මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය


මිනිස්සු වෙච්චි අපි හැමෝටම සිරැරක් තියනවා. ඒක හැමෝටම පොදුයිනෙ. මගෙ, නැත්නම් ඔබගේ දෙමාපියන් තමයි ඔය සිරැර, එහෙම නැත්තම් ඇග ලබාදෙන්න මූලික වුනේ.

මවගේ ඩිම්බයක් පියාගෙ ශුක්‍රාණුවකින් සංසේචනය වෙලා තමයි ඔබ, මම නිර්මාණය වුණේ. ඒකෙ කියන්න තරම් අරැම පුදුම දෙයක් නෑනෙ, ඒක ස්වභාවිකයි. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඒ සිදුවීමෙ අපූර්වත්වයක් දැක්ක හැකි.
ඇහැට නොපෙනෙන තරම් සෛල දෙකක් මේ තරම් හපන් කමක් කලේ කොහොමද. විමසා බැලිය යුතු දෙයක් අපි හැමෝම. මොකද’ අපි    එහෙම නැත්නම් ඔබ කියන පුද්ගලයා ඇති වෙන්න මූලික පදනම වැටුනෙ අර කලින් කියපු සිදුවීමෙන්.

මම කියන්නෑ ඔබ ඇතිවෙන්න හේතු වුණු එකම කාරණේ ඒක කියලා. මොකද’ මම විශ්වාස කරනවා මිනි‍හෙක් උපදින්න ශුක්‍රාණුවක් හා ඩිම්බයක් විතරක්ම නෙමේ, තමන් ගෙනාපු කර්ම ශක්තියත් අවශ්‍යයි කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකට ඕනෙ ශුක්‍රාණුවකුයි ඩිම්බයකුයි විතරයි කියලා. මම ඒකට මොනවත් කියන්නෑ. මොකද’ ඕනෙ කෙනෙක්ට තමන්ගෙ අදහස් හරියි කියලා හිතන්න අයිතියක් තියනවනෙ. 

ඉතින්’මේ අපූර්ව සිදුවීමෙන් පස්සෙ නිර්මාණය වුණු මේ සිරැර සෛල මහ ගොඩක එකතුවක්. නිකම්ම නිකං සෛල ගුලියක් නෙමෙයි, සජීවී සෛල වලින් සෑදුණු සෛල සංවිධානයක් කිව්වොත් හරියටම හරි.
අද වෙනකොට ඔබ කියන පුද්ගලයා මේ කියපු සෛල සංවිධානය ලෙසින් දකිනව තමයි, ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඔබටම පෙනේවි ඔබ කියන්නෙ, ඔය මං කලින් කියපු සෛල සංවිධානයටම නෙමෙයි කියලා. ඔබ තුළ තව කවුරැ හරි ඉන්නවා කියන එකම නෙවෙයි මං අදහස් කරන්නෙ, ඒත් මේ සිරැරට එහා ගිය දෙයක් තියෙන්න ඕනනෙ, නැත්නම් ඔබ කොහොමද ඔය සිරැර පාලනය කරන්නෙ. මෙහෙම කියන්නත් පුලුවන්, ඔබේ සිරැර තුළ ඔබේ ආත්මය, එහෙම නැත්නම් හිත රැදිලා තියනවා.ඒකෙ තමයි ඔබ කියන පුද්ගලයා ඉන්නෙ. කොහොම කිව්වත්  ඔබ කියන්නෙ ඔබටමයි.ඒකෙ වෙනසක් නෑ.

සිරැර’මේ විශ්මිත නිර්මාණය අද වෙනකොට ඔබ දකින්නෙ මොන විදිහටද?කොහොම දැක්කත් සිරැර ඔබේ ඇට, මස්, ලේ, නහර, සහ තවත් විවිධ දේවල් වලින්නේ සෑදිලා තියෙන්නෙ.


ඒත් අද දවස වෙනකොට ඔබ ඔබේ සිරැර මොනතරම් දේවල් වලින් වසා ගෙන ඉන්නවද, මේ කලින් කියපු දේවල් එකක්වත් නොපෙනෙන තරමටම සිරැර වසා ගෙන අපි හැමෝම. ඊටත් එහා බැලුවොත් පෙනේවි ඔබට ඔබේ සිරැර වසා ගෙන ඉන්න ආවරණය.

ඇත්තටම එයත් සිරැරේ කොටසක්ම තමයි. ඒත් හිතන්න’උදේ හවස නවමින්, පොවමින්, නහවමින්, විවිධ ඇදුම් ආයිත්තම් වලින්, සුවද විලවුන් හා ආලේපනයන්ගෙන් සරසන්නේ ඔය කියන ආවරණය නේද.හිතන්න’ඇයි ඔබ මේ දේවල් කරන්නෙ.කරන්න එපා කියනවා නෙමෙයි,ඇයි කරන්නෙ කියලා අහලා බැලුවොත් තමන්ගෙ හිතින්ම ඔබට හිත කියයි මෙහෙම,  ” ඒක එහෙම තමයි” බලන්න, හිත මහ පුදුම දෙයක්.යථාර්තයට මුහුණ දෙන්න බයයි.ඇයි ඒ කියලා කෙනෙක්ට අහන්න පුලුවන්නෙ,ඒකට උත්තරයක් දෙන්න අමාරැයි අපි හැමෝටම. ආයෙත් ” ඒක එහෙම තමයි” කියලා නිකං ඉන්න තමයි වෙන්නෙ.

වයසට නොයා ඉන්න අපි හැමෝම කැමතියි.කෙනෙක් කියයි මට වයසට යන එක නවත්තන්න ඕනෙ නෑ කියලා.එයාට කවුරැ හරි කෙනෙක් වයස්ගත නොවී ඉන්න පුළුවන් විදිහෙ බෙහෙතක් දුන්නොත් එයා නොබී ඉදීද, නෑනෙ.

ඒ කියන්නෙ වයස්ගත නොවී ඉන්න හැමෝම කැමතියි.ලෝකෙ මේ තරම් උත්සහ කරපු වෙන ක්ෂේත්‍රයක් නැති තරම්....මෙන්න ඔයාලම බලන්න....

Comments

  1. ඩිම්බයක් හා ශුක්‍රාණුවක එකතුවකට කර්ම ශක්තියක් එකතු වෙනවාටත් කියනවාටත් වඩා කර්ම ශක්තියක් රැගෙන එන ගන්ධබ්බයෙක් එකතු වෙන බව කියන්නයි මම නම් කැමති....

    …වෙනස් විදිහක ආරම්භයක්

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කියන්නත් පුළුවන් කෙනෙක්ට.ඕක එක එක පැත්තෙන් එක එක වෙලාවල් වලදී හිතල බලපුවහම විවිධ අදහස් එනවා.මේ වෙනකොට මේ ලිපිය ලියලා අවුරුද්දකට කිට්ටු වෙනවා.මම කියන පුද්ගලයා ඒ අවුරුද්ද තුළ වෙනස් වෙලා සිතන සිතිවිලි වලින්.මේ කාරණේ පිළිබඳවත් එයා හිතන විදිහ වෙනස් වෙලා ඇති.

      මේ විදිහට ආරම්භ කරන්න හිතුනෙ යම් දෙයක් හිතේ තියාගෙන.අවුරුද්දකට පස්සේ ආයෙත් මේ ලිපිය කියෙව්වහම ඒ හිතූ දෙය තරමක් දුරට හරි සාර්ථක වෙලා තියනවා දැක්කහම සතුටුයි.

      හසිත අයියාට ස්තූතියි.පළමු ලිපියේ පළමු අදහස ලියුවටම නෙමේ.ඊටත් වඩා වැඩි දෙයක් එකතු කලාට.

      Delete

Post a Comment

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

Popular posts from this blog

ඔන්චිල්ලාව

චක්‍රීකරණය මම දැකපු හැටි..!