මරණයට අයදුමක් - 3 වන පරිච්ඡේදය




දිවා කාලයේ සිදුවූ සිදුවීම් වලින් වෙහෙසට පත්ව සිටි පවිත්‍රන් නින්දට වැටුනේ ය. හේ හදිස්සියේම අවදි විය.  තමන් නින්දට යන වේලාවේ දල්වා තිබූ විදුලි බුබුල නිවා දමා තිබූ හෙයින් කාමරය දැඩි අඳුරක් රජ කළේ ය. තම පොරවනය පසකට කර ඇඳෙන් නැඟී සිට පවිත්‍රන් ඔරලෝසුවේ බොත්තම තද කර එළිය දල්වා වෙලාව බැලී ය. වෙලාව හරියටම රාත්‍රී 12.05 වී තිබිනි.

     "මොකද ලයිට් එක පත්තු වෙන්නේ නැත්තේ"

ඇ‍‍‍ඳෙන් නැඟිට ස්විචය අසලට ගිය පවිත්‍රන් එය අතගා බැලී ය. ස්විචය උඩු අතට දමා විදුලි පහන නිවා දමා තිබිනි. නැවත හැරී ජනෙල් පියන විවර කර තිරය පසෙකට කර බංගලාව දෙස නෙත් යොමු කලේය. මඳ වේලාවක් එම ඉරියව්වෙන්ම සිට නැවත ජනේලය වසා දැමීමට සූදානම් වෙත්ම දුරින් පෙනුනු දසුනෙන් ඔහු තිගැස්සී ගියේ ය.

     "මොකක්ද ඒ...! ඉටිපන්දමක් ද? චිමිනි ලාම්පු එළියක් ද? 
     මේ වෙලාවේ කවුද එළියක්  අරගෙන ඇවිදින්නේ..!!"

පවිත්‍රන් සතු සුපුරුදු විඥානය තියුණු විය. ඉක්මනින්ම තම බ්‍රීප් කේසය විවෘත කර කුඩා විදුලි පන්දමද රුගෙන කාමරයෙන් එළියට පැමින දොර සෙමින් වසා දමා විදුලි පන්දම් එළිය අතින් මුවා කරමින් ප්‍රවේසමෙන් පඩි පෙළ නැගී ය.

තමන් ගමන් කරනුයේ බංගලාවේ පිටුපස දෙසට බව ඔහුට අවබෝධ විනි. ඔහුට කිසිවක් පැහැදිලි ලෙස දර්ශනය නොවී ය.

කලින් එළිය දැක්ක තැනට ගිහිල්ලා බලන්න..යන්න බලන්න.. තම යටි සිත ඔහුට අණ කළේ ය. යටි සිතේ අණ පරිදි එළිය පෙනුනු දිසාවට ඔහු ගමන් ආරම්භ කළේ ය. අඳුරු රැයේ බංගලාව අඳුරු භූතයන් පිරිසකගේ දසුනක් මවා පෑවේ ය. රෑ බඳුල්ලන් හා රැහැයියන් ගේ හඬ හැර වෙනත් කිසිදු හඬක් අවට නැත. තමන් ඉදිරියේ ඇත්තේ තණකොල පිට්ටනියක් බව විදුලි පන්දම් එළියෙන් ඔහු දුටුවේ ය. පිට්ටනිය මත වූ අඳුරු සෙවනැලි මතින් පිට්ටනිය පසුකර බංගලාවේ පිටුපස පෙදෙසට පවිත්‍රන් පැමිණියේ ය. සීතල සුළඟ ඔහු ගත සලිත කිරීමට සමත් විය.

පවිත්‍රන් තමා දුටු එළිය පිලිබඳ සොයා බැලීම ඇරඹීය.

    "මම එනව දැකල එළිය නිමාගෙන කොහෙහරි හැංගිලා ඉන්නව වත්ද?"

තව දුරටත් විදුලි පන්දම් එළියෙන් ගමන් කල පවිත්‍රන් කුඩා පඳුරු සහිත පෙදෙසක් පසුකර ඉදිරිය හා පිටුපස පරීක්ෂා කලේ ය. එකවරම තම විදුලි පන්දම් එළිය ඒ පාළු ලිඳේ ලිං ගැට්ට මත පතිත විය. එත චංචල වූ මනස නැවත සකස් කර ගැනීම සඳහා තත්පර කීපයක් වැය කල ඔහු ඒ ලිඳ අසලට ගමන් කලේ ය. ලිං බැම්ම පිපුරුම් ලකුනු වලින් ගහනව පැවතුනි.ලිඳ තුලට විදුලි පන්දම එල්ල කලද ලිඳ තුලට එල්ලා වැටුනු වැල් පඳුරු හේතුවෙන් ඔහුට කිසිවක් නො පෙනිනි. පරීක්ෂාවෙන් බැලුවද ලිඳ පතුලෙන් පෙනෙන අඳුරු කැට හැර වෙනත් යමක් දැකීමට ඔහු අසමත් විය.

විදුලි පන්දම් එළියෙන් කලබලයට පත් වූ වවලකු ලිඳ තුල සිට කීර්ර්...... හඬ නංවමින් එළියට පියාඹා ගියේ ය. පවිත්‍රන් තම හිස මෑතට ගත්තේ ය. තම හිත තුල බිඳෙන් බිඳ සියුම් බියක් මෝදුවන බව ඔහුට පසක් විය.

    "නොදන්න තැනක මේ රෑ මෙහෙම ඉන්න හොඳ නෑ.. ආපහු කාමරේට යන්න ඕනෑ.."

කල්පනාවේ නිමග්නව විදුලි පන්දම ගමන් මඟ වෙත එල්ල කලේ ය. විදුලි පන්දම් එළියෙන් දුටු ඒ දසුනෙන් එකවරම සිය ගත සලිත විය. ඔහුට අඩි 20ක් පමණ දුරින් සිමෙන්ති බැම්මක් මත ගැහැනියක් වාඩි වී සිටී. පවිත්‍රන් හට තම හදවතේ ගැස්ම එකවරම නැවතුනාක් සේ දැනිනි.

    "ඒ කවුද ! ගැහැනියක් තමයි !!"

   "කවුද ඔතන ඉන්නේ..?" පවිත්‍රන් හඬනගා විමසීය. ඒ කාන්තාවගෙන් කිසිදු වෙනස් වීමක් නැත. ආපසු කාමරයට යන ගමන අමතක කර සිත දැඩිකරගත් පවිත්‍රන් ඉදිරියටම ගියේ ය. මදින් මඳ සිමෙන්ති බැම්මට ලංවන විට ඔහුගේ සියළු රෝම කූපයන් උද්දීපනය වන අයුරු ඔහුය දැනින.

ඒ පිළිමයකි !. විදුලි පන්දම් එළිය දල්වා ඒ බැම්ම මත වූ දේ කියවීමට උත්සහ කලේ ය.

                                           "ලීලාවතී මහත්මිය

                                           උපත - 05 09 19.....

අවුරුද්ද සටහන් වූ තැන දියසෙවෙල් බැඳී ඇති හෙයින් කියවීමට නොහැකි විය.

                                          විපත - 13 02 1998

                           ඔබට, ඔබේ අත්මයට ශාන්තිය උදා වේවා.!"

ඔහු තතනමින් ඒ වැකිය මැතිරීය.

   "මේ ලීලාවතීගේ සිහිවටන පිළිරුව. අජේගේ බිරිඳ ලීලාවතීගේ පිළිරුව"

දහදියෙන් තෙත් වූ මුහුනින් ඒ රුව දෙස ඔහු බලා සිටියේ ය. මුහුන මඳ සිනාවක් පාමින් ප්‍රසන්න ලෙස තමා දෙස බලා සිටින බව ඔහුට සිතුනේ ය. ගෙල වටා රඳවා තිබූ මල් මාලය මඳ සුළගකින් ලෙලදිනි.

    "මෙයා තමයි එතකොට ලීලාවතී..."

ඔහු පිළිරුව වටා වටයක් කැරකැවෙමින් මිමිනුවේ ය. තමන් ඉදිරිපිට සිටින සැබෑ කාන්තාවක් සේ ඔහුට එ පිළිමය හැඟීමක් ඇති කලේ ය.

"හොඳ නෑ මම මෙතැන ඉන්න එක ආපහු කමරේට යනවා" යි  සිතමින් ආපසු ගමන් කිරීමට තැත් කලද ඒ මොහොතේ තම හදවතේ වූ රිද්මය උත්සන්න කිරීමට ලිං ගැට්ට මත වූ ඒ දිදුලන පහන් සිල සමත් විය.

"ඒ මොකක්ද?"

පපුව කීරි ගැසීයන බිය මඳක් තුනී කොට ධෛර්්‍ය උපදවාගෙන නැවත ලිඳ අසලට යාමට පය එසැවීය. ලිං ගැට්ට මත තෙල් පුරවා දැඩි තිරයක් දමා සකස් කරන ලද ඒ පහන නිවී සැනසිල්ලේ දැල් වෙමින් තිබිනි.
"කවුද මේක මෙතන පත්තු කලේ" ඔහු වටපිට බැලුවේය. ඒ අඳුරු රැයේ රැහැයියන්ගේ හඬ මිස වෙනත් කිසිදු චලනයක් නැත. පවිත්‍රන් වශී වූවකු මෙන් පහන් සිල දෙස බලා සිටියේ ය.

"ජල්.... ජල්.... ජල්"

 ඒ හඬට ඔහුගේ හදවත ‍වේගයෙන් ගැහෙන්නට විය. මෙතෙක් වෙලා හිත දැඩි කරගෙන සිටි ඔහුගේ සීමාව ඉක්මවමින් තිබුනේ ය. යාන්ත්‍රිකව මෙන් තම අත රැඳි විදුලි පන‍්දම හැර දමා කටු පඳුරු පෙරලමින් සිය කාමරය වෙත දුවන්නට පටන් ගත්තේ ය. හති දමමින් තම කාමරයේ දොර අසලට දිව ආ ඔහු වික්ෂිප්ත දෑසින් ආ මඟ හැරී බැලුවේ ය. ඒ ආලෝකය දැන් එතැන නැත. මතින් මත් වූවකු සේ කාමරයට ඇතුලු වී තදින් දොර වසා දැමුවේ ය. තම ගතින් ගලන දහදිය අතැඟිලි වලින් පිස දමමින් ඇඳ මත වාඩි විය.

  "ඒ වළලු සද්දේ කොහෙන්ද ආවේ.." යන සිතිවිල්ලත් සමඟම ඇඳමත දිග ඇදුනු ඔහුට රැහැයි නාදය හා කැළතුනු නුපුරුදු හැඟුම් සමුදායක් ඒ දුෂ්කර වූ නින්දට මඟ සලසා දුන්නේ ය.

                                                                     ෴*෴

4 වන පරිච්ඡේදයෙන් හමුවෙමු.

Comments

  1. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.... දැන් ආයෙත් මේක හොල්මන් කතාවක් වගේ කුතුහලය උපරිමයි....නියමයි මචෝ... ඉක්මනට දාපු එකට ස්තූතියි.කතාව ලස්සනට ලියැවිලා තියෙනවා..... ජය වේවා

    ReplyDelete
    Replies
    1. මේ ආරම්භය විතරයි කතාවෙ.කුතුහලය කතාව පුරාම තියනවා කියලා කියන්නම් ආයෙත්.

      ස්තූතියි ගැමියෝ..
      4 වෙනි කොටසත් මේ වගේ ඉක්මනින් දෙන්නම්.

      Delete
  2. නියමයි නියමයි දැන්නම් කතාව මරේ මරු ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. ඊළඟ පරිච්ඡේදයෙන් කතාව තවත් වෙනස් වෙයි.

      Delete
  3. හම්මෝ අන්තිම ටිකට නම් බය හිතුනා.

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට වෙන්න තියෙන දේවල් දැන්ම වෙන්න හොඳ නෑ.:)
      මේ පොත පොඩි කාලෙ මං කියෙව්වේ දවල්ට විතරයි.රෑට පොත දැක්කත් මට කතාව මතක් වෙන හින්දා දවල්ට බලලා පොත් රාක්කෙ යටටම දානවා.

      Delete
  4. අන්න අද දීල තියෙන්නේ ඇට්ටි හැලෙන්න.. බලමු ඉස්සරහට..

    ReplyDelete
    Replies
    1. පළමු දෙවන හා තෙවන පරිච්චේද වලට දීල තියන ලින්ක් ලොකු කරන්න. පුළුවන් නම් මේ කතා මරණයට අයදුමක් කියල ලේබල් කරන්න. ඒක කියවන්නාට පහසු වේවි.

      Delete
    2. ඕං හැදුවා අයියේ.ස්තූතියි මෙහෙම කියන එකටත්.

      Delete
  5. අම්මටසිරි මරුනේ.....මට මේ දැන් ඔක්කොම ටික කියවන්න ඕනි වගේ.....ඉක්මනට දාන්න ඕක....

    ReplyDelete
    Replies
    1. 4 වෙනි පරිච්ඡේදය ලියාගෙන යනවා තරැවො.. මේ සතියෙ අනිතිමට වගේ දාන්නම්කො

      Delete
  6. අදත් ආව ඔන්න...ඊලඟ එක කියවන්නත් අපි එනව ඔන්න

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක කමින් සූන් අයියේ..

      Delete
  7. මේක හොල්මන් කතාවක් නෙමෙයි කියලා කලින් කොටසෙන් හිත හදා ගත්තා විතරයි.. බලමු ඊළග එක..

    ReplyDelete
    Replies
    1. හිකිස්..:)

      ඊළඟ කොටසින් හිත හොදටෝම කැඩෙයිද මන්දා හදාගන්න බැරි තරමටම.

      Delete
  8. මරු මරු...මයිල් කෙලින් වෙන විදියේ කතාවක් නේ...අනේ ඉක්මනට ඉතුරු ටිකත් ඕන හොඳේ...

    පරිවර්තනය නම් උපරිමයි...

    ReplyDelete
  9. නියමයි. කිව්වත් වගේ හිත හදාගත්තා විතරයි!

    ReplyDelete
  10. එල.. ආසවෙන් උන්නේ මේකේ අනිත් කොටසුත් දාන්න ඉක්මනට දාන්න හොදද..

    ReplyDelete
  11. දැන් නම් ටිකක් බය හිතෙනවා වගේ

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය