබගේ පුතා අජයගේ බිරිඳ ලීලාවතී ජීවත්ව ඉන්න කාලෙ වළලු වගයක් "පැළදගෙන හිටිය කියලා කියනවා. ඒක ඇත්තද?"

"ඔව්"

"ඒ වළලු දැන් මට බලන්න පුළුවන්ද?"

"මොකටද ඉන්ස්පෙක්ටර්??"

"කරුණාකරලා හේතුව අහන්න එපා. එවා කාටහරි අරගෙන එන්න කියල කියන්න."

"රුද්‍රා මහතා ජෙගදාම්බාල් දෙසට හැරී, අර ලීලාවතීගේ වළලු කබඩ් එකේ නේද තියෙන්නෙ.."
"ඔව්"

"එක්කගෙන ගිහින් ඒවා මේ මහත්තුරුන්ට පෙන්නන්න."

"හොඳමයි. එන්න ඉන්ස්පෙක්ටර්.."

ජෙගදාම්බාල්, ගෝකුල් නාත් හා විවේක් විජය කුමාර්ද සමඟ උඩුමහලේ  ඇතුල් කාමරයක් වෙතට කැඳවාගෙන ගියා ය. කාමරය තුල වූ ලී අල්මාරියක් අසලට පැමිණ තම ඉනත් සාරියත් අතර රඳවා තිබූ  රිදී පැහැති යතුරු කැරුල්ල අතට ගත් ජෙගදාම්බාල් එයින් එක් යතුරක් තෝරා අල්මාරිය විවෘත කලා ය.

ඇය අල්මාරියේ දෙවන තට්ටුවේ වූ කුඩා ඇසුරුමක් තුළට අත යැවුවා ය. ක්ෂණයකින් ඇගේ මුහුන වෙනස් විනි.

"ඉන්ස්පෙක්ටර්...!"

"ඇයි නෝනා...?"

"වළලු මෙතන තමයි තිබුනේ.. දැන් නෑනේ..!!"


                                                           *෴ ෴*



7 වන පරිච්ඡේදයෙන් හමුවෙමු...

Comments

  1. ඔන්න කිව්ව දවසටත් කලින් 6 වෙනි පරිච්ඡේදය දැම්මා හොදේ... :)

    ReplyDelete
  2. අයියෝ පවිත්‍රන් ගැන නම් දුකයි...මේක නම් හැමදාම කුතුහලය ගෙන කතාවක්..

    ReplyDelete
    Replies
    1. පවිත්‍රන් වැඩේ වන කරගත්තනෙ මුලින්ම.ලස්සනට ලිහාගෙන ආව අභිරහස තවත් පැටලුනා නේද
      ඒකෙන්.
      මොනා කරන්නද නිම්ශා අක්කේ අර කතාවටත් කියනවනෙ'සිතූ දේ නොම වෙයි නොසිතූ දේම සිදු වෙයි කියලා. :)

      Delete
  3. පවිත්‍රන් මැරුණද? හෆොයි එතකොට දැන් වීරයා විවේක් නේද
    නියමයි නියමයි ඔහොම යමු..

    ReplyDelete
    Replies
    1. මැරුණ නේන්නම්. වීරයා කවුද කියලා තමයි ඊළගට හිතන්න තියෙන්නෙ.විවේක්ද ගෝකුල් නාත්ද කියලා කියන්න බෑනෙ හරියටම.බලමුකො තව ඉස්සරහට.

      නිශාන් අයියේ.. අදහසට ස්තූතියි

      Delete
  4. මම හිතන් හිටියේ පවිත්‍රන් කතා නායකයා කියලා.. ඒත් එහෙම නෑනේ.. දැන් කතාව යන්නේ වෙන පැත්තකට.. බලමුකෝ..

    ReplyDelete
  5. පවිත්රන් මැරුණා කියලා මට තාමත් විශ්වාස නෑ අප්පා....නියම කතාවක් මේකනම්. කුතුහලය උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි මිස්... :)

      Delete
  6. අයියෝ පවිත්‍රන්.හිතාගන්නත් බෑ..:(
    කතාව නම් සුපිරි මල්ලියෝ.ඊළඟ කොටසත් ඉක්මනින් පබ්ලිෂ් කරන්න.

    ReplyDelete
    Replies
    1. තවත් හිතාගන්න බැරි දේවල් ඉදිරියට බංගලාවෙ වෙයි.කෝකටත් ඉන්ඩකෝ ඊළඟ කොටස ඉක්මනින්ම දාන්නම්.

      අපි අපි වගේ වෙත සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  7. සුපිරි කතාව මල්ලී. පුලුවන්නමි පොතක් විදිහට පලකරන්න. ලොකු උදවිවක්.!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මේ කතාව පොතක් වෙනවා අයියේ.ඒක ගැන කිසි සැකයක් තියාගන්න එපා.

      Delete
  8. අයියෝ පවිත්‍රන් සිරාවටම මැරිලනේ අප්පා..... අර වලලු නැති කේස් එකත් සැකයි.පොඩි එකාගෙන් එක එක ඒවා අහනවටත් බාධා කරන්න හදපු එවුන්වත් සැකයි....

    ලීලාවති මැරිලා නෑ කියයිද අන්තිමට?? විවේක්ටත් බඩු පැකට් වෙයිද ??? මේක මාර කුතුහලාත්මකයිනේ..... දිගටම ලියලා පොතක් විදියට ගහමු මේක මාර වටිනවා සහෝ

    ReplyDelete
    Replies
    1. ගැමියට සැක හිතෙනවනම් ආයෙ දෙකක් නෑ ඒක හරි. ඔන්න බලහංකො ඊළඟ කොටසෙ වෙන දේවල් දැනටමත් ගැමියට හිතිලා ඇති සුවර් එකටම. හිකිස්.... :p

      Delete
  9. හ්ම්ම්... වීරයා ඇත්තටම මැරිලා! අනේ මන්දා හිතාගන්නම බෑනේ වෙන්න යන්නෙ මොනවද කියලා. හත්වෙනි කොටසත් එනකල් බලන් ඉන්නවෝ...

    ReplyDelete
    Replies
    1. හරි ඔන්න පොරොන්දුවක් දෙනවා ආයෙත්.ඊළග කොටස මේ සතියෙම දෙනවා.

      ස්තූතියි ලකී..

      Delete
  10. ෂිහ්... මම හිතුවෙම නෑ පවිත්‍රන් මලා කියලා. දැන් බැලුවම මිනිහා ඇත්තටම මැරිලා?

    ReplyDelete
    Replies
    1. මලා තමා.ඒත් පවිත්‍රන්ගෙ මරණෙන් බංගලාවෙ මේ වෙනදේවල් විසදෙනවනම් තව ජීවිත කොච්චරක්නම් මරණෙන් ගැලවෙයිද??

      xander අයියා phone එකෙන් නේද මේ කමෙන්ට් කරන්නේ.ඔය තියෙන්නෙ යස අගේට.

      Delete
  11. කලින් ඒව බැලුවට කමෙන්ට් කලේ නැහැ.

    මේ කමෙන්ට් එක දාන්නෙත් කලින් එක මිස් වෙලා කියල කියන්න. ;)
    කලින් එක බලන්නෝනි..

    ජය !

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නොකලට මොකද බලනවනම්.එච්චරයි ඕනෙ.

      කලින් ඒවගේ ලින්ක් ටික හරියටම හරිද මන්දා.හදිස්සියට දැම්මේ.වැඩ නොකලොත් ටැග් එකෙන් යන්න.

      එලස්!

      Delete
  12. ම්ම්ම්....තව තව ලස්සන වෙනවා...එළ ඈ...ඉක්මනට දාන්න ඉතුරුටික..මටත්දැන් ඔය ගෙදරට යන්න හිතිල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අර මොකෝ තරූ බංගලාවට යන්න හිතුනෙ.ඇයි ජීවිතේවත් එපා වුනාද? ගියොත් ආපහු ඒම බොරු පුතේ..

      Delete
  13. අදත් ආව...අලුත් එකක් නැද්දෝ

    ReplyDelete
    Replies
    1. අයියෝ... සමාවෙන්න රෙෂාන් අයියේ.. ටිකක් වැඩ වැඩි වුනා.ඒකයි පරක්කු වුනේ.. මෙන්න දැම්මා අලුත් එක.

      Delete
  14. වීරයා මැරිලා :(

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය