දෙහදක් ආදරෙන්...

‍ආදරේ කියන්නෙ ඉ‍ගෙනගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමේ.  දවසින් දෙකෙන් ඒක කරන්න කොහොමත් බෑ. කියනකොට වචන තුනක් වුනාට ඒ වචනෙ ඇතුලෙ ගැබ්වෙලා තියන හැඟීම් මහ ගොඩයි.

ආදරේ ගැන ලෙච්චර් එකක් එහෙම නෙමේ මේ ඔන්න. හිකිස්.... :D

අවුරැද්දකට කිට්ටු කාලයක් ආදරිය මගෙන් ඈත් වෙලා හිටියෙ. ආදරේ කියන්නෙ ළඟට වෙලාම කරන්න ඕනෙ දෙයක් නෙමෙයි හින්දා ඒකට කමක් නෑ. ඒත් එයා ගැන කිසිම ම තොරතුරක් ආරංචියක් නැතුව ඉන්නවා කියන්නෙ හරි අමාරැ වැඩක්. ඒ ඇයි කියලා අහන්න එපා ඔන්න.

බොරැ කියන්නෙ මොකටද, ආදරේ මාව ඇන්දුවදෝ කියලා හිතුණා ඒ ගෙවුනු කාලෙ සමහර වෙලාවට. ඒත් ඒ සිතිවිල්ලට හිත ඇතුළෙ රජ කරන්න ඉඩ නොතියා ඉන්න උපරිම උත්සහ කලා. ඒ හින්දමද කොහෙද ආදරිය පෙනෙන මානෙන් ඈත් වුනත් හිත ඇතුළෙ ළඟටම වෙලා හිටියා.

"මම හොඳින් ඉන්නවා. ඔයා සතුටින් ඉන්න" කියන පණිවිඩේ එයා මට කවදාහරි එවයි කියලා බලාගෙන හිත රවට්ටගෙන හිටියට එහෙම පණිවිඩයක් ලැබෙන්න සෑහෙන කල් ගියා.

කොහොමින් කොහොම හරි ඒ පණිවිඩේ මට ලැබුණා. ඒ වෙලාවෙ දැනුණ සතුට වචනවලට පෙරලන්න බෑ. ඒක හරියට මෙහෙමයි කියලා කියන්න අමාරැයි. හරියට මහ දවාලෙ අව්කාස්ටකේට හෙම්බත් වුනු පුංචි පැළේකට වතුර ටිකක් වත් කලාම ආයෙම පණ එනවා වගේ.

අලුත් නම්මරයකින් මැසේජ් එකක් ඇවිල්ලා තිබුණහම මං හිතුවෙ වැරදිලා වෙන්න ඇති කියලා. 
මොකද මං මැසේජ් කොටන්නෑ කාටවත්. ඒක කියෙව්වහම මට එකපාරටම හිතුනෙ මේ නම් මව අන්දන්න මගෙ ගජ මිතුරා (හතුරා) එවාපු එකක් තමා කියලා.
ඒ හින්දා රිප්ලයි කොලේ නෑ. ඒත් කීප සැරයන්ම කියෙව්වාම තමයි දැක්කෙ එයා මට ආදරේට කියන නමත් ඒකෙ කොටලා තියනවා කියලා.
ඒක අපි දෙන්නා ඇරෙන්න වෙන කවුරැවත් දන්නෙ නෑ.

හත් දෙයියනේ මේ මගෙ ආදරිය එවාපු එකක් තමා.
ඒ වෙලේ හිතුණෙ එහෙම.

සෑහෙන කාලෙකින් මැසේජ් කොටලා නැති හින්දා රිප්ලයි එක යවන්න සෑහෙන වෙලාවක් ගියා.

එතනින් එහාට මොනා කියන්නද.....!!


                                                              You have
                                        New Massage

                                     






ආදරිය තමයි කිව්වෙ Post එකට මේ නම දාන්න කියලා. මං දාන්න හැදුවෙ "ආදරය අන්දයි" කියලා.


ප.ලි- මගෙ Post පොඩියි කියලා දොසක් කියන්නෙ නැති වෙයි කියලා හිතනවා.
        වෙලාවෙ හැටියටයි ලියන්නෙ.




Comments

  1. බලාපොරොත්තු එක්ක ජීවිත වෙන එක හරි අපූරුයි මලයා.. මොකද දවසක ඒ බලාපොරොත්තු ඉටු වෙනවා..

    ReplyDelete
  2. ඇත්ත අයියෙ.බලාපොරොත්තු මිනිස්සුන්ව ජීවත් කරවනවා.

    ReplyDelete
  3. අදයි මේ පැත්තේ ආ‍වෙ..
    අපූරු කතාවක්. දිනේෂ් කිව්වා වගේ බලාපොරොත්තු තමයි ජීවිතේ ප්‍රාණ වායුව..

    ReplyDelete
  4. සාදරෙන් පිළගන්නවා කැමීලියාව.

    මම ආයෙම ජීවත් වෙනවා කියලා දැනුනෙ බලාපොරොත්තු ඉටු වුන නිසා තමයි.

    ReplyDelete
  5. මාත් මේ පැත්තේ ආවේ අද.. හිතට දැනුනු හැගීම් මොන වගේ ද කියලා මට තේරුම් ගන්න පුළුවන්.. අන්තිමට බලාපොරොත්තුව ඉටු වුනා නේ..
    ජය!

    ReplyDelete
    Replies
    1. අයියවත් පිළිගන්නව මේ පැත්තට. බලාපොරොත්තුව ඉටු වුනානම් තමා. ඒත් තව බලාපොරොත්තු මහ ගොඩක් එයා මට දුන්නා.

      Delete
  6. හරිම ලස්සන අදර කතාවක් :)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයිද දන්නෑ. ඒත් එහෙම වෙන්න කියලා හැම තිස්සෙම මම පතනවා.

      Delete
  7. සිරා.. අර නාට්‍යයක් තිබ්බ නේද මේ නමින්..

    ජය !

    ReplyDelete
  8. නාට්‍යයක් තිබ්බා තමා.

    ඕක එයා කියද්දි මටත් මතක් වුනා.

    ReplyDelete
  9. ආදරේ....ජීවිතේට ජීවත්වෙන්න අවශ්‍යම දේ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ කියන්නෙ තරෑ.
      කොහෙද ඉතින් සමහරක්ට ඕක තේරැම් ගන්න බෑනෙ..

      Delete
  10. ආදරේ තමා ආදරේ :)

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

චක්‍රීකරණය මම දැකපු හැටි..!