මරණයට අයදුමක් - 4 වන පරිච්ඡේදය


 
වෙලාව උදෑසන හයයි. දොරට තදින් තට්ටුකරන හඬින් පවිත්‍රන් නැඟී සිටියේ ය. තම රාත්‍රී ඇඳුම සකස් කර ඇදගත් ඔහු දොර අසලට ගොස් අගුල කරකවා දොර විවෘත කලේ ය. වතු කලමනාකරු දොර අසල සිටියේ ය. මනා ලෙස සැරසී සිටි ඔහුට "ගුඩ් මෝනින් සර්" යනුවෙන් පැවසී ය.

"තමුසේ ඉක්මනට නාලා හොඳ ඇඳුමක් දාගෙන එනවා. ලොක්කා තමුසෙව හමුවෙන්න ඕනෑ කියල කිව්වා."

"හොඳයි සර් විනාඩි දහයෙන් එන්නම්."

"පරක්කු වෙන්න එපා ඉක්මනට එනවා ලොක්කට කේන්ති යයි" කියමින් තංගරාජන් ආපසු යන්නට ගියේය. 

පවිත්‍රන් තම බ්‍රීප් කේසයෙන් දත් බුරුසුව ගෙන එයට දන්තාලේප පුරවා ගෙන නාන කාමරයට ඇතුල් වූවේ ය.හේ විනාඩි අටක් තුල හොඳ ඇදුමකින් සැරසී කාමරයේ දොර වසා එළියට පැමිනියේ ය.

බංගලාවේ පසුපස ප්‍රදේශයට ඔහුගේ දෑස් ක්ෂනයකින් යොමුවිනි. පෙර දින රාත්‍රියේ බියමුසු දසුනක් මවා පෑ පැරණි ලිඳ හා සිහිවටනය කිසිත් සිදු නොවූවා සේ දිස්විය.

"අපරාදේ මම ඊයේ රෑ දුවගෙන ආවෙ. ඒ වළලු සද්දේ කොහෙන්ද ආවෙ කියල බලන්නයි මට තිබුනෙ"
බංගලා පෝටිකෝවේ සිටි තංගරාජන් තමා දෙස බලා සිටින අයුරු ඔහුය පෙනිනි. ඔහු හනික බංගලාව දෙසට ගමන් කලේ ය.

"ලොක්කා බොහොම නීතිගරුක කෙනෙක්. එයා අහනදේට විතරක් උත්තර දෙනවා. උවමනා නැති විදිහට කතා කරන්න හොඳද"

හොඳමයි සර් කියමින් තංගරාජන් සමඟින් තරප්පු පෙල නැග උඩුමහලට පැමිනියේ ය.
උඩුමහලේ කාමරයක ජනේලයකින් අවට පරිසරය නරඹමින් රෝද පුටුවක් මත සිටි ඒ මිනිසා එකවරම ඔවුන් දෙසට හැරුනේය.

අවුරුදු හැටක් පමණ වයසැති රුද්‍රා මහතා මඳක් තරබාරු සිරුරැතිත්තෙකි. වේටිටියකින් හා සැහැල්ලු කමිසයකින් ඔහු සැරසී සිටියේ ය. තලෙළු පැහැය, පලල් නළල් තලය ඔහුට ගාම්භීර බවක් ‍ගෙන දුනි. දෑසේ පැලදි කන්නාඩි යුවල මතට හිරැරුස් පතිත වී දීප්තිමත්ව දිදුලන්නට විය.ඔහු සිය සිහින් දෙතොල විවර කර "එනවා මල්ලී" යනුවෙන් පවිත්‍රන් ආමන්ත්‍රනය කරන විට ඉදිරි ඇන්දට අලුතින් සවිකරන ලද දත් ඇන්දේ දත් දිලිසිනි.

"වාඩි වෙනව මල්ලී.."

"කමක් නෑ සර්" කියමින් පවිත්‍රන් ඔහු කෙරෙහි තමා තුල ඇති ගෞරවය පෙන්වීමට උත්සහ කලේ ය.

"බොරු ගෞරවයක් උවමනා නෑ. ඔහොම වාඩි වෙනව අයිසේ.. තංගරාජන්, තමුසෙත් වාඩි වෙනවා."
රුද්‍රා මහතාගේ අනින් දෙදෙනාම අසුන් ගත්තේ ය.

"තමුසේ මැඩ්රාස් ඉඳල ආව බවත් නම පවිත්‍රන් බවත් මෙහේ වැඩට ආව බවත් තංගරාජන් මට කීවා. පහුගිය හය මාසෙක ඉඳල මේ බංගලාවේ තත්වෙ හොඳ නෑ. පුදුම විදිහෙ දේවල් වෙනවා මට මේ මොකවත් තේරෙන්නෑ. වැඩට ආව සුපවයිසර්ලා දෙන්නෙක්ම මැරුනා. බංගලාවෙ මුරකාරයත් දැන් මැරුනා. හෙට වෙනකොට තව මොන මොන දේවල් සිද්ධ වෙයිද කියන්න දන්නෑ. ඉතින්, මේ තත්වෙ උඩ තමුසේ මෙහේ වැඩ කරන්න කැමතිද?"

පවිත්‍රන් සිනාසුනේය.

"සර් එක්කෙනෙකුගේ ඉරණම තව කෙනෙකුට උදාවෙන්නේ නෑ. මගෙ මරණය ගැන මම දුක් වෙන්නෙත් නෑ. මීට කලින් මැරුනු සුපවයිසර්ල දෙන්නම මැරුනේ අනතුරු වලින්නේ. මුරකාරය විතරයි මරලා දාලා තිබුනේ. ඒක ඉක්මනට පොලිසිය සොයා ගනීවි."

"එහෙනම් තමුසෙ මෙහෙ වැඩ කරන්න කැමතිද?"

"ඇත්තෙන්ම"

තමුසෙට දරු පවුලක් ඉන්නවද?"

"මම තවම බැඳල නෑ සර් අම්මා තාත්තා ගමේ ඉන්නව"

"හොඳට කල්පනා කරලා බලනවා ආයෙම. රස්සාවක් ලැබුනේ නැති කමට මෙහාට ඇවිත් මේ රස්සාව කරන්නම බලන්න එපා. හැන්දැ වෙනකම් කල්පනා කරල බලල තමුසෙගෙ තීරණෙ කියනවා."

"කල්පනා කරන්න දෙයක් නෑ සර්.. මම මේ මොහොතෙ ඉඳල මෙහෙ රස්සාව කරන්න කැමතියි. මම කීයටද වැඩට එන්න ඕනෑ.. කීයටද අවසන් වෙන්නේ කියල කීවොත් ඇති සර්."
රුද්‍රා මහතා තංගරාජන් දෙස හැරෙමින්, "තංගරාජන්.. තමුසෙ මොනවද කියන්නේ."
"සර්.. මම ඊයෙ රෑ පවිත්‍රන් එක්ක කතා කලා. එයාව වැඩට ගන්න පුළුවන්. එයාගෙ තියන ස්ථිර අධිෂ්ඨානයට මම කැමතියි."

"හොඳයි එහෙනම් එක්කරගෙන ගිහින් පත්වීම් ලියුම සකස් කරලා එයාට දෙනවා. මෙහෙ වැඩ පිළිවෙල ගැනත් කියලා දෙනව."

රුද්‍රා මහතා විසින් තංගරාජන් හට ලබාදුන් උපදෙස් අවසානයේ තංගරාජන් පවිත්‍රන් දෙස ඇසක් ඉඟිකරමින් කාමරයෙන් ඉවත්වන ලෙසට සන් කලේ ය.

තරප්පු පෙල බසින අතර තුර තංගරාජන්,

"පවිත්‍රන් තමුසෙ පඩිය කීයක් විතර බලාපොරොත්තු වෙනවද? මීට කලින් වැඩ කරපු සුපවයිසර්ලට රුපියල් දෙදාස්පන්සීය ගානේ තමයි ගෙව්වේ"

"මටත් ඒ ගාන දෙන්න සර්.."

"තමුන්ගෙ රාජකාරිය මේකයි. හැමදාම උදේ අටේ ඉඳලා හවස හය වෙනතුරු වත්තේ වැඩ කරන මිනිස්සුන්ව සුපවයිස් කරන්න ඕනෑ. පහෙන් පස්සේ කුලී සල්ලි ගෙවන්න ඕනෙ. හැමදාම කෙරෙන වියදම් පොත් වල සටහන් කරන්න ඕනෑ."

"ආ.. තමුසෙට එළියෙ කාමරේ නවතින්න පුළුවන්. තුන් වේල කෑම බංගලාවෙන් ලැබෙයි. අවුරුද්දකට නිල ඇඳුමකුත් ලැබෙයි."

"ස්තූතියි සර්"

"වත්ත කොහෙද තියෙන්නේ කියලා දන්නවද?"

"දන්නෙ නෑ සර්"

"අද මම තමුසෙව මගෙ මෝටර්සයිකල් එකෙන් එක්කන් යන්නම්. හෙට ඉඳල තමුසෙ තනියම බයිසිකල් එකේ යන්න ඕනෙ හරිද"

පවිත්‍රන් හිස සැලුවේය.

ඔවුන් කතා කරමින්ස බංගලා පෝටිකෝවට පැමිනියහ. ඒ මොහොතේ පොලිස් රථයෙන් වතු බංගලාව දෙසට පැමිනෙමින් තිබිනි. ජිප් රථයෙන් බට පරීක්ෂක හා උප පොලිස් පරීක්ෂකවරයා ඔවුන් අසපට පැමිනියේ ය.
තංගරාජන් මවාගත් සිනාවෙන්  "ගුඩ් මොනින්" යනුවෙන් සුභ පැතීය.

"ගුඩ් මොනින් තංගරාජන්. උදෙන්ම කොහෙහරි යන්න වගෙයි." කියමින් පරීක්ෂකවරයා ඔහුන් හා කතාවට එක්විය.

"පවිත්‍රන් අද ඉඳල රස්සාවට ගත්තා. එයාට වත්ත පෙන්නන්න යන්නයි සූදානම් වුනේ.."

"ආ.. එහෙමද. නමුත් අපිට මේ පවිත්‍රන්ව පොලීසියට එක්කගෙන යන්න උවමනා වෙලා තියනවා. එයාගෙන් ප්‍රශ්න කරන්න වුවමනයි. එයාව එවන්න පුළුවන්ද අපිත් එක්ක?"

"දැන්ද ඉන්ස්පෙක්ටර්..!"

"ඔව් පැයක් දුන්නොත් ඇති. ආපහු ගෙනත් බස්සන්නම්. නැත්තම් වත්තට ඇරලන්නම්."

"හොඳයි එහෙනම් වත්තට එවන්න ඉන්ස්පෙක්ටර්. මම එහෙ ඉන්නම්. පැයක් ඇතුලත ආපහු ගෙනත් ඇරලවනවා නේද?"

"අනිවාර්යෙන්ම"
පවිත්‍රන් අමනාපයෙන් මෙන්, "මාව මොකටද සර් පොලීසියට ගෙනියන්නේ.." යි විමසී ය.
"මුරකාරයාගේ මරණෙ ගැන තමුන්ගෙන් තවදුරටත් ප්‍රශ්ණ කරන්න ඕනෑ. කරුනාකරල ජිප් එකට නගින්න"

පවිත්‍රන් කිසිවක් නොකියාම ජිප් රථයට නැගුනේය. උප පරීක්ෂක රථය පණගන්වා පරික්ෂකවරයා නැගුනු පසු බංගලාව වටා දිවෙන රවුම් මාර්ගයෙන් ගොස් ගේට්ටුව පසුකර බංගලා වත්තෙන් එළියට ජිප් රථය පැදවී ය.
"සමාවෙන්න සර් උදෙන්ම කරදර කලාට."

ඉන්ස්පෙක්ටර් පවිත්‍රන්ගෙන් සමාව අයදිමින්සිය කතාව ඇරඹීය.

"මැඩ්රාස් වල ඩිවිෂන් ක්‍රයිම් බ්‍රාන්ච් එකෙන් සර් ගැන තොරතුරු අහල පණිවිඩයක් ආවා. ඔයා දැන් කරගෙන යන කේස් ගැන ඔයත් එක්ක කතා කරන්න ඕනෙ කියලා කීවා."
"කවුද කතා කලේ..?"

"ගෝකුල් නාත් කියලා කෙනෙක්"

"කාරනේ මොකක්ද කියලා ඇහුවෙ නැද්ද"

"නෑ.. ඔයත් එක්ක කතා කරන්න ඕනෑ කියලා තමයි කිව්වේ. පැයකට පස්සේ ආයේ කතා කරනව කීවා. ඒකයි සර්ව එක්කගෙන යන්න ආවේ"

"බොහොම ස්තූතියි"

ජිප් රථය හඬ නංවමින් පොලිස් පොටිකෝව ඉදිරිපිට නතර කෙරිනි.

ජිප් රථයෙන් බසින අතරතුරම පොලිස් පරීක්ෂකවරයා පවිත්‍රන් ගෙන් විමසී ය.

"ඊයේ රාත්‍රියෙ බංගලාවෙ මොනවා හරි දකින්න ලැබුනද සර් ?"

පවිත්‍රන්ට පෙර දින රාත්‍රියේ තමන් මුහුන දුන් අත්දැකීම් චිත්‍රපටයක් මෙන් මනස තුල දිගහැරෙන්නට විය.
පෝටිකෝවේ සිට පොලීසිය තුලට ගමන් කල කාලය ඒ සිදුවීම ලුහුඬින් පරීක්ෂකවරයාට විස්තර කර දීමට ඔහු සමත් විය.

"ඒ පහන් එළියත් වළලු ශබ්දයත් සාමාන්‍ය දේවල් දේවල් නෙමෙයි. ඒක ලීලාවතීගේ අවතාරෙ වෙන්න බැරිද සර්..?"

පවිත්‍රන්ට කෂණයකින් සිනා පහල විනි.

"අවතාර...හා හා.. තමුසෙ අවතාරත් විශ්වාස කරනවද"

"මට මේ... මට ‍පොඩි විශ්වාසයක් තියනවා සර්.."

"අවතාර කියන්නේ සම්පූර්ණ බොරු ඉන්ස්පෙක්ටර්. ඊයේ රෑ මම බයවුනා තමයි. නමුත් දැන් ඒ ගැන බයක් දැනෙන් නෑ."

කතා කරමින් තිදෙනා පරීක්ෂකවරයාගේ නිල කාමරයට පැමිනියේ ය. සේවකයෙකු විසින් පිරනමන ලද තේ කෝප්පයක් රස විඳිමින් සිටින අතරතුර දී පවිත්‍රන් බලාපොරොත්තුවෙන් සිටි ඒ දුරකතන ඇමතුම ලැබුනි. පවිත්‍රන් රිසීවරය ගෙන  ඇමතීය.

"ගුඩ් මොනින් ගෝකුල් නාත්"

ගෝකුල් නාත් මැඩ්රසයේ සිට ලිඳක සිට නගන ලද හඬක් පරිද්දෙන් "ගුඩ් මොනින්" යනුවෙන් සුභ පැතීය.
"ගිය වැඩේට මොකද වුනේ.. වැඩට ගත්ත ද?"

"ඔව්, වැඩට ගත්තා"

"ඔයාගේ පරීක්ෂනේය අන්තිමට මැරුණු මුරකාරයගේ මරණෙත් එක් කරන්න වෙයි."

"හම්ම්...ඔව් බලාපොරොත්තු නැති මරණයක් ඒක."

'මොනවද අලුත් තොරතුරු"

"මම හෙට උදේ ටෙලිපෝන් කරන්නම්.බ්‍රාන්ච් එකේ ඉන්න ගෝකුල් නාත්." කියමින් ඇමතුම අවසන් කොට රිසීවරය තැබුවේ ය.
"එච්චරද කතාව?" ඉන්ස්පෙක්ටර් විමසිලිමත් දෑසින් යුතුව විමසී ය. පවිත්‍රන් සිනාවකින් මුව සරසා ගනිමින්,
"මාව වැඩට ගත්තද කියලා බලන්නයි කතා කරල තියෙන්නේ"

"එහෙනම් ඔයාව වත්තට ගිහින් ඇරලන්නම්ද සර්.."

"වත්ත මෙහෙ ඉඳල කොච්චර දුර ද?"

"නෑ මේ ළඟමයි තියෙන්නේ"

"එහෙනම් යමු. හෙටත් පරීක්ෂන කටයුත්තකට කියලා මාව එක්කගෙන යන්න එන්න ඕනැ හොඳද"

ඉන්ස්පෙක්ටර් හිස සැලීය. නැවත ජිප් රථයට නැඟුනු තිදෙන වතු යාය බලා ගමන් ඇරඹීය.

"විජය කුමාර්..?" ඒ ඉන්ස්පෙක්ටර්ගේ හඬයි.
"සර්...!"
"එහෙනම් ඔයා සර්ව වත්තෙන් බස්සලා රෝහලට ගිහින් මුරකාරයගෙ මරණ පරීක්ෂන වාර්තාව කවදද ලැබෙන්නෙ කියල බලන්න ඕනෙ හොඳද"

"හොඳමයි සර්"
ඉන්ස්පෙක්ටර් ගමනේ අතර මඟදී ජිප් රථයෙන් බැස "එහෙනම් හෙට හමුවෙමු සර්" කියමින් ආචාර කර පවිත්‍රන් හට අතට අත දී සුභ පැතුවේ ය.

පවිත්‍රන්  රැගත් ජිප් රථය වතුයාය බලා පිටත් විනි. ගල් බොරළු සහිත ඒ මාර්ගයේ විනාඩි දහයක ගමනකින් අනතුරුව ජිප් රථය කොල පැහැති දිදුලන වතුයාය තුලට පැමිනිනි.

වත්ත පුරාම මල් පිපිනු ගස් පිරී පැවතිනි. මුලු භූමිය පුරාම  කොල පැහැති සලුවක් ඇතිරුවා මෙන්  දිස්විනි. එක් පසෙක බීට්රූට් වගාවක්ද අනෙක් පස ලීක්ස් වගාවක්ද පරිපූර්ණ වූ වත්ත මනසටත් නෙතටත් ගෙන ආවේ නොසඳ ආශ්වාදයකි.

පවිත්‍රන් ජිප් රථයේ සිටම වත්තේ ඔබ මොබ පිරික්සීය.

"සර්" විජය කුමාර් පවිත්‍රන් අමතමින්,
"මේ තමයි රුද්‍රා මහත්තයාගේ වත්ත.අඩුම තරමේ අක්කර පනහකට වැඩියි."
"ෂා.. ලස්සන තැන" කියමින් පවිත්‍රන් ජිප් රථයෙන් බැස්සේ ය. හමා ආ සීතල සුළඟ ඔහු ගත වෙව්ලවා දැමීය. වත්ත මැද කම්කරුවන් වැඩෙහි යෙදෙමින් සිටියහ. ඔවුන් හා සිට තංගරාජන් පොලිස් ජිප් රථය දැක ඒ අසලට පැමිණියේ ය.
"සමාවෙන්න සර්. ටිකක් ප්‍රමාද වුනා"

"තමුසෙව මොකටද එක්කගෙන ගියේ ?"

"මුරකාරයාගෙ මිනිය ගැන ආයෙම ප්‍රශ්ණ කලා සර්"

"මොනවද ඇහුවේ"

"මම මේ ගමට කලින් ඇවිත් තියනවද කියල ඇහුව. දවල් කාලෙ එන්නේ නැතුව ඇයි රෑ ආවෙ කියල ඇහුවා. 
පොලීසිය මං ගැන සැක කරනව වගේයි සර්.."

"එයාල අහපු ප්‍රශ්ණ වලට මොනවද තමුසෙ දුන්න උත්තර?"

"මම කිව්වා මම මේ ගමට ආව පළවෙනි වතාව බවත් ගමේ කවුරුත් ඇඳුරන්නේ නැති බවත් කීවා."

"බංගලාවෙ ඉන්න අය ගැන ඇහුවෙ නැද්ද තමුන්ගෙන්"

"ඇහුවා සර්"

"මං ගැනත් ඇහුවද?"

"ඇහුවා. සර් වැඩට ඇවිත් කොච්චර කල් ද කියලා ඇහුවා"

"තමුසෙ මොනවද කිව්වේ ඉතින්."

"මම කිව්ව මම මේ බංගලාවේ ඉන්න අය ගැන දන්නෑ අද තමයි දැනගන්න පුළුවන් වෙන්නේ කියලා."

"හරි හරි එනවා යන්න වත්ත බලන්න" කියමින් කතාව වෙනත් අතකට යොමුකල තංගරාජන් වත්ත මැද වැඩෙහි යෙදෙමින් සිටි කම්කරුවන් දෙසට අත්පුඩි ගසා ශබ්ද කර ඇමතුවේ ය.
"ඔක්කොම වරෙල්ලා ඔය වැඩ නවත්තල වරෙල්ලා..."

සියලු කම්කරුවන් වැඩ නවතා දමා පැමින පවිත්‍රන් හා තංගරාජන් දෙපල වටා සිටගත්හ. තංගරාජන් කම්කරුවන් අමතා කතාව ආරම්භ කලේ ය.

"අද ඉඳල මෙහෙ වැඩට ආව අලුත් සුපවයිසර් මහත්තයා තමයි මේ. කවුරුත් මේ මහත්තයට කරදර කරනව හේම නෙමෙයි. හොඳට කියන දේ අහල වැඩ කරන්න ඕනෑ. අද ඉඳල පඩි ගෙවන්නේත් මේ මහත්තය තමයි."
සියලු දෙනාම හිස සැලුවෝ ය.

"හොඳයි දැන් වැඩට පලයල්ලා.."

කම්කරුවන් සියලු දෙනාම විසිර ගියහ. තංගරාජන් ආඩම්භර දෑසින් පවිත්‍රන් ‍දෙස බැලීය. පවිත්‍රන් ඔහු අමතමින්,

"මෙහෙ කම්කරුවන් කීයක් විතර වැඩ කරනවද සර්.''

"ඔක්කොම එකසිය විසි තුනයි. එයින් හැත්තෑවක් ගෑනු. තමුසේ ගෑනු ගැන මොනවගේ මොනවගේ කෙනෙක්ද කියන්න මම දන්නෙ නෑ නමුත් මොකක් හරි නරක දෙයක් කලොත් ගින්දර වගෙයි මේ මිනිස්සු. මේ මිනිස්සුන්ට මොකුත් කරගන්න බෑ කියලා හිතන්න එපා. තමන්ගෙ වත්තේ අයිතිකාරය කියලා බලන්නෑ මුං. තේරුනාද මං කියනදේ තමුන්ට"

"මම එහෙම කෙනෙක් නෙමෙයි සර්..."

"පහුවෙනකොට තමුසෙ කවුද කියල අපිට හොයාගන්න පුළුවන් වෙයි" කියමින් තංගරාජන් පවිත්‍රන් දෙස සැක මුසු බැල්මක් හෙලමින් වත්ත කෙලවරක පිහිටි තහඩු සෙවිලි කල කුඩා මඩුව  දෙසට යාමට පෙරමුණ ගත්තේ ය. මඩුව තුල මේසයක් පුටු දෙකක් තිබූ අතර මේසය මත පොත් පත් කීපයක් තිබිනි. තංගරාජන් පොත් පත් හඳුන්වා දෙමින් රාජකාරිය පවිත්‍රන් හට විස්තර කර දුන්නේ ය.

පවිත්‍රන් ඒ පළමු දිනයේ කම්කරුවන්ගේ වැඩ නිරීක්ෂණය කර ඔවුන්ට වැටුප් ගෙවා තම කාමරයට යන විට වේලාව සවස හයයි කාල පසු වී තිබිනි. අළු පැහැති අහස ඒ කඳුකරය ගිල ගැනීමට ආසන්නව තිබිනි. බංගලා පෝටිකෝවේ ජෙගදම්බාල් හා ඔහුගේ දුව ලක්ෂනා සදඟ තංගරාජන් හා කතා කරමින් සිටියේය.පවිත්‍රන් දුටු විගස ජෙගදම්බාල් ඔහුට අතවනා  කතා කලා ය.

"ලමයෝ.. මෙහාට ඇවිත් යන්න"

පවිත්‍රන් ඇය අසලට ගියේ ය.

"ආයුබෝවන් නෝනා"

"කොහොමද ලමයෝ මෙහෙ රක්ෂාවට කැමතිද?"

"කැමතියි නෝනා.."

ඇය අසලින් වාඩි වී සිටි ලක්ෂනා එක්වරම "ඔයා මොනවද ඉගෙන ගත්තේ" යි කියමින් කතාවට සම්භන්ධ වූවා ය.

"මම උපාධිය සමත්"

"මොනවද සබ්ජෙක්ට්"

"බොට්නි"

"ආ... ඒ මේ වත්තේ වැඩට ඕනෙ සබ්ජෙට් එක තමයි"

"මේ ලමයට දවල් කෑම ලැබුනද?" ජෙගදම්බල් කරුණාවන්ත ස්වරයෙන් විමසුවා ය.
"ඔව් නෝනා කෑම ලැබුනා."

"හොඳයි ගිහින් පරිසිදු වෙලා එන්න. අපි අද එකට කෑම ගම්මු"

"හොඳමයි නෝනා.." කියමින් ඔවුන්ගෙන් සමුගෙන තම කාමරය තුළට වැදුනු පවිත්‍රන් හටතම කාමරය සීතලට ගොදුරු වී ඇති බවත් ඒ තුල වු දැඩි සීතල හේතුකොට ගෙන වටහාගත්තේ ය. කාමරයේ ජනෙල් හා දොර විවෘත කර තිබිනි. අඳුරේම පවිත්‍රන් පහන දැල්වී ය. ටියුබ් බල්බය ගැස්සී දැල්විනි. ඔහු තම ඇඳුම් උනා දමා ඇඳ මතින් වාඩි වූවේ ය. මේසය මත වූ දෙයින් ඔහු පුදුමයට පත්විය.

                              ' විදුලි පන්දම.! '

පෙර දින රාත්‍රියේ තමා බංගලාව පිටුපස දමා ආ විදුලි පන්දම

"මේක කවුද ආපහු ගෙනත් දැම්මේ ??"

ඔහු හිත තුළ ක්ෂණයකින් සැකය මෝදු විය. හේ විදුලි පන්දම අතට ගෙන පරීක්ෂා කලේය.

තමන් පසුපසින් කවුරු හෝ තදින් හුස්ම හෙලන බවක් ඔහුට දැනිනි. ඔහු එකවරම ආපසු හැරී බැලුවේ ය.




                                                               
                                                                          ෴*෴


5 වන පරිච්ඡේදයෙන් නැවත හමුවෙමු.

Comments

  1. දවසින් දවස කුතුහලය වැඩි වෙනවා මේ කතාව,,අපුරුයි අප්පා...

    ReplyDelete
  2. හම්මේ අන්තිමේ නවත්තපු තැන.. නියම හොල්මන් ෆිල්ම් එකක වගේ.. බලමුකො ඒ කවුද කියලා..

    ReplyDelete
  3. මම කිව්වේ දවසකුත්, මේක පොතක් උනානම් කියවන්නේ එක හුස්මට. මට ගොඩක් වේගෙන් කියවන්න පුළුවන්. මේ වගේ රස කතා තවත් වේගෙන් කියවනවා.

    ඉස්කෝලේ වැඩ පාඩු කරගන්නේ නැතුව ලියන්න.

    ReplyDelete
  4. ඇත්තටම කුතුහලය තවත් අවිස්සෙනවා.මේකේ පරිච්ජේද කීයක්‌ තියෙනවද?

    ReplyDelete
  5. හපෝයි අන්තිමට නැවැත්තුව තැන තමා තැන මම හිතුවා පිටිපස්ස බලද්දි කවුරු හරි අත වනයිවත් කියලා......

    මට අර තංගරාජන්වත් සැකයි ගෑණු කෙනාවත් සැකයි මුන් දෙන්නා මොකක් හරි යටිකූට්ටු ගේමක් අදිනවා වගේ පේනවා..

    නියම කතාවක් සහෝ මේ තරම් අද්භූත කතාවක් කියෙව්වනම් ඒ ෂර්ලොක් හෝම්ස් විතරයි...

    ReplyDelete
  6. වැඩේ හොඳයි බ්ලොග් එකකින් මෙහෙම එකක් කියෙව්වමයි.පුළුවන් හැමවෙලාවෙම ඇවිල්ලා බලලා යන්න ෆලෝ එකකුත් දාගත්තා.

    ReplyDelete
  7. හෆ්ෆා හොදම තැනින් නවත්තලනේ....අයියෝ...

    ReplyDelete
  8. අෙඩ අෆ්ෆා..ඊලග එකත් බලමු ෙන්

    ReplyDelete
  9. ඇත්තටම කවුද පිටිපස්සේ හිටියේ ?
    මැනේජර් ගැනනම් සැකකරන්න දෙයක් නැහැ වගේ ?
    ඊගාව කොටස ඉක්මනින් බලාපොරොත්තු වෙමි ....!!!!

    ReplyDelete
  10. ඔයා හතරවෙනි කොටස පළ කරපු දවසෙමයි කියෙව්වේ. ඒත් මේ කමෙන්ට් එක දාන්නෙ පහුවෙලා. ඉතුරු කොටසත් ඉක්මනට දෙන්න... ත්‍රාසය භීතිය කුතුහලය පිරි අළුත් කොටසක් එනතුරු බලාගෙන ඉන්නවා... :)

    ReplyDelete
  11. අප්පට සිරි....පවිත්‍රන් පොලිසියේ ද? මරු නේ....

    අම්මෝ මේ කතාව නවත්තලා තියෙන්නේ මාර තැනකින් නේ...කුතුහලයෙ උපරිමය..

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

චක්‍රීකරණය මම දැකපු හැටි..!