කාක් පිහාටුවෙන්...!

කා!..ක්!..  
අඹ කොළ අස්සෙන් අතු වල නොවැදී නැලෙවෙමින් ආව ලා අළු පාට පිහාටුව වැලි ගොඩ උඩ වැටුණෙ ඒ ගුරැත්වාකර්ෂණ චාරිකාව නතර කරලා. ඒ වගේම සවාරි ගිහිං නතර වුණු පිහාටු සැහෙන්න වැලි ගොඩ හැම තැනම තිබුණා.සමහරක් හුළගට ගහගෙන ගිහිං තිබුණට මොකද, උදේ පින්නට අහු වුණු පිහාටු ඒවයෙ හීං කෙදි දිගඇරලා වැලි ගොඩ බදාගෙන. පින්න හින්දා එහෙම හිටියට ඉර මුදුන් වෙන්න යන ගමන පටන් ගනිද්දිම වගේ පිහාටු වලට වැලි එපා වුණා. එක ගානට තිබුණ හීං කෙදි ආයෙත් කලිං විදිහට හදාගන්න බැරි වුණාට පිහාටු වලට දුකක් නැතුව ඇති. ක්‍රෝටන් අතු අස්සෙන් එන හුළං පාරට පිහාටු ටික නැළවෙන්න ගත්ත හින්දා එයාලා සතුටින් හිටියෙ. ඒත් එයාලා දැන ගෙන ඉන්න හිටියෙ නෑ මල්ලියගෙ හෙම්බිරිස්සාව හොද වෙලා කියලා. උදේ බත් ටික කවා ගන්න අම්මත් මල්ලියත් එක්ක මිදුළට බැස්සෙ බැකෝ එකත් අරගෙනමයි.
"මේ කට කාලා යන්න පුතේ..."
"ආ..ආ...ඔය මොකද කරන්නෙ, වැලි අල්ලන්න එපා ලමයො..
   මේ කට විතරක් කාලා යන්නකෝ.. "
අම්මගෙ කෑගැහිල්ලට මල්ලියා හැරිලවත් බැලුවෙ නෑ.මල්ලියා බැකෝ එකෙන් වැලි හාරනවා.

 ගොඩ වැලි ගෙනාවෙ ඉස්තෝප්පුව හදන්න දැන්නං වැලියි කියලා කියන්න තරං දෙයක් එතන නෑ. චූටි මල්ලියා සෙල්ලං කරන්න වැලි ගොඩට බොරළුයි ක්‍රෝටන් අතුයි අරං.මං බලාගෙන දවසක් වැලි ගොඩේ උමං හාරනවා එයා.මං අහද්දි කියනවා ඒවා කාක් පැටව්න්ගෙ ගෙවල්ලු. හදන්නෙ කාක් පැටව්න්ට ඉන්නලු.අඔ ගහ උඩ බල බලා එහෙම කියද්දි  එයාගෙ කට උල් වෙනවා.
"එතකොට ක්‍රෝටන් අතු මොකටද ඔය ගෙවල් දෙපැත්තෙ ගහලා තියෙන්නෙ.." 
"ඔවා දන්නැද්ද ,ඒ ලස්සන්ටනෙ.."

Comments

  1. ඇත්තටම ලස්සනයි......දිගටම ලියන්න....

    ReplyDelete
  2. අමුතු ලියවිල්ලක් මලයා :)

    ReplyDelete
    Replies
    1. අමුත්තක් ඇති හසිත අයියට.ඒත් මේ වගේ සිදුවීම් අමුතු දෙයක් නෙමෙයි කියලයි මට හිතෙන්නෙ.

      සිද්දියට එහා ගිය දෙයක් එතන තියනවා කියලා අයියට හිතෙන්නෙ නැද්ද..

      හිතෙන්නෙ නැත්නම් ඒක මගෙ වැරුද්ද.මොකද මට ඒක මේ ලිපියෙන් ගේන්න බැරි වෙලා ඇති.
      දුර්වල රචනයක් කියලා මට දැන් හිතෙනවා

      Delete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය