මරණයට අයදුමක් - 2 වන පරිච්ඡේදය - අවසන් කොටස


මරණයට අයදුමක් - 2 වන පරිච්ඡේදය - මුල් කොටස





ප්‍රාශ්වාසයේ උණුසුම් වාතය නාස් පුඩු අතරින් ගොස් සීත සුළං සමඟ මුසු විය. රැය තවමත් ඔහු වටා පැවතුණි. අඳුරට හුරුවූ දෑස් වලින් ඉහළ අහස දෙස බැලූ පවිත්‍රන් තම වම් පස රිය පදවමින් සිටින වතු මැනේජර්වරයා දෙස බැලී ය. ඔහු ගල් බොරළු පල්ලම් වලින් ගහන මඟෙහි සුක්කානම නිසි ලෙස හැසිරවීමට දැඩි උත්සහයක යෙදෙන සෙයක් පෙනිනි.

දිගු වංගුවකින් රථය හසුරවා ගියරය මාරැ කර මාර්ගය දෙසම බලමින් පවිත්‍රන් හා කතා කිරීම ඇරඹී ය.

        "තමුසෙගෙ නම මොකක්ද?"

        "පවිත්‍රන් සර්...."

        "ගම කොහෙද මැඩ්රාස් ද?"

        "ඔව් සර්"

        "රස්සාවක් හොයාගෙන බංගලාවට ඇතුල්වුනේ මර්ඩර් කේස් එකකුත් එක්ක නේද?"

       "සමාවෙන්න සර්, මම බලාපොරොත්තු වුනේ නෑ මෙහෙම දෙයක්. මුර කාරයගෙ මිනිය දැකල මම බය වුනා."

 "තමුසේ මේ පැත්තට ආව පලවෙනි වතාවද?" 
  "ඔව් සර්.."
 "ගමේ අය මොනාද තමුසෙට කිව්වේ..?"
  "මොකුත් නෑ සර්.."
  "මේ බලනවා මට බොරැ විතරක් කියන්න එපා. මේ ගමේ කාගෙන්හරි බංගලාව ගැන ඇහුවොත් කියන දේ මං හොඳට දන්නවා.මෙහෙ එන්න එපා කිව්වා නේද? කියනවා මං හරිද?"

  "හ..හරි සර් එහෙම කිව්වා."
  "එහෙම කියලත් බය වුනේ නැද්ද?"
 "නෑ සර්"

 "මේ බංගලාවෙ හොල්මන් තියනවා, තමුසෙට කලින් ආව සුපවයිසර්ලා දෙන්නම මැරුණා. ඒ මරණ දෙකම අනතුරැ, නමුත් ගමේ පැතිරුනේ අවතාර හොල්මන් තියනවා කියලා."

"මේවා කවුද සර් පතුරවන්නේ..."


"වෙන කවුද වත්තේ වැඩ කරන වුන් තමයි. මේ වත්ත අයිති රැද්‍රා මහත්තයව මෙහෙන් එළවන්න කරන වැඩක් තමා මේක."

"මුරකාරයා මැරැණෙත් ඒකද සර්...."

 "එහෙම තමයි මාත් හිතන්නේ.."

ගල් බොරළු වංගු පසුකරමින් කාරය තැනිතලා භූමියක් පසුකර පොලීසිය වෙත පැමිණිනි.

 "පවිත්‍රන් මම කාර් එකේ ඉන්නම් වත්තේ කම්කරු ප්‍රශ්නෙකට මේ ඉන්ස්පැක්ටර් මාත් එක්ක අමනාපයෙන් ඉන්නේ. තමුසේ ඇතුළට ගිහින් පැමිණිල්ල කරනවා."

 පවිත්‍රන් හිස වනා කාරයෙන් බැස පොලීසිය ඇතුළට ගියේ ය. පොලීසිය තුල පිළිගැනීම් යනුවෙන් සදහන් කළ තැන පොලිස් කොස්තාපල්වරයෙකුගේ හිස පෙනිනි.
   "රාළහාමි...!!"

   "කවුද ආවේ.. "යි කියමින් පොලිස් කොස්තාපල්වරයා අසුනෙන් නැඟිට බරාඳයට පැමිණියේ ය.

  "මොකද මහත්තයා...මොකක්ද කාරනාව"  ඔහු පවිත්‍රන්ගෙන් විමසී ය.

   "මිනී මැරැමක් සිද්ධවෙලා ඒ ගැන පැමිනිලි කරන්න ඕනෑ. ලොකු මහත්තයා ඉන්නවද?"

"ලොකු මහත්තුරැ දෙන්නම කාට්රේට් හන්දියේ දාමරිකයො වගයක් අල්ලන්න ගියා දැන් එයි." යි කියමින් බංකුවක් පෙන්වා එහි වාඩිවෙන ලෙස අතින් සංඥා කළේ ය.

"මහත්තයා.. කොහෙද දැන් ඕක වෙලා තියෙන්නේ..?"

"කුරුදියාරු වතු බංගලාවේ"

පවිත්‍රන්ගේ පිළතුරෙන් කොස්තාපල් වරයාගේ ඉරියව් වෙනස් විය.
"මාසෙකට එකක් එනවමයි ඒ වත්තෙන්.කලින් කේස් දෙකම ඇක්සිඩන්ට් කිව්වා. මේ සැරේ මොකක්ද දන්නෑ. ඔක්කොම ලොකු මිනිස්සුන්ගෙ වැඩ තමයි. ඔය වාඩි වෙලා ඉන්න මහත්තයා, විනාඩි දහයෙන් ලොකු මහත්තයා ඒවි."

"එළියේ එක්කෙනෙක් ඉන්නවා රාලහාමි,එයාට විස්තරේ කියලා එන්නම්"

  "හා හොඳයි."

පවිත්‍රන් පොලිස් ගොඩනැගිල්ලෙන් එළියට පැමිණියේ ය. සිගරුට්ටුවක් උරමින් කාරයට පිටදී සිටි මැනේජර්වරයා වෙතට පා නෑගී ය.
"මොකද වුනේ පවිත්‍රන්, පැමිණිලි කෙරුවද?"

"පොලීසියේ ලොකු මහත්තයයි දෙවෙනි මහත්තයයි දෙන්නම වැටලීමකට ගිහින්ලු.විනාඩි දහයෙන් එනවා කියලා රාලහාමි කෙනෙක් කිව්වා."

"එහෙමද, එහෙනම් තමුසෙ මෙහෙම කරනවා."

"මොකක්ද සර්.?"

"මම දැන් ආපහු වත්තට යනවා. තමුසේ පැමිනිලි කරලා  ජිප් එකෙන් පොලිසිය එක්ක එනවා."

"හොඳමයි සර්."

කාරය ඉගිලිනි. කාරයේ පිටුපස රතු එළිය නොපෙනී යන තුරැම පවිත්‍රන් එදෙස  බලා සිටියේ ය. නැවතත් පොලීසිය තුළට පැමින බංකුව මත වාඩි විය.

වෙලාව රාත්‍රී අට වදිනු පවිත්‍රන්ට ඇසිනි. මහ හඬක් නඟමින් පොලීසිය ඉදිරිපිටට ජීප් රථයක් පැමිනිනි. ජීනූ චක්‍රවර්ති වැනි මහත සිරැරකින් යුතු ඉන්ස්පැක්ටර් වරයාත් සිනමා නළු පාර්තීපන් වැනි වූ උප පරීක්ෂක වරයාත් ජිප් රථයෙන් බැස පොලීසිය තුළට පැමිනියහ.
"මේ පාර කප්පංකාරයෝ පාර මාරු කරල වගෙයි. අනිත් පාර අපි උපරිම උත්සහ ගන්න ඕනෑ මුං ටික අල්ලගන්න."

