මරණයට අයදුමක් -1 වන පරිච්ඡේදය

වුරැදු කීපයකට කලින් තාත්තා උතුරැ යුධ බිමේ ඉන්න කාලෙදි එවපු පොතක් මං ළඟ සුරැකිව තිබුණා.
ඒක තැපෑල් මාමා ගෙනත් දුන්නු දවස අද වගේ මතකයි මට. අයියයි මායි ලොකු පොරයක් ඇල්ලුවා පාර්සලය ගන්න.

සුපුරැදු විදිහට එයා දිනුවා. මම ඒක ලිහනකන් බලාගෙන හිටියා. ඒකෙ ලියුම් හතරක් එක්ක තිබුනෙ මේ පහළ තියන පොත.
පොතේ උඩින්ම " මගෙ ලොකු පුතාට තාත්තියාගෙන් තෑග්ගක්  " කියලා ලියලා තිබුණා.

මට නෙමේ අයියටයි පොත.
එදා දුක හිතුණත් පස්සෙ තාත්තා නිවාඩුවට ඇවිත් කිව්වා ඊළඟ පොත මට කියලා.





තාත්තා යාපනේ රැකියාව කරන කාලෙදි දෙමළ භාෂාව ඉගෙන ගත්තා. ඒ දැන් කාලෙ වගේ පඩිය වැඩි කරගන්න නෙමේ. එයාට තිබුණා මොනවා හරි ඉගෙන ගන්න ආසාවක්. ඒක නිසාම තමා දෙමළ ඉගෙන ගත්තෙ.

නිවාඩුවට ගෙදර ආවහම වුනත් දෙමළ කියලා දුන්නා පුළුවන් වෙලාවට. මම හුඟක් පොඩි එතකොට. නොතේරැණත් මාත් ඉගෙන ගන්න උත්සහ කලා.

අයියයි මායි පොඩි කාලෙ ඉඳලම පොත් කියවන්න ආසයි. ඒකත් පුරැදු කලේ තාත්තා. අද වුනත් ගෙදර ඉන්නවනම් කෑම කන්නෙ පොතක් පෙරලගෙන.
පොත අපි කියෝලම දැන් ගන්න දෙයක් නෑ. පේනවනෙ හැටි.



මේ පොත තාත්තා පරිවර්තනය කරපු එකක්. මුල් පොත දෙමළ පොතක්. මුල පොතේ පිටකවරෙ ෆොටෝ කොපි කරලයි තියෙන්නෙ. තාත්තා මේ පොත සිංහලට පරිවර්තනය කලේ අපිට කියවන්නම හින්දා නෙමේ. කවදා හරි මුද්‍රණය කරන්න ආසාවකුත් හිතේ තිබුණා.

තවත් පොතක් පරිවර්තනය කරමින් ඉද්දියි එයා හදිසියෙම යන්න ගියේ.

මොන විදිහෙ කතාවක්ද තියෙන්නෙ කියලා නොකියා ඉන්නයි තීරණය කලේ මම. ඒකට කමක් නෑනෙ.

තාත්තාගෙ පරිවර්තනය ඒ විදිහටම ලිව්වා. වෙනස් කලේ නෑ. මේ පළවෙනි පරිච්ඡේදය.
මොනවගේ දෙයක් ඊළඟට වෙයිද කියලා හිතලා කියන්නකෝ.
------------------------------------------------------------------------------------------------------------------------




ස් රථය ශෙක්කල් මූඩි බස් නැවතුම් පලට ළඟා වන විට සවස හය පසුවී තිබිණි. හිරැ තම දුබල රැස් තමා තුලටම ඇදගත් හෙයින් ඒ වතුකරය අළු පාට අහසින් බරව තිබිණි. බස් රථය නැවතිණි. කොන්දොස්තරගේ රළු හඬ බස් රථය පුරා රැව්දිනි.

                       " කවුද ශෙක්කල් මූඩි වලින් බහිනව කීවෙ..... ඉක්මනට බහින්න " 

ඉදිරි අසුනක වාඩි වී සිටි පවිත්‍රන් තම දෙපා අතරින් තිබූ බ්‍රීෆ් කේසය අතට ගෙන මගීන් අතරින් ගමන් කරමින් පා පුවරැවට පැමිණියේය.

කොන්දොස්තරවරයා කෝප වූ බවකි.
        " ඉක්මනට එනවා මහත්තයා... හරියට මනමාලය වාගේ එනව හෙමි හෙමීට. එක්කෙනෙකුට මෙච්චර වෙලා බස් එක නවත්තගෙන ඉන්න බෑ....... "
        " සමාවෙන්න.... මම මේ පැත්තට ආව පළවෙනි වතාව. කොතනද බහින්නෙ කියලා දන්නෙ නැතුවයි වාඩි වෙලා හිටියෙ. "
        " හරි හරි ඉක්මනට බහිනවා... තව කතා කරන්න ගියොත් තවත් වෙලා යයි"
පවිත්‍රන් බසයෙන් බිමට බැස්සේය.

        " හරි හරී............... "

බස් රථය දුම් වලාවක් පිට කරමින් සිය ගමන ඇරඹීය. පවිත්‍රන්  සිය දෑත් එකට අතුල්ලා සීතල පලවා හැරීමට උත්සහ කරමින් වට පිට බැලුවේය.

ශෙක්කල් මූඩි කැළෑබද ප්‍රදේශයක් සේ ඔහුය දිස්විනි. අඳුර වැටෙමින් තිබූ මුළු ප්‍රදේශය පුරාම අසාමාන්‍ය නිහඬ බවක් පැතිර තිබිණි. විටින් විට මඟ යන යන එන්නවුන් හා අතරින පතර නිවෙස් කවුළු තුලින් පෙනෙන මිනිස් හැඩරෑ හැරැන කොට ඒ මඟෙහි වෙනත් කිසිවකු නැත. පවිත්‍රන් සිය බ්‍රීෆ් කේසයද රැගෙන ගමන් ඇරඹීය.

මද දුරක් එපිටින් වූ පෙට්ටි කඩයක් හා ඒ අසල එල්ලූ දැල්වෙමින් තිබූ හරිකේන් ලාම්පු එළය දුටු පවිත්‍රන් හට සිගරැට්ටුවක් ඉරීමේ ආශාවක් උපන්නේය.

ඔහු කඩය බලා ගමන් ඇරඹීය.

ඒ හැන්දෑ යාමයේ ශෙක්කල් මූඩි වෙත පැමිණි පවිත්‍රන් වයස අවුරැදු 28 ක තරැණයෙකි. සිනමා නළු සත්‍ය රාජන් ගේ උසත් ඇත් දළ පැහැති දැකුම්කළු ශරීර වර්ණයත් උමාර් ෂෙරීප් ගේ උඩු රැවුල බඳු ඝණ උඩු රැවුලත් ඔහුගේ මුහුණට ගෙන දුන්නේ ප්‍රිය මනාප පෙනුමකි.

තද රෙද්දකින් මැසූ කලිසමත් වටිනා කමිසයත් කිලෝ පනස් හතක් වූ ඔහුගේ සිරැරට මනාව ගැලපිනි.

පවිත්‍රන් පෙට්ටි කඩයට ගොඩවිනි. කෙසෙල් කැනකට එපිටින් වීදුරැ කබඩය අසල ස්වීටයකින් හා ගෙල වටා එතූ මප්ලයකින් සැරසුනු මිනිසෙකු තම දෑත් උදරය මත රඳවා ගනිමින් තමා දෙස බලා සිටිනවා ඔහු දුටුවේය.

හරිකේන් ලාම්පුව අසල බිම සිගරට් දැල්වීමට සකස් කරන ලද දුබල එළියෙන් විහිදුවන පහනකි.
        "පිර්ඩර් සිගරට් තියනවද? " පවිත්‍රන් ඇසුවේය.
මහළු මිනිසා අමනාපයෙන් මෙන් හිස සැලුවේය.

                  "වෙන මොනවද තියන සිගරට්"

                 "සාමිනර්" 


හරි දෙන්න කියමින් පවිත්‍රන් හිස සැලුවේය.  හේ මාරැ කාසි කීපයක් කඩ හිමියාට දී සිගරැට්ටුව අතට ගෙන දුබල එළියට අල්ලා එයට ගිනි ආරෑඪ කර ගත්තේය. එය හොඳින් දැල්විණි. මුව පුරා දුම්උගුරක් උරා පිටකල පවිත්‍රන් මහළු කඩ හිමියා දෙසට හැරැනේය.
        " ලොකු උන්නැහේ.... "
        " ම්හ්.... "
        "කුරුදියාරු වත්තට කොයි පාරෙන්ද යන්නේ...?? "
මහල්ලාගේ මුහැණ වෙනස් විනි.
        "කුරුදියාරු වත්තට"
         " ඔව් "
        " එහෙ මොකටද යන්නෙ... "
        " රුද්‍රා මහත්තයා හම්බ වෙන්න "
මහල්ලා තමන් වාඩිවී සිටි බංකුවෙන් සෙමින් නැගී සිටියේය. මදක් වෙව්ලන සුළු හඬින්.

        " මල්ලී උඹේ නම මොකක්ද....? ගම කොහෙද? "
        " මම පවිත්‍රන් චෙන්නායි වල ඉඳලා.. "
        " ඇයි රුද්‍රා මහත්තයා හම්බ වෙන්න යන්නෙ..? "
 " එයාගෙ වත්තට සුපවයිසර්  කෙනෙක් ඕනැයි කියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා; ඒකයි කෙලින්ම ඇවිත් කතා කරලා යන්න ආවේ. "
                " ඇයි ලොකු උන්නැහේ...... "  

 මහල්ලාගේ කට හඬේ වෙව්ලීම වැඩි වූ සෙයකි.

                 "උඹ කසාද බැඳල ද? "

                 " නෑ...."

        " චෙන්නායි වල උඹට රස්සාවක් හොයා ගන්න බැරිද; තව ටික වෙලාවකින් පොල්ලච්චි යන බස් එක මෙතන්ට එනවා. ඒකෙ නැගල පලයං "
 පවිත්‍රන් ඔහුගේ කතාවට පුදුමයට පත් විය.
        " ඒ ඇයි ලොකු උන්නැහේ එහෙම කියන්නෙ...."
         " ඒ ගැන ඔයිට වඩා මොකවත් මගෙන් අහන්න එපා. උඹ කාගෙ දරැවෙක් ද කියන්න මං දන් නෑ. උඹේ හොඳටයි කියන්නෙ... ගමට පලයං.. තව පැය බාගෙකින් බස් එක එනවා. ඒක මේ පෙට්ටි කඩේ ගාව නවත්තනවා නැගල යමං කියන දේ අහලා."
පවිත්‍රන් මුවට ගත් දුම් රැල පිට කරමින් මහල්ලා හට සිනාවක් පෑවේය.
        " ඇයි ලොකු උන්නැහේ පුංවි එකෙක්ට වගේ මට බල කරන්නෙ.... ඒ වත්තෙ වැඩට ගියාට මොකද වෙන්නෙ."
         " ඒවට හේතු කියන්න මට බෑ; පස්සෙන පහු ප්‍රශ්ණ ඇති වෙයි. ඕං ඔච්චරයි මට කියන්න තියෙන්නෙ. මේ කඩේ වහන වෙලාව ළඟයි. උඔ එහේ වැඩට යන නොයන එක උඹේ කැමැත්තක් "
 කියමින් මහල්ලා කඩය වැසීම ආරම්භ කළේය. ටික වෙලාවකින් කඩය වසා දමා කාකි රෙද්දෙන් මැසූ කුඩා මල්ලක්ද රැගෙන මඟට බැස්සේය. මහල්ලා නැවැත්තීමට මෙන් පවිත්‍රන් ඔහු ගේ ගමන් මඟ ඇහිරීය.

                 " ඇයි ලොකු උන්නැහේ.. මොකක්ද කියන්න හදන්නේ.... ඇයි නොකියම යන්න හදන්නේ..? "

මහල්ලා සිය ගමන නවත්වා පවිත්‍රන්ගේ හිසේ  සිට දෙපා  දක්වා තියුනු බැල්මක් හෙළුවේය.
        " අර පඩි පෙලෙන් නැඟලා  ගියාම  පොඩි කඩයක් හම්බවෙයි. ඒ කඩේං ගිහින් උඹට යන්න ඕනෙ තැන අහපං. මට යන්න ඇරපං. "
කියමින් මප්ලරය ගෙල වටා සකස් කරමින් ගමන ඇරඹීය. තමා හැර යන මහල්ලා දෙස සඳ වෙලාවක් බලා සිටි පවිත්‍රන් පඩි පෙළ දෙසට ගමන් ඇරඹීය.

               " ඒ මිනිහා මොකක්ද කියන්න ආව;නොකියම යන්න ගියා. "


පවිත්‍රන් ඒ ගැන සිතමින් පඩි පෙළ නැගීම ආරම්භ කලේය. ඔහු වටා දැඩි කළුවරක් කැටි ගැසෙමින් තිබිණි. ඔහුගේ සිත තුළ සියුම් බියක් මෝදු කිරීමට ් කළුවරට හැකි විය. පඩි පෙළ නැගි පවිත්‍රන් වෙහෙස නිසා මද වේලාවක් එතැනම රැඳී සිටියේය. කඳු අතර තැනූ නිවෙස් වල විදුලි පහන් කනාමැදිරි එළි සේ දිස්විනි. කඳු මුදුනට පඩි පෙල දිගේ නැගි පවිත්‍රන් ගේ නෙත ගැටුනේ මහල්ලා කී කඩය යි. එහි තුළ වූ බොයිලේ‍රැව අඩියෙන් ගින්දර රතු පැහැයෙන් දුරට පෙනිනි.

කිසිවෙකු කඩය තුළ සිටින බවක් නොපෙනුනත් ඔහු ඒ අසළට ගියේය. තඩය තුළ මිටි බංකුවක කුකුල් නින්දකට සූදානම්  වෙමින් සිටි කඩ හිමියා පවිත්‍රන් දුටු වහාම  නැඟී සිටියේය. අවුල් වූ හිසින් හා පැරණි ස්වීටරයකින් සැරසී සිටි ඔහු මඳක් තරබාරැ අයෙකි.

                 " මහත්තයා.... තේ බොනවද...? "

                   "ඔව් "  පවිත්‍රන් පිළිතුරැ දුන්නේය.

                  "ඇතුළට ඇවිත් ඉඳඟන්න මහත්තයා.. තේ එක කහට වැඩියෙන්ද අඩුවෙන්ද..."

                   "වැඩි කහට"

ඔහු බොයිලේරැව අසලට ගියේය. වීදුරැ කෝප්පයකට උණු වතුර ස්වල්පයක් වත් කර එය සෝදා ඩිකාෂනිල් කිරි පිටි හැඳි දෙකක් හා සීනි හැඳි දෙකක් දමා තේ ගොටුවෙන් උණු ජලය වත්කර හැඳි ගාමින්ම පවිත්‍රන් අසලට පැමිණියේ ය.

                " මහත්තයා පොල්ලච්චි බස් එකටද "

               " නෑ... ශෙක්කල් මූඩි වලට මේ දැන් තමයි ආවේ "

               " මහත්තයගෙ ගම ද මෙහෙ "

               " නෑ... මෙහෙ රස්සාවකටයි ආවේ; කොහෙද තියෙන්නෙ කුරුදියාරු වත්ත. මම මේ පැත්ත දන් නෑ. කොහොමද යන්නේ ඒ වත්තට "

කඩ හිමියා එකවරම තිගැස්සිණි. ඔහු ගේ දෑස් තුළ කුතුහලයක සේයාවක් ඇඳී ගියේ ය.

        " මොන වත්ත ද කිව්වේ මහත්තයා..... කුරුදියාරු වත්ත ද "

           "  ඔව් " කියමින් කඩ හිමියා ගේ මුහුණ දෙස බැලූ පවිත්‍රන් හට ඔහුගේ මුහුණේ වූ වෙනස අවබෝධ කර ගැනීමට හැකි විය.

                 " ඒ වත්තෙ කාව හම්බ වෙන්නද යන්න ද "

                    "රැද්‍රා මහත්තයාව "

                    " ඇයි....? රස්සාවකටවත් ඉල්ලුම් පත්‍රයක් දැම්ම ද? "

                  " නෑ ඉල්ලුම් පත්‍තරේ අතේ ම අරගෙන ආවා; වත්තට යන පාර කියනව ද කරැණාකරලා. "


කියමින් තේ කෝප්පය බීම ආරම්භ කළේ ය.
         " මහත්තයා ඒ වත්ත ගැන විස්තර තාම දන් නෑ. විස්තර දන්නවනම් මහත්තයා ඒ පැත්තෙ යන්නෙවත් නෑ."
                  " මොනවද විස්තර.. බලන්න කියනවකො "

පවිත්‍රන් උන්‍න්දුවෙන්  විමසීය. කඩ හිමියා පසු බැසීය. නැවතත් කට හඬ අවදි කළ ඔහු,

                 " කියනවකෝ ඕයි තටබන්නේ නැතුව "
      " මීට කලිනුත් ඔය වත්තට සුපවයිසර්ලා දෙන්නෙක් ආවා. මේ වගේ ම මයෙ කඩෙන් තේ බීලා තමයි වැඩට ගියේ. ඒත් ආපහු ආවෙ නෑ.

            " ඇයි එයාලට මොකද වුනේ..... " කියමින් දැල් වූ සිගරැට්ටුවෙන් දුම් උගුරක් උරා පිට කලේ ය.

             " මොකද වුනේ කියන්න දන්නෙ නෑ මහත්තයා. ඒත් එක්කෙනෙකුට කරන්ට් වැදිලා මැරැනලු. අනිත් කෙනා කුරුදියාරු ඇළේ වැටිලා මැරැණා කියලා තමයි ආරංචි වුනා "

             " ඉතින් ඒ මරණ දෙකම හදිසි අනතුරැ වගෙයි නෙ."


             " පොලීසියත් එහෙම තමයි කියන්නෙ. ඒත්..... ගමේ මිනිස්සු විස්වාස කරන් නෑ ඕක"

             " මිනී මැරැම් කියලා කියනවද ගමේ අය ? "

              " එහෙම ම කියල කියන්නෙ නෑ.. ඒත්? "

             " අනේ මහත්තයො, මම කිව්වා කියලා කාටවත් කියන්න නං එපා. එහෙම උනොත් මාව තමා අහු‍ වෙන්නෙ ඕවට."

සිගරට් කොටය මිදුලට විසි කරමින් නැඟී සිටි පවිත්‍රන්,

                " කීයද ගාන. ? "

              " රැපියල් දෙකයි. "

තම පසුම්බියෙන් රැපියල් දෙකේ කාසියක් ගත් ඔහු, "ඒ වත්තට යන පාර කොහෙන්ද" යි කියමින් කඩ හිමියා දෙස බැලුවේය.

           " මෙච්චර කියලත් යන්න ද හදන්නෙ මහත්තයා.....? "


            " මම යන්න තමයි තීරණය කරලා තියෙන්නෙ තමුසේ පාර කියනවා. "

කඩ හිමියා තතනමින් පාර කීවේය.



2 වන පරිච්ඡේදයෙන් හමුවෙමු.....

Comments

  1. පොත ප්‍රකාශනයක් විදියට එලි දක්වන්න. ලස්සනට පරිවර්තනය කරලා කියල හිතුනා. තාත්තගේ ආසාව ඉෂ්ට කරන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාරයෙන්ම මේ පොත එළි දක්වනවා අයියේ.
      ඒක මගෙ හීනයක්.

      Delete
  2. හෑ මේ මොකක්ද අබිරහස් කතාවක්ද? මේ ටිකටමැ කුතුහලය නම් ඇවිස්සුනා.ඊලග කොටසත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම ඊළඟ කොටසත් දානවා අයියේ. 2 පරිච්ඡේදයේ ටිකක් දිගයි.මේ දවස් වල ලියාගෙන යනවා ඒක.

      Delete
  3. නියම කතාව සහෝ... තාත්තා ලස්සනට පොත පරිවර්තනය කරලා තියෙනවා කියලා පලමු ජේද 2-3දිම තේරුනා.. ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න. ක්සැන්ඩර් ගේ අදහසට මමත් එකගයි. පුලුවන් උපකාරයක් කරන්නමි.. ජයවෙිවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ අදහස් වලට. ඉක්මනටම අනිත් කොටසත් දාන්නම්.
      පොත එළි දක්වනවා අයියෙ මම. ඒක අපේ අයියගෙත් හීනයක්.

      මේ පැත්තෙ එන්නකෝ ආයෙම.

      Delete
  4. මේ වැඩේ නම් ගොඩක් අගෙයි... භාෂා ප්‍රශ්ණය නිසා හොඳ දෙමළ පොත පත අපිට මග හැරෙනවා... සහෝගේ තාත්තා ඉතාමත් හොඳින් මේ පරිවර්තනය කරලා තියෙනවා කියලා පේනවා...

    උඩ කියලා තියෙනවා වගේ තාත්තගේ ආසාව ඉෂ්ඨ කරන්න... මේ පොත මුද්‍රණය කරමු... තනියෙන් අමාරුනම් බ්ලොග් අවකාශයේ හැමෝම සම්මාදම් වේවි..!!! සිංහල බ්ලොග් අවකාශයේ අනුග්‍රහයෙන් දෙමළ පොතක පරිවර්තනයක් පිට වෙන එක කොච්චර හොඳ ආදර්ශයක් වේවිද නේද ???

    ජය !!! ඉතිරි කොටස් ඉක්මනටම පළ කරන්න...

    ReplyDelete
    Replies
    1. භාෂාව නිසා අපිට කොයිතරම් දේවල් මඟ ඇරැණද පහුගිය කාලෙ පුරාවට. තාත්තා වුනත් හිතුවෙ සිංහල දෙමළ ජාතිය එකතු කරන්න පුළුවන් මේ භාෂා දෙකම එක වගේ මින්ස්සු පරිහරණය කලොත් කියලා.

      අයියට ගොඩක් ස්තූතියි මේ වගේ අදහසක් දුන්නට.ලොකු ශක්තියක් දැනුනා අයියගෙ වචන ටිකෙන්ම. මේ පොත මුද්‍රණය කරන එක තමා තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ. ඒක මම කරනවා අයියේ.

      නැවතත් අයියට ස්තූතියි.

      2 පරිච්ඡේදය මේ දවස් වල ලියාගෙන යනවා.ඉක්මනින්ම පළ කරන්නම්.

      Delete
  5. හොල්මන් කතාවක් වත්ද..? තාත්තගෙ පරිවර්තන හැකියාව ඉහලයි සහෝ. ඒ වටිනා මහන්සියට වැඩි වටිනාකමක් දෙන්න... තාත්තගෙ ඒ ආසාව ඉෂ්ට කරන්න ඔබට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!!!

    ‍ඊ ළඟ කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා මොකද්ද මේ අභිරහස කියලා බලන්න.. :)

    ReplyDelete
    Replies
    1. ම්ම්... නන්ඳුගෙ සිතිවිල්ල ටිකක් හරි වගේ.. බලාගෙන ඉන්නකෝ ඉතිරියත් ඉක්මනින්ම බළ වේවි.

      අදහසට ස්තූතියි

      Delete
  6. තාත්තගේ පරිවර්ථනය හරි ඉහලයි මලයා..

    මේ කතාව ආසාවෙන් බලනවා.. මම කැමතිම ජාතියේ එකක්.. ඉතිරියත් ඉක්මනට දාමු..

    ReplyDelete
    Replies
    1. මේ පරිවර්ථනය වගේම මේකෙ මුල් පොත ලිව්ව ලේඛකයා ගැනත් මම හොයලා බැලුවා අයියේ. ඔහුගෙ කතා ශෙලයම තමයි තාත්තාත් පරිවර්ථනයට යොදා ගෙන තියෙන්නෙ.ඒ නිසාම තමයි පරිවර්ථනය තුළ සජීවී බවක් දැනෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.

      ඊළඟ කොටසත් මේ දවස් වල ලියාගෙන යනවා අයියේ.
      උපරිම උත්සාහ කරනවා ඉක්මනින්ම දාන්න.

      Delete
  7. හොඳ කතාවක පටන් ගැන්මක් වගේ ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට.

      සාදරයෙන් පිළිගන්නවා අපි අපි වගේ වෙත.

      Delete
  8. නියමයි. මට පේන්නෙ රුද්‍රා මහත්තයා විද්‍යාඥයෙක් හරි වෙන මොකක් හරි ගුප්ත වැඩක් කරන කෙනෙක් වගේ. දිගටම මේ පැත්තෙ එන්නම්. ඉක්මනට ඉතුරු කොටස් ටිකත් පළ කරන්න... පරිවර්තන ශෛලියත් විශිෂ්ඨයි. :)
    ඔයා පොත මුද්‍රණය කරන්න. අපි ඕනෑ උදව්වක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙයි කියලා මුලින්ම පොත කියවද්දි මටත් නොහිතුනා නෙමෙයි.
      බලන්නකො ඉදිරි කොටසුත් කියවලම.

      ගොඩක් ස්තූතියි අදහසට.
      ආයෙම මේ පැත්තෙ එන්න කියලත් ආරාධනා කරනවා.

      Delete
  9. කියවන්න ආසයි..ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න.. :)පුලුවන්නම් තාත්තගෙ ආසාවත් ඉශ්ට කරන්න

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම දෙවන පරිඡේදයත් ලියනවා අයියේ.

      ආයෙම එන්නකො.

      ස්තූතියි අදහසට

      Delete
  10. ලස්සනට ලියලා තියෙනවා හරිම ආසා හිතෙනවා කියවන්න...කුතුහලෙත් උපරිමයි ඊළඟ කොටස එනකන් මම නොඉවසිල්ලෙන් කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි ඉතිරිය දැනගන්න සෑහෙන්න උවමනාවක් තියෙනවා... තාත්තගේ ආසාව ඉෂ්ට කරන්න ලකී අයියා කිව්වා වගේ අපි උදව් දෙන්නම්...

    විභාගේ කටයුතු එක්ක වැඩිය ලියවෙන්නෙත් නෑ කියවන්නෙත් නෑ ඒකයි මේ යලට මහට එවෙන්නේ සමාව බජනය කොරන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ගැමියාව අල්ලගන්න තමයි හිටියෙ බලාගෙන. ;)
      අපිව අමතක වෙලාවත්ද කියලත් හිතුණා. විභාගෙට ලෑස්ති වෙනවා කියලා ආරංචි වුනා. පුලු පුලුවන් වෙලාවට විතරක් එන්ට. විභාගෙ ඉවර වෙලා යලට මහට විතරක් නෙමේ හැම වාරෙටම එන්ට. :)

      ඊළඟ කොටස ටිකක් ලොකුයි ගැමියො.මං හිතන් ඉන්නෙ ඒක කොටස් දෙකකට පළ කරන්න.
      කමක් නෑ නේද එහෙම.

      ස්තූතියි අපේ ගැමියටත් යලට හරි මේ පැත්තෙ ආවට. ;D

      Delete
  11. තාත්තාගේ ආසාව ඉෂ්ට කරන ඔයා හොඳ පුතෙක් මල්ලි....මේක ඇත්තටම මුද්‍රණය කරනවානම් මමත් පුළුවන් උදව්වක් කරන්න කැමතියි...පලවෙනි කොටසෙන්ම කතාව හිතට ඇල්ලුවා...

    ReplyDelete
    Replies
    1. මම හොඳ පුතෙක් වගේම එයත් හොඳ තාත්තා කෙනෙක් අක්කේ.
      පොත මුද්‍රණය කරනවා අක්කේ.හැබැයි ඒ මං රැකියාවක් කරන කාලෙක.එතකොටයි තාත්තා වුනත් සතුටු වෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.

      අක්කටත් පිටපතක් අනිවාර්යෙන් එවනවා ඔන්න.

      ස්තූතියි අදහස් වලට.

      Delete
  12. අද ඉදන් මාත් එනවා මේ කතාව කියවන්න.
    ආසාවෙන් කියෙව්වා මේ ටික. ඉක්මනටම ඉතිරි ටිකත් දාන්න.
    මල්ලීට පුළුවන්නම් දවසක මේ කතාව එළියට දාන්න. තාත්තගේ කැමැත්තනේ.
    :)

    ReplyDelete
    Replies
    1. අක්කාව සාදරයෙන් පිළිගන්නවා.
      ඉක්මනට කතාව දාන්නම්.

      Delete
  13. වැඩේ නැගලා යයි වගේ... :-)
    බලමු බලමූ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ...!! අඩවි රජත් ඇවිල්ලා..
      සාදරයෙන් පිළිගන්නවා දේවයන් වහන්ස..!!

      Delete
  14. කතාව හොදයි වගේ, ඉස්සරහට යමු නේද ඉක්මනටම...

    ReplyDelete
  15. නිතර කියවන්න ලැබෙන එතෙන වෙලෙන කතා වලට වඩා පට්ට ටොප් කතාවක්! :)

    ReplyDelete
  16. "කෑම කන්නත් පොතක් පෙරලගෙන"

    …+++

    …මේ කතාව ටිකක් කියවද්දී තේරුනේ කතාව සිද්ධ වුනේ දකුණු ඉන්දියාවේ කියලා....

    ReplyDelete
  17. ඔව් දකුණු ඉන්දියාවෙ සිද්ධියක් ගැන තමයි කතාවෙ කියවෙන්නේ.කතාව ලියලා තියන ලේඛකයා දකුණු ඉන්දියාවෙ ඉදලා තියෙන්නෙත්.තාත්තා අද හිටියනම් මීට වඩා විස්තර අහගන්න තිබුනා අයියේ

    අයියත් කෑම කද්දි පොත් කියවනවද.හොදයි හොදයි

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!