ජීවිතේට ආදරෙන්..!

 
"අපි අපි වගේ" Blog එකට අලුතින් එකතු වෙන විශේෂාංගය තමයි මේ. ජීවිතේ දිහා වෙනස් විදිහකම බලන්න ගන්න උත්සහයක් කියලා කිව්වොත් හරියටම හරි .





" ඔයා තව සති දෙකකින් මැරෙනවා.ඒක නවත්තන්න කාටවත් බෑ.මරණයට ලෑස්ත වෙන්න."

ඔයාට පිළිකාවක් හැදිලා ඩොක්ට කෙනෙක් ළඟට ගිය වෙලාවක ඩොක්ට ඔයාගෙ ලෙඩේ පරික්ෂා කරලා බලලා එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන එය විදිහට කිව්වොත් ඔයා මොකද ඊට පස්සෙ කරන්නෙ.


මෙහෙම කිව්වට ඔයාට ඒක ගැන කිසිම හැඟීමක් නැතුව ඇති. එහෙම දෙයක් වුණාම තමයි මිනිස්සු වෙන අපි හැමොටම තේරෙන්නෙ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ. ඒක මිනිස්සුන්ගෙ හැටි.


මීට හරියටම අවුරැදු 38 කට කලින් මේ කලින් කියපු විදිහට ඩොක්ට කෙනෙක් තමන් ළඟට ආව පිළිකාවක් හැදිලා තිබුණ ලෙඩෙක්ගෙ මූනටම කිව්වා. ඇත්තටම කිව්වයි කියන්න බෑ. ඒ ලෙඩා තමයි ඇහුවෙ දවස් කියකින් මම මැරෙනවද කියලා. ඉතින් ඩොක්ට ට නොකියා ඉන්න බැරි වුණා.


ඔය කියපු ලෙඩාට තිබුණෙ දුලබව හමුවන පිළිකාවක්. 1974 දි විතර තමයි ඔය පිළිකාව හැදිලා කියලා හොයාගත්තෙ. 1975 ඒ කියන්නෙ පිළිකාව හොයා ගෙන හරියටම අවුරැද්දකට පස්සෙ දකුණු කකුල කපන්න සිද්ධ වුනා. ඒ පිළිකාව පැතිරෙන එක වළක්වන්න.


මේ ලෙඩා තමයි ඉයන් ගෝලර්. අහලත් ඇති. දක්ෂ ඉසව් දහයේ මලල ක්‍රීඩකයෙක්. ඒ කාලේ ලෝකෙම දන්න ප්‍රසිද්ධ කෙනෙක්.


මේ පිළිකාව හැදෙද්දි ඉයන් ගෝලර් අවුරැදු 26 වයස තරැණයෙක්.


මේ විදිහට එයාගෙ ඩොක්ට කිව්වහම එයාට මොනවා හිතෙන්න ඇද්ද. ඒක දන්නෙ එයා විතරයි.
ඉයන් නෙමේ පරාජය බාරගත්තෙ. සුවපත් වීමේ විශ්වාසයයි එයාගෙ හිතේ තිබුණු බලාපොරොත්තුයි එයාගෙන් ගිලිහුනෙ නෑ. මේ කාලෙ නම් ඔහොම දෙයක් කොල්ලෙක්ට වුණොත් ඒක දැන ගෙනම මැරෙයි. ඒත් ඉයන් එක එක විදිහෙ අත්හදා බැලීම්,ආධාත්මික ප්‍රතිකාර විධි වලින් එයාව මරන්න හදපු පිළිකාව මරලා දැම්මා.


1978 ජූනි මාසෙ වෙද්දි එයා පිළිකාව පරාජය කලා වගේම ජීවිතේ දින්නා.

හිතන්න...ඔබම  ඔය දුවන හිත ටිකකට නතහ කරලා.ජීවිතේ දිනන්න ඒ ටිකත් ඇති සමහර විට. මෙතනින් අදට නතර වෙන්නෙ ඔයාට හිතන්න දෙයක් ඉතුරැ කරලා කියලා හොඳට මතක තියාගනී කියලා මම විශ්වාස කරනවා.

                                   


Comments

  1. මැරෙනවා කියන්නෙත් අමුතුම දෙයක්නේ නේ මචං

    ReplyDelete
  2. ඔව්, ඒ අමුතුදේ කවදා හරි අපි හැමෝටම විදින්න වෙනවා.එහෙම නේද?

    ReplyDelete
  3. මම හිතන විදිහට කවුරැත් මැරෙන්න බය නෑ.
    මැරෙන විදිහට තමයි බය.

    ReplyDelete
  4. ඔව් මැරෙන විදිහට තමයි අපි හැමෝම බය

    ReplyDelete
  5. ඒ අත්දැකීම මීට කලින් විඳලා නැති නිසාත් ඒක වින්ඳ අය කියන්න ඇවිත් නැති නිසාත් තමා මරණයට ගැන මෙච්චර බයක් තියෙන්නේ කියලයි මගේ අදහස

    ReplyDelete
  6. ම්ම්...එහෙම කිව්වත් හරි තමා.මට ඔය අදහස කලින් ඇවිත් නෑනෙ.ස්තූතියි අයියේ...

    ReplyDelete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

චක්‍රීකරණය මම දැකපු හැටි..!