"මං හිතන්නේ අපිට ලැබුනු ඔත්තුව වැරදියි කියලා සර්, කවුරැ හරි අපිත් එක්ක සෙල්ලම් කරනවා වගෙයි."

"නෑ වැරදියි විජේකුමාර් අපිට ලැබුනු ඔත්තුව හරි.නමුත් අපි යන එක ගැන කවුරු හරි බලාගෙන ඉඳලා තියනවා."

කතා කරමින්ම පොලිසියේ බරාඳය පසුකරමින් සිටි නිලදාරීන් දෙදෙන බරාඳයේ බංකුව මත වාඩි වී සිටින පවිත්‍රන් දෙස නොසතුටු බැල්මක් හෙලමින් කෙලින්ම තම නිල කාමරයට ගොස් පුටු මතට බර විය.
"කවුද ඔතන වාඩි වෙලා ඉන්නේ.. මොකක්ද උවමනාව?" ඉන්ස්පැක්ටර් වරයාගේ ගොරහැඩි හඬින් නැඟී සිටි පවිත්‍රන් ඔහු කරා පැමිණියේ ය
.
"මගෙ නම පවිත්‍රන්. මම මැඩ්රාස් ඉඳලා ආවේ අදයි. කුරැදියාරැ වත්තට රක්ෂාවකටයි ආවේ.." යි කියමින් තම කතාව ඉන්ස්පැක්ටර් වරයා වෙත කියාගෙන ගියේ ය.

"මුරකාරයාගේ මිනිය තමුසෙද ඉස්සරලව දැක්කේ..!"

"ඔව් සර්"

ඉන්ස්පැක්ටර් නොසතුටු මුහුනින් පොත් රාක්කය අසල වාඩි වී සිටි උප පරීක්ෂක දෙස බැලුවේ ය.

"විජේ කුමාර්.."

"සර්.."

"මාසෙකට සැරයක් ඔය බංගලාවේ මිනීමැරුමක් වෙනවා. මේ පැත්තෙන් මාරුවක් අරගෙන ගියොත් හොඳයි වගෙයි"

"අපි ගිහින් බලමුද සර්" විජයකුමාර් ඉන්ස්පැක්ටර් වෙතින් විමසීය.

"විනාඩි දහයක් ඉන්නවා ඉන්නවා හිමීට යන්න පුළුවන්"

ඔහුගේ හඬින් පවිත්‍රන් අසුනෙන් නැගී සිටියේ ය. තියුනු බැල්මක් ඉන්ස්පැක්ටර් වෙත හෙලී ය.
"සර් මම දැන් ඇවිත් ගොඩක් වෙලා."

"එහෙනම් තමුසේ බංගලාවට යනවා අපි පස්සෙ එන්නම්" ඉන්ස්පැක්ටර්වරයා නොසැලකිලිමත්ව පැවසීය.

පවිත්‍රන්ගේ තියුනු බැල්ම තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන ඉන්ස්පැක්ටර් වරයා, "මොකද බලන්නේ තමුසෙ"
"තමන්ගෙ රාජකාරියට තියන ඇල්ම ගැනයි මම බැලුවේ කාකි ඇඳුමෙන් මනුස්සකම නැතිවෙනව කියන එක ඇත්ත තමයි."

"ඒයි මොකක්ද  තමුන් කිව්වේ..." ඉන්ස්පැක්ටර්වරයා මහ හඬින් ගුගුලේය.

"ඉන්ස්පැක්ටර් මේක බලනවා" පවිත්‍රන් තම මුදල් පසුම්බියෙන් නිල් පැහැති කාඩ්පතක් ඔහු වෙත පෙන්වමින් පැවසී ය.

ඉන්ස්පැක්ටර්වරයා මහත් ඕනෑකමින් ඒ දෙස බැලුවේ ය. ඊළග මොහොතේ පුටුව පසකට දමා නැඟී සිට සීරුවට පැමිනියේ ය. තම හිස් වැස්ම පලඳා ආචාර කලේ ය. ඒ සැර පරැෂ හඬ යටහත් පහත් ස්වරයකට මාරු විනි.
"සර්, ඔබතුමා අපරාධ මුලස්ථානයෙන්... !!"

"ඔව්"

"සමාවෙන්න සර්" උප පරීක්ෂකවරයා තමන් වාඩි වී අසුන වහාම පවිත්‍රන් හට දී වාඩි වීමට සලස්වා පසෙකට විය.

"වත්තේ වැඩට ගියාට පස්සේ මං ගැන ඔයාලට දන්වන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් කලින්ම දන්වන්න සිදුවුනේ" පවිත්‍රන් ගැඹුරු හඬින් කතාව ආරම්භ කලේ ය.

ඉන්ස්පැක්ටර් තම නලලට නැගුනු දහදිය ලේන්සුවෙන් පිස දමමින්, "සර් මොන කාරනාවකටද මේ වත්තේ වැඩට එන්න හිතුවෙ?"
"ගිය අගෝස්තු සැප්තැම්බර් මාස වල ඔය වත්තේ  සුපවයිසර් වැඩට ආව රාජසේකරන්, වෙංග්ෂ්වරන් කියන දෙන්නා රහසිගත විදිහට මැරුණා. මේ මරන ගැන සැකයි කියලා ඒ අයගෙ ඥාතීන් මැඩ්රාස් ක්‍රයිම් හෙඩ් ඔෆිස් එකට පැමිනිලි කරලා තියනවා. මම මේ මරණ වාර්තා කියවලා බැලුවා. දෙකම හදිසි මරණ නමුත් මට සැකයක් තියනවා මොනව හරි කාරණාවකට මේ දෙන්නව මරලා දැම්මද කියලා."

"මේ කේස් එක කොහොමද පටන්ගන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි කුරුදියාරු වත්තට සුපවයිසර්ලා ඕනෑ කියලා දාපු දැන්වීම පත්තරෙන් දැක්කෙ; සුපවයිසර් කෙනෙක් විදිහට මේ බංගලාවට ඇතුල් වෙන්න මම හිතාගත්ත. මගේ උසස් නිලධාරින්ට කියලා ඒ වෙලාවෙමයි පිටත් වෙලා ආවේ. මෙහෙන් ඒ බංගලාව ගැන විස්තර අහපුවහම මිනිස්සු බයවෙලා ඉන්න හැටි දැකලා මට පුදුම හිතුණා. කෙලින්ම බංගලාවට ගිය මට තවත් පුදුම දේකට තමයි මූණදෙන්න සිද්ධ වුනේ. මුරකාරය මුරකුටිය ඇතුලේ මරලා දාල. මට හොඳ පිළිගැනීමක් තමයි ලැබුණෙ. මේක දරැණු මිනීමැරුමක්.!"

"ඔයා දැන්ම එන්න ඕනෙ ඉන්ස්පැක්ටර් මගෙත් එක්ක"

"ඔව් සර් දැන්ම යමු. විජේකුමාර් ඉක්මනට ජිප් එක ලෑස්ති කරන්න"

එසැනින් උපපරීක්ෂක කඩිමුඩියේ ජිප් රථය නවත්වා ඇති ගරාජයදෙසට ගමන් කරනු දක්නට ලැබිණි.

උප පොලිස් පරීක්ෂක විජේකුමාර් පිටවී ගිය පසු නැවතත් පවිත්‍රන් ඉන්ස්පැක්ටර්වරයා සමඟින් කථාව ආරම්භ කරමින්, "ඔය රුද්‍රා මහත්ත‍යගේ හැටි කොහොමද ඉන්ස්පැක්ටර්?"

"බොහොම තියුනු මිනිහෙක් සර්"

"ඒ ගෙදර වෙන කවුරු කවුරුද ඉන්නේ?"


"ඒ පවුලේ සර් ඔක්කොම හත් දෙනයි. පවුලෙ මූලිකයා රුද්‍රා මහත්තය.එයාගෙ නෝනා ජෙගදම්බාල්.වැඩිමහල් පුතා අජය. එයාගෙ දුව ජෝති වයස අවුරුදු දහයයි. දෙවෙනි පුතා මදන් දුව ලක්ෂනා. තව මදන්ගේ බිරිඳත් ඉන්නවා. ඔය අජයගේ බිරිඳ පහුගිය විෂ උණක් හැදිලා මැරුණා. එයා ලීලාවතී."

'අර මාත් එක්ක ආව වතු මැනේජර්ගේ නම මොකක්ද?"

"එයා තංගරාජන්"

"එයා කොහොම කෙනෙක්ද"

"එයා ගැන වැඩි තොරතුරක් දන්නෑ සර්.. වත්තේ කම්කරුවොයි මිනිහයි අතර ප්‍රශ්ණයක් වුනා"

"මේ සුපවයිසර්ලා දෙන්නගේ මරණ ගැන ඔයා මොනවද හිතන්නේ ඉස්පැක්ටර්"

"අනතුරු වගේ තමයි පේන්නේ සර් එක්කෙනෙක් කරන්ට් වැදිලා මැරුණා. අනිත් කෙනා කුරුදියාරු ඇලේ දිය සුළියකට අහුවෙලා මැරුණා."

සර් ජිප් එක ලෑස්තියි විජයකුමාර්ගේ හඬින් සිය කථාව අවසන් කල දෙපල දොරකඩ නවතා තිබූ ජිප් රථය දෙසට ගමන් කලෝ ය. විජයකුමාර් රියදුරු අසුනේ සිටි අතර පවිත්‍රන් හා ඉන්ස්පෙක්ටර් ජිප් රථයට නැඟුනේ ය. ජිප් රථය හඬ නඟමින් කුරිදියාරු වත්ත බලා ගමන් ආරම්භ කළේ ය.
"ඔය දෙන්නටමයි මේ කියන්නේ මං ගැන ඒ පවුලට හඳුන්වල දෙන්න එහෙම එපා. එහිදී මම සාමාන්‍ය මිනිහෙක් විදහට සලකල වැඩ කරන්න ඕනෑ හොඳද"

"හොඳමයි සර්"

"අනික තමයි මම ඒ බංගලාවේ ඉන්න කාලය තුළ ටෙලි‍ෆෝන් එකෙන් මා එක්ක කතා කරන්න එහෙම එපා"

ජිප් රථය ඒ අඳුරු දුර්ග මාර්ගයේ ගැස්සෙමින් ගමන් කලේ ය. අවට දැඩි සීතලක් රජයමින් තිබිණි. ජිප් රථය පදවමින් සිටි උප පරීක්ෂක ගියරය මාරු කරමින් පවිත්‍රන් දෙස නොබලාම පහත් ස්වරයෙන්,
 "සර්..."

"ම්හ්.."

"මම කියන දේ වැරදියට හිතන්න එපා සර්"

"කියන්න විජේකුමාර්"

"සර් දැන් මේ පටන් අරගෙන තියන වැඩේ බොහොම භයානකයි. ඒ බංගලාවෙ හැමදේම අභිරහස්"

"ඒ අභිරහස් හොයන්න ඔය බංගලාවට ඇතුල් වෙන්න ඕනෑනෙ විජේකුමාර්; මට දවස් දහයක් ඇති ඒ සුපවයිසර්ගේ මරණ අනතුරුද මිනීමැරුම්ද කියලා හොයාගන්න. ඒ විතරක් නෙමේ මේ මරණ අතරට අලුතින් එකතුවුනු මුරකාරයගෙ මරණයත් කලේ කවුද කියලා හොයාගන්න පුළුවන්."

පවිත්‍රන්ගේ වදන් පෙලෙන් අනතුරුව තිදෙනා අතර කතාව නැවතී ජිප් රථය තුළ නිහඬතාවයක් ඇතිවිනි.

මඳ වෙලාවකින් පවිත්‍රන් සිට හඬ අවදි කලේ ය.
 "රුද්‍රා මහත්තයට ෂෙක්කල්මූඩි වල කොච්චර වතු තියෙනවද?"

"එකයි සර්"

"දේපල ප්‍රශ්ණ මත ඒ අය අතර ගැටුම් ඇති කියලා හිතනවද?"

"එහෙම ගැටුමක් තිබුනනම් සුපවයිසර්ල දෙන්නයි මුරකාරයයි මරල දැමීමෙන් ඒකට ඇති සම්බන්ධෙ මොකක්ද?"  විජේකුමාර් පවිත්‍රන් දෙස බලමින් විමසීය.

"ඔක්කොම පැටලිලි විසඳගන්න බංගලාවට ඇතුල් වෙන්නේ නැතුව බෑ."

ජිප් රථය බංගලාවට කිට්ටු විය.
"මම කියාපු දේවල් මතකයි නේද දෙන්නටම"

"ඔව් සර්"

බංගලා ගේට්ටුව අසල මුර කුටිය තුළ තවමත් පිරිස රුඳී සිටියි. විවෘත කර තිබූ ගේට්ටුව පසුකර ඇතුළු වූ ජිප් රථයෙන් පොලිස් නිලධාරීන් දෙදෙන හා පවිත්‍රන් බැස්සේ ය. රැස්ව සිටියවුන්  මඳක් මෑත් කරමින් වතු කලමනාකාරවරයා " එන්න ඉන්ස්පෙක්ටර් " යි පැවසී ය.
"මිනිය කොහෙද තියෙන්නේ"

එන්න පෙන්නන්නම් මැනේජර් තංගරාජන් අත දිගු කර ඉදිරියේ වූ මුරකුටිය පෙන්වා සිටියේ ය. මුර කුටියට එබී බැලූ විජේකුමාර්, "මිනිය කවුරුත් ඇල්ලුවෙ නෑ නේද" යි විමසීය.

"නෑ ඉන්ස්පෙක්ටර් කවුරුත් ඇල්ලුවෙ නෑ."

ඉන්ස්පෙක්ටර් පහත් වී මිනිය පෙරලා පරීක්ෂා කිරීම ආරම්භ කලේ ය. පිහි පහර වැදුනු තැනින් රැධිරය "ප්ලප්" යන හඬ නංවමින් එළියට විසිවිනි.
"පිහියකින් ඇනලා තියෙන්නේ පිහිය තියනවද කියල හොයල බලන්න. විජය කුමාර්.."

තංගරාජන් වහා ඉදිරියට පැමිණියේ ය.

"පිහියක්නම් අපට නම් හමුවුනේ නෑ ඉන්ස්පෙක්ටර්"

"මිනිය ඉස්සරලම දැක්කේ කවුද?"

මෙයා තමයි තංගරාජන් පවිත්‍රන් පෙන්වා සිටියේ ය. ඉන්ස්පෙක්ටර් පවිත්‍රන් දෙස හැරී,

 "තමුසෙගෙ නම මොකක්ද කීවේ..?"

"පවිත්‍රන්.  සර්"

"තමුන්ද මේ මිනිය ඉස්සල්ලම දැක්කේ?"

"ඔව්"

"ඒ වෙලාව කීයට විතරද?"

"හතට විතර ඇති මගෙ හිතේ.."

"තමුන්ගෙ උපන් ගම මැඩ්රාස්ද?"

"ඔව් සර්"

"තමුන් මේ මිනිය දකින වෙලාවෙ මේ හරියෙ කවුරුත් ගැවසෙනවා දැක්කෙ නැද්ද?"

"නෑ සර්"

ඉන්ස්පෙක්ටර්වරයා පවිත්‍රන්ගෙන් ප්‍රශ්න කිරීම හමාර කර උප පරීක්ෂක විජේකුමාර් දෙස හැරෙමින්,
"විජේකුමාර් මේ මිනිය මිනි කාමරයට යවන්න සූදානම් කරන්න" යි කියා තංගරාජන්ට පිටුපසින් වුන් අජය දෙස බලා යමක් විමසීමට සූදානම් විය.
"මිස්ටර් අජය මේ මුරකාරයා කොච්චර කාලයක් ඔයාලා ළඟ වැඩ කලාද?"

"අඩුම ගානෙ අවුරුදු විස්සක් විතර හිටියා මගෙ මතකෙ හැටියට." යි නොසන්සුන් ස්වරූපයෙන් පැවසී ය.

"මෙයා කොහොමද තද ගතිගුණ තියන කෙනෙක්ද?"

"අනේ නෑ කිසිම දෙයකට නොයන මිනිහෙක්"

"මුරකාරයව මෙහෙම මරලා දාන්න හේතුව මොකක් කියලද හිතන්නේ?"

"දන්නෙ නෑ ඉන්ස්පෙක්ටර්. මටත් හිතාගන්න බෑ."

"මුරකාරයට දරු පවුලක් ඉන්නවද?"

"නෑ එයා තනිකඩයෙක්"

"රාජකාරිය නැති වෙලාවට එයා කොහෙද නතර වෙලා ඉන්නේ?"

"එළියෙ වෙනම තියන කාම‍රේට පිටිපස්සේ පරණ ගරාජ් එකක් තියනවා ඒකෙ තමයි නැවතිලා ඉන්නේ."

"එතන මට බලන්න ඕනෑ"

"එන්න බලන්න පුළුවන්"

අජය, ඉන්ස්පෙක්ටර් හට මුරකරුගේ නැවාතැන පෙන්වීමට සඳහා කැඳවාගෙන ගියේ ය. පවිත්‍රන් වට පිට බැලීය. රුද්‍රා මහතාගේ බිරිඳ ජෙගදාම්බල් හා දුව ලක්ෂනාත් ලේලිය කොකිලාත් දුක් මුසු මුහුනින් යුතුව සිටිනු ඔහුගේ නෙත ගැටුනේය. තංගරාජන් පවිත්‍රන් අසලට පැමිනියේ ය. 
"තමුසෙගේ සූට්කේස් එක එළියේ කාමරේ තිබ්බා. තමුසේ ඒ කාමරේ නතර වෙනවා. රාජකාරි ගැන හෙට කතා කරගන්න පුළුවන්."


                                               ෴*෴‍


3 වන පරිච්ඡේදයෙන් නැවතත් හමුවෙමු.

Comments

  1. ඔහොම යන මල්ලි..
    ෂී.. පොතක් උනා නම් මම කියවනවා එක හුස්මට..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා.පොතක් වුනානම් එක දිගටම කියවන්න පුළුවන්.කලින් කොටස අමතක වෙනවා මෙහෙම කියවනකොට.

      ස්තූතියි අයියේ..

      ආ..ඊළග කොටස ඒ කියන්නේ 3වන පරිච්ඡේදය ඉක්මනින්ම දාන්න පුළුවන් වෙයි.නිවාඩුවක් තියනවා මේ සතියේ.

      Delete
    2. ඔන්න මුණු පොතේ අද පොඩි ඇඩ් එකක් දැම්ම මගේ ගානේ.. ඔයාගේ උත්සාහය අගය කල යුතුමයි මල්ලි..

      Delete
    3. ස්තූතියි අයියේ.

      Delete
  2. නියමයි ආයිත් මොනවද

    ReplyDelete
    Replies
    1. ආ... යසිරු මල්ලිත් ඇවිත්නෙ. මේ ඉතිහාසය ගැන ලිපි ලියන යසිරු මල්ලියා නේද!!

      Delete
  3. හොල්මන් සීන් එකක් නෙවේ වගේ නේද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම නෑ. හොල්මන් කතාවලට වඩා ‍ගන්න දෙයක් මේ කතාව තුළ තියනවා කියලා කියන්න පුළුවන්.බය,ත්‍රාසය කතාව පුරාම තිබුණට හොල්මන් කතාවක් නෙමේ කියලා කියන්න පුළුවන් විශ්වාසයෙන්.

      ස්තූතියි අයියේ..

      Delete
  4. ඇත්තමයි..එක දිගට කියවගෙන යන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ පූජා අක්කාගෙ යාළුවා නිම්ශා අක්කා නේද!! ඒත් මං හිතුවා මට වැරදිලාවත්ද කියලා.අක්කා මේ පැත්තේ ආවඑකට මට ගොඩක් සතුටුයි. :)

      එක දිගට කියවන්න පුළුවන් කතාවක් තමයි අක්කේ.මමත් මුලින්ම පොත කියෙව්වා පැයකින් විතර.

      ස්තූතියි අක්කේ අදහසට.

      Delete
  5. හරිම ලස්සනයි මල්ලී.... ඔයාට කරදර කරන්න බෑනෙ ඉක්මන‍ට ලියන්න කියලා :( ම‍ටත් කියවලා ඉවරකරනකම් ඉන්න බෑ ... !!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියන්න උපරිම උත්සහ කරනවා අයියේ. මේ සතියෙම 3 වනි පරිදච්ඡේදය දාන්නම්.

      Delete
  6. මඟහැරුණ කොටසත් කියෙව්වා..
    ගොඩක් ලස්සනයි.. බලාගෙන ඉන්නවා ඊ ළඟ කොටසත් ආසාවෙන් කියවන්න.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ.ඊළඟ කොටස ඉක්මනින් දාන්නම්. :)

      Delete
  7. ඔන්න අදත් ආවෝ!... අනේ දිගටම ලියන්න. මාත් මූණු පොතේ ඇඩ් එකක් දාන්න ඕනේ.

    ReplyDelete
  8. සුපිරියි මලයා.. දැන්නම් මේක හොල්මන් කතාවක් නෙමයි.. රහස්පරීක්ෂක කතාවක්.. නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් අයියේ.. හොල්මන් කතාවක් නෙමේ තමයි.බලන්නකෝ ඉස්සරහට වෙන දේවල්.

      Delete
  9. අවසන් කොටස කියලා දැක්කම මම හිතුවේ මේ කතාව බාගෙටවත් නවත්තයිද කියලා... ඉක්මන්ට 3 කොටස ලැබෙනවා නම් හරි අගෙයි වැඩ පාඩු කර නොගෙන....

    කතාව මාර ලස්සනයි එක හුස්මට කියවගෙන යන්න පුළුවන් උපරිමයි.... එක පාරට කතාව රහස් පරීක්ෂක කතාවක් වුනානේ.... දිගටම ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. අවසන් කොටසට තව සෑහෙන කල් තියනවා ගැමියෝ.වෙලාව හදාගෙන වැඩ කරන්න පුරුදු වුනාම බ්ලොග් එකට යොදවන්න වෙලාව ඉතුරු වෙනවා.ඕක තේරුනෙ පස්සෙනෙ මට. :)

      Delete
  10. මේක කියවන්නත් ආවා ඔන්න..ඊලඟඟ එකත් දෙන්නෝ

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම් අයියේ..

      Delete
    2. අයියෝ මම අයියෙ නෙවෙයිද කොහෙද..මම 1995

      Delete
  11. කතාව මුල ඉදන්ම එක හුස්මට කියවගෙන ගියා...ගොඩක් ලස්සනයි..
    පුළුවන්තරම් ඉක්මනට තාත්තගේ බලාපොරොත්තුවත් ඉෂ්ඨ වෙන්න මේක මුද්‍රණය කරන්න...අනිවාර්යෙන්ම ඒ පොතත් මම ගන්නවා....

    ReplyDelete
  12. මට අපි ඉස්සර බලපු "කීටයා" නාට්ටිය මතක් උනා ,ඊගාව කොටස ඉක්මනට දාන්නෝ....

    ReplyDelete
  13. කියවමින්........

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!