මරණයට අයදුමක් - 2 වන පරිච්ඡේදය

මීදුම හෙමිහිට පොළොවට පතිත වෙමින් පැවතුනු ඒ කඳු මාර්ගයේ පවිත්‍රන් සැලකිල්ලෙන් ගමන් ගමන් ආරම්භ කළේ ය. පාත්ති වශයෙන් සකස් කළ තේ වගාවන් ඉතා සාරවත්ව වැවී ඇති බව ඒ මඳ එළියෙන් පවිත්‍රන් හට පෙනිනි.

 ඔහු බස් රථයෙන් බැස්ස වෙලාවටත් වඩා දැඩි සීතලක් අවට පැතිරෙමින් තිබිණි. ඔහු තම දෑතින් මුහුණ පිස දැමුවේ ය. නාස් පුඩු  හා කන් පෙති අයිස් කැට මෙන් ඔහුට දැනිනි. තේ කඩ හිමියා කිවූ ලෙසින්ම ඒ අඳුරැ මාර්ගයේ මීදුම දැඩිව පතනය වීම නිසා පාර සොය ගැනීම බෙහෙවින් දුෂ්කර විය. කිලෝ මීටරයක් පමණ වූ ඒ දුෂ්කර ගමනින් පසු විශාල ගස් අතරින් ඒ පැරණි බංගලාව දිස්විනි.

එහි එක් කවුළුවක් තුළින් දුබල එළියක් විහිදුනු අතර අනෙකුත් කවුළු  අඳුරේ ගිලී පැවතිනි. වෘත්තාකාරව තිබූ ඒ මඟ පසු කොට බංගලාවට පවිත්‍රන් සමීප වූවේ ය.

බංගලාවට මීටර 100 ක් පමණ දුරින් වූ ලී ගේට්ටුව අසල වූ මුර කුටිය තුළින් නගින දුම් කොළ දුමාරයෙන් මුර කුටිය තුළ කවුරැ හෝ ඇතැයි ඔහු අනුමාන කලේ ය.

අඳුරේම ගේට්ටුව අසලට පැමිනි පවිත්‍රන් සීනුව අතින් ඇඳ තමන් පැමිනි බව සංඥා කළේ ය. මුර කුටිය තුළ සිටි පුද්ගලයාගෙන් කිසිදු වෙනස් වීමක් දක්නට නැත.

          "මහත්තයා.....! මහත්තයා......!!"  පවිත්‍රන් කතා ක‍ළේ ය.

පවිත්‍රන්ගේ හඬට පිළිතුරැ ලෙස මුර කුටිය තුළින් නැඟුනේ දුම් කොළ පිළිස්සෙන දුමාරය පමණි. ඔහු "මහත්තයා" යනුවෙන් උස් හඬින් අමතමින් සංඥාව තදින් සොලවන්නට විය. නමුත් මුර කුටියෙන් කිසිදු වෙනස් වීමක් නැත. දුම් රුලි පමණක් එය තුළින් එළියට පැමිණියේ ය.

       "මුරකාරයාගෙ කන් ඇහෙන්නේ නැද්ද මන්දා..!"

පවිත්‍රන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ ය. ගේට්ටුව සෙමෙන් විවර කර වත්තට ඇතූළු වූයේ ය.
ගේට්ටුව කනට අමිහිරි ‍ලෙස කීර්ර්...ර් ශබ්දයක් නගමින් විවර විනි. පවිත්‍රන් මුර කුටියට ළං වී සුරුට්ටු දුම දෑතින් එහා මෙහා කරමින් මුර කුටියේ කවුළුවෙන් එබී බැලී ය. දැඩි අඳුරක් පැවතුනූ මුර කුටිය තුලින් කිසිදු චලනයක් නැත. ඔහු කලිසම් සාක්කුවෙන් ගිනි පෙට්ටිය ඉවතට ගෙන එයින් ගිනි කූරක් දල්වා මුර කුටිය පිරික්සීය.

කාකි කමිසයකින් සැරසුනු පුද්ගලයෙකු මුර කුටිය තුළ දෙපා විහිදා වැටී සිටියේ ය. දෙතොලට තද වූ සුරුට්ටුවෙන් දුම් රුලි වා ගැබට එක් වෙමින් පැවතිනි.

" මහත්තයා" යි කියමින් ඔහු ඇඟට අත තබා සෙලවීය. මුර කරැගේ සිරැර එක් පසකට පෙරලී යන විට දෙතොලත සිර වී තිබූ සුරැට්ටුව ඉවතට විසි වී ගියේ ය.

ඒ සීතල රාත්‍රියේ පවිත්‍රන්ගේ සිරැර දහදියෙන් තෙත් විය. වට පිට බැලූ ඔහුගේ නෙත ගැටුනේ ගස් අතරින් පෙනෙන බංගලාවේ අඳුරැ ඡායාව පමණි.

ඒ අඳුරැ ඡායාව ඔහුගේ බිය දෙගුණ කිරීමට සමත් විය. නැවතත් ඔහු ගිනි කූරක් දල්වා මුරකරැ සිරැර පරීක්ෂා කළේ ය. පපුවේ දකුණු පසින් දරැණු ලෙස රැධිරය ගලායමින් තිබුණි. එය තියුණු පිහියකින් ඇනීම නිසා ඇති වූ තුවාලයක් බවට ඔහුට හැඟී ගියේ ය.

තිගැස්මෙන් නැඟී සිටි පවිත්‍රන් නැවත වරක් බංගලාව දෙස නෙත් හෙලීය.

"බංගලාවේ අය මේ මරනෙ ගැන දන්නේ නැද්ද.......!!" යි සිතමින් ඔහු බංගලාව දෙසට දුව යන්නට පටන් ගත්තේ ය.

ගේට්ටුව අසල සිට මීටර 100 ක් පමණ දුරින් බංගලාව පිහිටා තිබිණි. අඳුරින් ගිලුනු පෝටිකෝව තුළ පෝර්ඩ් වර්ගයේ කාරයක් නවතා තිබිණි. පවිත්‍රන් කාරය වටා දිවගොස් ඉදිරි පඩිපෙළ නැග ප්‍රධාන දොර අසලට පැමිනියේ ය. ඉදිරි දොර අගුල් දමා වසා ඇත. ඔහු වටපිට බලා පැමිනීම දැනුම්දීමේ සීනුව සොයා බැලීය. නමුත් ඒ කලබල රාත්‍රියේ සීනුව ඔහුගේ නෙතින් සැඟවිනි. ඔහු දෑතින් ම දොරට ගසන්නට පටන් ගත්තේ ය.

            "ගර්ර්.....ර්ර්..."

ඒ ගෙරවුම් හඬින් පවිත්‍රන් ආපසු හැරී බැලුවේ ය. ඔහුගේ සිරැර පුරාම නැවතත් ඒ සීතල රාත්‍රියේ දහදිය බිඳු මතුවිනි. මිනිසෙකුගේ ඉන මට්ටමට වැඩුනු ශිකාරි වර්ගයේ බල්ලෙකු අඩි භාගයක් පමණ දික් වූ හොම්බෙන් උගේ දිග දිව එළියට දමමින් දත් විලිස්සමින් ඔහු අසලට ලංව එනු ඔහුට පෙනින.

පවිත්‍රන් පසුපසට අඩියක් ගෙන තම අත රුඳි බ්‍රීප් කේසය අතට ගෙන එයින් තමන් ආවරණය කර ගැනීමට උත්සාහ කලේ ය.එය දුටු බල්ලා තවත් කෝප වූවා සේය. බල්ලා පවිත්‍රන් දෙසට පිම්මක් පැන්නේ ය. පවිත්‍රන් තම අත රුඳි බ්‍රීප් කේසයෙන් බල්ලාගේ හිසට පහරක් එල්ල කලේ ය. එම පහරින් මඳක් පසු බැසි බල්ලා නැවතත් පවිත්‍රන් ආක්‍රමනය කිරීමට සූදානම් විය.

       "මොකද කරන්නේ... ආපහු දුවනවද..!! දිව්වොත් මගෙ ඇඟේ කෑල්ලක් බල්ලගෙ කටේ තමයි !!"

පවිත්‍රන් කල්පනාව බිඳ දැමීය.

       " ඒයි ඩෙවිල්...!! ගෝ... ගෝ....!!! "
යන දැරියකගේ කටහඬින් පවිත්‍රන් එක්වරම ආපසු හැරී බැලුවේය. දොර අසල වූ විවර වූ ජනෙල් කවුළුවකින් කුඩා දැරියක්ගේ රැව දිස්විනි. පිපුනු මලක් බඳු වූ ඒ මුහුණින් බල්ලා දෙස කෝප සහගත බැල්මක් හෙලිනි. ඇගේ හඬටත් බැල්මටත් අවනත වූ බල්ලා දෙපා වකුටු කොට ගෙන වාඩි විය.


      "කවුද මාමා ඔයා...? ඔයාට මොනවද ඕනෑ...?"

     "මම චෙන්නායි වල ඉඳල එන්නෙ බබා..රුද්‍රා මහත්තයා ඉන්නවද? "

  "ආ... සීයා බලන්නද ආවේ..! ඉන්න මං එන්නම්" කියමින් දැරිය දිවැවිත් දොරේ හැඬලය කරකවා දොර විවෘත කලාය.

         "ඇතුළට එන්න මාමා.."

       " සීයාව මට ඉක්මනට මුණ ගැහෙන්න ඕනෑ..! බබා එයා කොහෙද ඉන්නෙ කියලා කියන්න..?"

       "සීයා උඩ තට්ටුවෙ ඉන්නේ."

       "එයාට එන්න කියන්න බබා..ඉක්මනට"

       "සීයට බිමට බහින්න බෑ.."

       "ඇයි ඒ?"

      "එයාට ඇවිදින්න බෑ.."

      "ගෙදර වෙන කවුද ඉන්නෙ බබා.."

      "ආච්චි, තාත්තා, බාප්පා, පුංචි අම්මා, නැන්දා ඔක්කොම ඉන්නවා. උඩ තට්ටුවේ ඔක්කොමලා ටීවී බලනවා."

    "ඔයාගේ තාත්තට එහෙනම් එන්න කියන්න බබා..."

     "එහෙනම් මේ සෝපාවෙන් වාඩි වෙන්න මාමා. මම ඉක්මනට ගිහින් එක්කගෙන එන්නම්."

දැරිය ඒ විශාල විසිත්ත කාමරය හරහා දිව ගොස් ලී පඩි පෙළේ ඩොම්.. ඩොම් හඬ නංවමින් නැඟ උඩුමහලට ගියා ය. පවිත්‍රන් සෝපාවේ වාඩි වන ගමන් විසිත්ත කාමරය පුරා දෑස් යොමු කලේ ය. සමස්ථාන රජ වරැන්ගේ මාළිගාවක් වැනි වූ ඒ විසිත්ත කාමරය මැදින් එල්ලුනු දැකුම්කලු පහනේ එළිය කාමරය පුරා විසිර පැවතිනි.

විසිත්ත කාමරය ඉදිරිපසින් පුළුන් පුරවා තබන ලද මුව හිසක් හා ඒ අසල ඇති ඇත් දළ යුවලත්  කාමරය පුරා අතුරන ලද වටිනා පලසත් පවිත්‍රන්ගේ දෑසට හසු විය.

කවුරැන් හෝ පඩි පෙළින් පහලට බහින හඬ අසා පවිත්‍රන් සූදානම් විය.

පිජාමාවකින් හා සුදු පැහැති උඩුකය ඇඳුමකින් සැරසුනු ඒ වයස අවුරුදු 30 ක් පමණ වූ තරැණයා පඩි පෙළ බසිමින් සිටියේ ය.

අවුල් වූ හිස කෙසින් යුතු උසට සරිලන මහතකින් යුතු ඒ තරැණයාගේ බැල්ම පවිත්‍රන් දෙසට යොමුවිනි.

       " කවුද ඔයා..?"

      "සර් මම පවිත්‍රන්.චෙන්නායිවල ඉඳලා පත්තරේ දාලා තිබුණු දැන්වීමටයි ආවේ.."

       "ආ..!! සුපවයිසර් පෝස්ට් එකටද?"

       "ඔව් සර්.."
      "රස්සාවකට තියා කිසිම දෙයකට කිසිම මෝඩයෙක් මේ වෙලාවෙ එන්නෑ..ඇයි තමුසේ මේ වෙලාවෙ ආවේ..?"
 
      "චෙන්නායි වල ඉඳලා උදෙයි පිටත් වුනේ.. එක්ස්ප්‍රස් කෝච්චිය ගොඩක් වෙලා ප්‍රමාද වුනා. කොයිම්බතූර් වල ඉඳලා පොල්ලච්චි බස් එක අල්ලගන්න එනකොට ප්‍රමාද වුනා සර්..ඔයාලගෙ බංගලාවෙ ගේට්ටුවෙ මුරකාරයා මරලා දාලා සර්.."

         "මොකක්ද කිව්වේ...!!"

       "ඇත්තමයි සර් ඇවිත් බලන්න"

තරැණයා කලබලයට පත්විය. "එනවා යන්න බලන්න"

තරැණයා පවිත්‍රන් කැටුව කඩිමුඩියේ බංගලා මිදුලට බැස්සේ ය. දැරියද ඔවුන් පසුපසින් පැමිනියා ය.

          "තමුසේ දැන්ද මේක දැක්කේ..?"

        "දැන් තමා සර් දැක්කේ. පපුව මැදටම පිහියකින් ඇනලා සර්..! ඇනපු කෙනා මුරකාරයගේ කටේ පත්තු කරපු සුරැට්ටුවකුත් තියලයි ගිහින් තියෙන්නේ..!!"

විනාඩියක ගමනකින් පසු ඔවුන් මුර කුටිය අසලට පැමිනියහ. මුර කුටිය තද අඳුරේ ගිලී පැවතිනි. තරැණයා බිත්තියට අත යවා ස්වීචයක් ක්‍රියාත්මක කලේ ය. මුර කුටිය ආලෝකමත් විය. මුරකරුගේ සිරැර ඒ ඉරියව්වෙන්ම ඇත. ඔහු අසල බිම සුරැට්ටු කොටය තවමත් දුම් වලා නංවමින් තිබිණි. පසුපසින් සිටි දැරිය පවිත්‍රන් හා තරැණයා මෑත් කරමින් මුර කුටිය තුළට එබී බැලී ය.


"ජෝති ඔයා බලන්න එපා ඇතුළට යන්න." තරැණයාගේ හඬින් දැරිය,

ආච්චියේ..! සීයේ...!! නැන්දේ...!!! මුරකාර අංකල්ව කවුදෝ මරල දාලා..!! එන්න ඔක්කොමලා එන්නෝ....!!!
යි හඬ තලමින් බංගලාව දෙසට දුව යන්නට  විය. ශිකාරි බල්ලාද ඇගේ පසුපස දිව ගියේ ය.

නිවස තුල සිටි අය ඇගේ හඬ අසා එළියට ආවේ ය.මුලින්ම අවුරැදු 50ක් පමණ වූ ගැහැණියක්ද, ජෝති දැරියද ඉන් පසුව අවුරැදු 25ක් පමන වූ තරැණයන් දෙදෙනෙක් ද ඔවුන් අසලින් අවුරැදු 25 හා 18 පමණ වූ රෑමත් තරැණියන් දෙදෙනෙක් ද දිව ආවෝ ය.

සියලු දෙනාම මුර කුටිය වෙත එබී බැලුවෝ ය.මහලු කත හැර අන් අය සීතලෙන් දෑත් පොරවා ගෙන දුක්බර හා විමතිය දනවන දෑසින් මුරකරැගේ මෘත ශරීරය නැරඹූහ. මහලු කත තම සාටකයෙන් මුහුණ ආවරණය කර ගනිමින්

   "අනේ අපොයි කවුද මේ අපරාදය කලේ දෙවියනේ.....!!  අපි හැමෝම බංගලාවේ  ඉන්දැද්දිනෙ මේක කරලා තියෙන්නේ...!!! යි වෙව්ලන සුළු හඬින් කීවා ය.

 "මේ අහිංසකය මරල දාලා කාටද දෙයියනේ ලාබයක් ලැබෙන්නේ...!! ඒ හඬ තරැණියන් ගෙනි. ඔවුන් සියලු දෙනාගේම දෑස් තුලින් බිය මෙන්ම වේදනාවක් සනිටුහන් වී තිබිණි.

අ‍ජේ පිටුපසට හැරෙමින්  "මැනේජර්.."  යනුවෙන් ඇමතී ය.

තරැණයන් දෙදෙනාගෙන් වඩා උස තැනැත්තා ඉදිරියට පැමිණියේ ය. ඔහුගේ දෑස ආවරණය කල කන්නාඩි යුවලත් මහත සිරැරත් අමුතු ගාම්භීර බවක් ආරොපණය කර තිබුණි.

          "සර්..."

         "පොලීසියට ටෙලිපොන් කරන්න "

          "ටෙලිපෝන් වැඩ කරන්නෑ සර්.."

         "කමක් නෑ... කාර් එකෙන් ගිහිං මේ ගැන පැමිණිලි කරලා එක්කගෙන එන්න "

"හොඳමයි සර්..."  කියමින් වතු මැනේජර්වරයා පෝටිකෝවේ නවතා තිබූ කාරය දෙසට ගමන් ඇරඹීය. ඔහුගේ ගමනට බාධා කරමින් පවිත්‍රන්, අජේ වෙත හැරෙමින්

             "සමාවෙන්න සර්..."

            "මොකද ?"

            " මම ගැන වරදවා හිතන්න එපා. මමත් මෙයත් එක්ක පොලීසියට ගිහින් එන්නද. මමනෙ මිනිය ඉස්සර වෙලාම දැක්කේ.. ‍" කියමින් අජය වෙතින් අවසර ඉල්ලා සිටියේ ය.

             "ම්හ්... හොඳයි.."

අජය වෙතින් අවසර ලබාගත් පවිත්‍රන් වතු මැනේජර්වරයාද සමඟින් කාරය දෙසට ගමක් කළේ ය. ඔහුට පිටුපසින් සිටි තරැණිය යමක් විමසනවා ඔහුට ඇසිනි.

            "කවුද ඒ කෙනා? "

           "අපි සුපවයිසර් කෙනෙක් ඕනෑ කියලා පත්තරේ දාපු දැන්වීමට චෙන්නායි වල ඉදල ආව කෙනෙක්.. "

තරැණියන් දෙදෙනා පුදුමයෙන් මෙන් පවිත්‍රන් දෙස බලා සිටියේ ය.කාරය පණගන්වා වේගයෙන් පෝටිකෝවෙන් මාර්ගයට පැමිණියේ ය.

වතු ගේට්ටුව පසු කරමින් මැනේජර්වරයා පවිත්‍රන් කැටුව පොලීසිය බලා ඉගිලිනි.



                                                          ෴ *ර්‍ *ර්‍ *ර්‍ *ර්‍ ෴

                                                            


පළවෙනි පරිච්ඡේදය කියවලා අදහස් යෝජනා කියපු හැමදෙනාටම ස්තූතියි ඔන්න. හැමෝම කිව්වානෙ මේ පරිවර්තනය පොතක් විදිහට මුද්‍රණය කරන්න කියලා. ඒක මම කරනවා යාළුවනේ. තාත්තාගෙ ආසාව මම ඉෂ්ටකරනවා. හැමෝම මාව ඒ වෙනුවෙන් දිරිමත් කලා. ඒ හින්දම තිබුණු බලාපොරොත්තු අළුත් වුනා.

මේ දිගඇරෙන්නේ දෙවන පරිච්ඡේදයේ මුල් කොටස. කලින් කොටසට වඩා කතාව පැහැදිලි වෙයි මේ කොටසින්. ඒත් ඉදිරිය අවිනිශ්චිතයි. ඒක මේ කතාව පුරාම තියන දෙයක් කියලා මම කියන්නෙ නිකමට නෙමේ යාළුවනේ.

වැඩි කතා ඕනෙ නෑ මං හිතන්නේ. ඒත් ඉදිරියට වෙයි කියලා හිතෙන දේ ලියලා යන්න අමතක කරන්න එපා ඔන්න.

ආ... අමතක වෙනවා තව ටිකෙන්. මේ කොටස පළකරන්න ප්‍රමාද වුනාට සමාවෙන්න. තාම ඉගෙනගන්න කොලු පැටියනේ කියලා හිතලා සමාව දෙනවා කියලා මං කොහොමත් දන්නවා. ඒත් ඉතින් සමාව ඉල්ලන එක මගෙ යුතුකමනේ...   :)


දෙවනි පරිච්ඡේදයේ අවසන් කොටසින් හමුවෙමු යාළුවනේ....!!

Comments

  1. නියමයි මල්ලියෝ. සුභ පැතුම් හදවතින්ම. පොත නිකුත් කරන කල් මග බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි අක්කේ.. හැබැයි දැන්ම නම් පොත මුද්‍රණය කරන්නෙ නෑ.රැකියාලාභියෙක් වුනු කාලෙක තමා ඉතින්.
      :)

      කෝ ඉතින් කතාව ගැන ඔයාගෙ අදහස්.ඒවත් ඕනෙ හරිද

      Delete
  2. කතාව නං නියමෙට යනවා මල්ලි....
    ඔන්න අපිත් බලන් ඉන්නවා පොත එනකන්..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සැරදේවා රජතුමනි. ස්තූතියි ඔන්න.

      ඔය කියන රාජ සම්පත් කවදා ලැබෙයිද!!

      Delete
  3. කතාවනම් සිරා මලයා.. පොත ගහන වැඩේට මම ඉහලින්ම කැමතී.. එක කොපියක් මං වෙනුවෙන් වෙන් කරන්න.. මම අනිවා අර ගන්නවා.. :)

    ඉතිරියත් ලියමු..

    ReplyDelete
    Replies
    1. අයියා මෙහෙ එයිනෙ පොත ගහන කාලෙ වෙන කොට.අනිවාර්යෙන් දෙනවා අයියේ.

      ඉතිරියත් ඉක්මනින් ලියන්න උපරිම උත්සහ කරන්නම්.හැබැයි පරක්කු වුනා කියලා බනින්නනම් එපා ඔන්න

      Delete
  4. මරු මරු...මඟ බලන් හිටිය මේ කොටස එනකන්..ඊලඟ එකත් ඉක්මනටම දෙන්නෝ...අපි කියවන්න එනවෝ

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස හැකි ඉක්මනින් දානවා අයියේ. ආයම එන්නකො මේ පැත්තේ.

      Delete
  5. කතාව ලස්සනට ලියල තියනවා. ඔයාගේ තාත්ත හොඳ පරිවර්ථකයෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ..

      Delete
  6. දෙකහමාරක් නෑ ආයේ කතාව නම් මරු.දිගටම ලියපං මලේ. අපි කියවනවෝ..... ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් අයියටත්. දිගටම ලියනවා අයියේ. මේ සැරේ නම් නවත්තන්නෑ.

      ආයෙ මේ පැත්තේ එන්නකෝ..

      Delete
  7. අම්මෝ, මම ඒත් හිතුවා ඊළඟ කොටස දාන්නෙ නැත්ද? නැත්තම් මට මඟ ඇරුණා වත්ද කියලා... දිගටම මේ කතාව දාන්න. ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. කතාව දිගටම ලියනවා.ඒක නම් නවතින්නෑ ඔන්න.
      මෙහෙමයි ඊළඟ කොටස් මඟ ඇරෙයි කියලා හිතෙනවනම් කරන්න වැඩක් තියනවා.මේක දන්නවත් ඇති. කෝකටත් හැමෝටම දැනගන්න හින්දා මෙතනම ලියන්නම්.

      RSS Feeds ගැන දන්නවා ඇතිනෙ.මේ Feeds වලින් පුළුවන් බ්ලොග් එකට එන්නෙ නැතුව අලුතින් පෝස්ට් දාලා තියනවානම් ඒවා දැනගන්න.කරන්න තියෙන්නෙ සුළු වැඩයි.

      [im]http://1.bp.blogspot.com/-tANmA_fOkTk/TvCTLg2BGvI/AAAAAAAAAZk/vE6qGJK50t8/s1600/rss-48.png[/im]

      මෙන්න මේ රෑපෙ තියනවා උඩ.ඕක ක්ලික් කරලා Feeds දාගන්න පුළුවන් තමන් පාවිච්චි කරන බ්‍රව්සරේට.බ්‍රව්සරේ බුක් මාක් වල බ්ලොග් එකේ නම වැටෙනවා එතකොට.එතන්ට ගියාම පෙන්නනවා අලුතින් මොකක්හරි පෝස්ට් දාලා තියනවා නම්.මේක හැම බ්ලොග් එකකට තියනවා.

      මම මේ වැඩ්ඩා වගේ කිව්වට ඕක දන්නවත් ඇති.ඒත් නොදන්න කෙනෙක් හිටියොත් කියලා දැම්මේ.

      ඊළඟ කොටස ඉක්මනින්ම දානවා. :)

      Delete
  8. එන්න එන්නම කතාවේ කුතුහලය වැඩි වෙනවා...මමනම් හරි ආසයි මේ විදියේ කතා වලට..පොත මුද්‍රණය කරන්න ගත්ත තීරණය නම් හරිම හොඳයි මල්ලි...

    ම්ම් ඉස්සරහට වෙන්නේ මොකද මලමු..මට හිතෙන්නේ බන්ගලාවේම කෙනෙක් තමයි ඒක කරේ කියලා. අර මැනේජර් වෙන්න බැරිද? :)

    ReplyDelete
    Replies
    1. සයුරි අක්කේ ඔයාටත් ස්තූතියි. පොත මුද්‍රණය කරලා අක්කටත් පිටපතක් එවන්නම්කෝ.

      අක්කා හිතපු දේත් ටිකක් විතර හරි.බලමුකො බලමුකො ඉස්සරහට මොනා වෙයිද කියලා. :)

      Delete
  9. පලවෙනි කොටස වගේම ඔන්න දෙවෙනි කොටසත් කියෙව්වා.නියමයි මචන් ඉතුරු ටිකත් ඉක්මනට ලියපන් වැඩිය පරක්කු නොකර
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ලියන්නම් එහෙනම්.නැත්නම් අමතක වෙයි නේද.

      සති අන්තයෙ තමයි ඉඩක් ලැබෙන්නේ.ඒකයි ටිකක් පරක්කු. :)

      ස්තූතියි නිශාන්ටත්.

      Delete
  10. මට මේක මිස් වෙලාද ?
    දෙවෙනි කොටස නේද බං..?

    පොතක් ප්‍රින්ට් කරන්නද කල්පනාව.

    ජය !

    ReplyDelete
    Replies
    1. 2වෙනි කොටස තමා සෑම් අයියා.මිස් කරගන්න එපා හොඳේ.. දැන් තමා හොඳම හරිය පටන් ගන්නේ. ඕං දැම්මා අනිත් කොටසත්.

      මතක් කරලා බලන්ඩෝ...

      Delete
  11. වාව් මං ආසම ජාතියේ කතාවක්..එල..

    ReplyDelete
  12. දැන් අන්තිම කොටසට යනවා මම

    ReplyDelete
    Replies
    1. ආ.. දැන්ද රොබින් අන්තිම කියවන්නේ...

      Delete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය