අපි කොහෙන්ද..?

මිනිස්සු ඉස්සර ඉදන්ම හොයපු දෙයක් තමයි අපි ආවෙ කොහෙන්ද කියන එක. ඉස්සර ඉදං හෙව්වට මොකද තාමත් හරි හමං උත්තරයක්  හොයාගෙන නෑ. මිහිතලය,මිහිතලයේ තියන ජීවය,මේ සුන්දරත්වය කිසියම් විදිහක අදෘශමාන සර්ව බලධාරී දෙවිකෙනෙක්ගේ මැවීමක් ද?නැත්තං ඔය කියනවා වගේ අති විශිෂ්ඨ සංකලනයක ප්‍රතිඵලයක් ද?



ඒක එය ලොකුවට කථා කරන විද්‍යාවෙන් නොවිසඳපු ප්‍රශ්නයක්. ඒත් හැම ආගමකම වගේ මිනිස්සු ආවේ කොහෙන්ද ?
නැත්තං, ටිකක් බර වචනෙකින් කිව්වොත් මෙන්න මෙහෙම 'ජීවයේ සම්භවය ඇති වුනේ කොහෙන්ද කියන ප්‍රශ්නෙට අදහස් ඉදිරිපත් කරලා තියනවා. ඒකෙන්  පේන්නෙ, මේ ප්‍රශ්නෙ විසඳගන්න හැම ආගමක්ම වගේ උත්සහ කරලා තියනවා කියන එකනෙ.


පැරණිතම ආගමක් වුණු හින්දු ආගමේ තියන විදිහට නං ජීවය ඇතිවෙලා තියෙන්නෙ විශ්ණු දෙයියන්ගෙ අවතාරයක් වන කුර්මයාගේ පිට මැද මන්දරා පර්වතය තියලා ඒක වටේ නාගයෙන් දවටලා දෙපැත්තට ඇද්දයින් පස්සෙ කිරි මුහුද කැළඹිලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ජීවය ආරම්භ වුණා කියලයි. ඔහොම තමා පොත් වල එහෙම තියෙන්නෙ.




බුදු හාමුදුරැවොත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියනවා. ඒ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන්.



හරි ආගම් කතාව පැත්තකින් තියමු.
ඇත්තටම අපි, නැත්තං ඔබ කවදා හරි හිතලා තියනවද මුලින්ම ජීවය ඇති වුනේ කොහොමද කියලා. නෑනෙ නේද. කවුරැ හරි අහයි එහෙම හිතන්නෙ මොකටද කියලත්.


ඇරිස්ටෝටල් හිතුවලු ජීවය ඇතිවුණේ අජීවී දේවල් වලින් කියලා. ඒ කාලෙ එහෙම හරි හිතුණා ඇරිස්ටෝටල්ට. ඒ කාලෙ එහෙම යරි හිතුව හින්දනෙ මිනිස්සු ඔය ගැන හොයන්න පටන් ගත්තෙ....!
ඉතින් තාමත් මිනිස්සු මේ ගැන හොයනවා...  ගිහින්ම බලන්නකො... ! 

මෙතන click කරන්න
 
මෙතන click කරන්න..



Comments

  1. බුදු හාමුදුරුවෝ හොයන්න එපා කියලා කිව්ව කරුණු කීපයෙන් එකක් තමා මේකත්

    ReplyDelete
    Replies
    1. ඇත්ත.බුදු හාමුදුරුවො එහෙම හොයන්න එපා කිව්වෙ මිනිස්සුන්ගෙ හැටි දැනගෙනද කියන්න මම දන්නෑ තාමත්.ඒත් මිනිස්සු හොයන්න එපා කියන ඒවා හොයන්න ගොඩක් උත්සහ කරනවා.

      Delete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!