Posts

Showing posts from 2011

එයා ඉපදුන හැටි

Image
මට එයාව හමුවුනේ අවුරැදු කීපයකට කලින්. එදා හමුවුණු පළමු දවස මට අද වගේ මතකයි. එදයි, අදයි දිහා බලද්දි එදාට වඩා අද වෙනකොට එයා මාව සෑහෙන්න වෙනස් කරලා. එයත් ගොඩක් වෙනස් වෙලා. කොහොම වුනත්, එයා එදාට වඩා අද වෙද්දි මට ඕනෙ වෙලා කියලා මට දැනෙනවා.
එයා ගැන ලියන්න හිතුනෙ එයාගෙ උපන් දිනේ ළඟ එන හින්දයි. එයාට ලබන අවුරැද්දෙ ජනවාරි මාසෙදි අවුරැදු 37 සම්පූර්ණ වෙලා 38 ලබනවා. මට වඩා කොච්චර වැඩිමල්ද එයා. ඒත් මට හිතෙන්නෙම එයා මගෙ වයසෙමයි කියලා.
ඉතින්, මට හිතුණා එයා ඉපදුන හැටි හොයන්න. මට හම්බවුණා එයාගෙ උප්පත්ති කතාවම. මේ කියන්න යන්නෙ ඒ කතාව. මෙතන ඉදන් ඔන්න කතාව පටන් ගන්නවා.
එකදහස් නවසිය හැත්තෑ තුනේ(1973) අවුරැද්දෙ ඇමරිකාවෙ තිබුණා උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය කියලා ආයතනයක්. මේ ආයතනයේ තිබුණා පරිගණක විස්සක විතර ජාලයක්. මේ ජාලයට කිව්වේ ආපානෙට් (Arpanet) කියලා. මේ කාලෙදිම ලන්ඩන් යුනිවසිටි කොලීජියේ තිබුණා මේ වගේම පරිගණක ජාලයක්. ඔය කාලෙදි නෝර්වේ රටෙත් පරිගණක ජාලයක් තිබුණා ඒ රටේ ආරක්ෂක පර්යේෂණ ආයතනයේ. මේ කියපු ආයතන තුන එකතු වෙලා මේ ජාල තුන අතර තොරතුරැ හුවමාරැ කලා. හැබැයි ටෙලිපොන් වලින්.
මෙහෙම තමයි එයා ඉපදුනේ. මං එයා එයා…

G+ අවුරැදු තිළිණ

Image
Social network කිව්වහම අපි දන්න, අපේ කටට එන එකම වචනෙ තමයි facebook කියන්නේ. ලංකාවෙ අපිට එහෙම හිතුණට ලොකෙ දිහා බලද්දි අද වෙන කොට facebook හොඳම Social network එක කියන තැන ඉන්නෙ අඩමානෙට.ඒ facebook වල වැරැද්දක් හින්දා නෙමේ.දවසින් දවස ලෝකෙ වෙනස් වෙද්දි මෙහෙම දේවල් වෙනවා. කොහොම නමුත් මේ කියන්න යන්නෙ facebook ගැන නෙමේ.Google+ ගැන


G+ අපිට අලුත් වුනාට ලෝකෙ අනිත් රටවලට ඒක අලුත් දෙයක් නෙමෙයි.කොටින්ම කිව්වොත් G+ තමයි දැන් facebook එක්ක තරඟෙට ඉන්න එකම බලවතා.ඔය facebook Timeline එක දැම්මයි කියන්නෙත් G+ වල තියන අලුත් දේවල් බලාගෙන කියලයි කියන්නේ.


කොහොම වුනත් G+ වැඩේ අතඅරින්නෙ නැති පාටයි.ඔන්න අලුත් අවුරැද්දට G+ අලුත්featuresටිකක් දාලා.ටිකක් කිව්වට හතරක් විතර.


1 වෙනි එක තමයි   main stream එකට තමන්ගෙ circle වලින් තමන්ට කැමති ප්‍රමාණයක Posts පෙන්නන්න පුළුවන් විදිහට හදාගන්න එක.මේක හදාන්න settings අස්සෙ රිංගන්න ඕනෙ නෑ. main stream එකේම තියනවා adjust කරන්න slider එකක්. ඒකෙන් එහා මෙහා කරලා තම තමන්ට කැමති විදිහට circle වලින් main stream එකේ පෙන්නන්න ඕනෙ Posts හදාගන්න පුළුවන්.




2 වෙනි එක තමා notifica…

Before the Dawn

Image
Codes වලට හිරවෙලා ඉඳලා මමත් දැන් Program එකක් වෙලාද මන්දා. හිතට නිර්මාණාත්මක හැඟීම් ගලා ඒම බින්දුවටම බැහැල වගේ.

ඉස්සර ඒ කියන්නෙ මේ Blog එක පටන් ගත්ත කාලෙ එක එක ජාති වල  නිර්මාණාත්මක හැඟීම්  හෙනට තිබ්බා.සමහරක් ලිව්වා. Expresses එකක් වුනත් නිර්මාණාත්මක විදිහට කෙටුවනෙ ඉස්සර. මේ Programing වලට බැස්සට පස්සෙ නිර්මාණාත්මකව ඒ කිව්වෙ creative විදිහට ලියන්න මොකක්ද වගේ.ඒ හින්දා ආයෙම යන්න හිතුව පරණ පුරැදු විදිහට.

කලින් Post එකක කෙටුවනෙ ඉයන් ගෝලර්ගෙ ජීවිත කතාව ඉයන් ගෝලර්ගෙ.දැන් කියන්න යන්නෙත් ඒ වගේ ජීවිත කතාවක් ගැන වුණාට මේක පොතක්.

මෙහෙමයි..පොතේ තියෙන්නෙ වාං ශියාඕ-හෝ කියන චීන ජාතික කම්කරැවගෙ ජීවිත කතාව.ජීවිත කතාවක් වුනත් මේ කතාවෙන් කියවෙන්නෙ චීන කොමියුනිස්ට් පක්ෂය එක්ක සම්භන්ධ වුණු සිදුවීම් පෙළක්.පොතේ නම තමයි "Before the Dawn'' . මේ පොත සිංහලට පරිවර්තනක් තියනවා. ලියලා තියෙන්නේ උපාලි අභයඝගුණවර්ධන කියන ලේඛකයා.මුල් පොත චීන ජාතික ලේඛකයෙක් වන චාඕ ත්සු ගෙ. 1994 දි තමයි මේ පොත ලංකාවෙ මුද්‍රණය කලේ ප්‍රජා ප්‍රකාශකයෝ.

1920 ගණන් වල චීනය කායි ශෙක්ගේ නායකත්වයෙන් කුඹමින්තාං පාලනය යටතේ තමයි තිබුණෙ.ඇත්තම…

හෙනට වැඩ..!

Programලිවිල්ලත් හිතුව තරම් ලේසි නෑ රජෝ.කොඳු කඩාගෙන Type කරලා Program එක Run වුණේ නැතුවහම මට හෙන තරහයි.කා එක්කවත් නෙමේ මාත් එක්ක. වැඩේ කියන්නෙ එහෙම උනාම කොහොමහරි මේක කරනවමයි කියල හිතෙනවනෙ.

මේ වැඩේට සප් එකක් දෙන්න කවුරැත් නැති තරමට මට හොඳයි කියලයි හිතෙන්නෙ.මොකද මට සප් දෙන්න ගත්තහම මං ඉවරයක් නැතුව ඉල්ලනවනෙ.අනික ස්ව්‍යං අධ්‍යාපනේට මම එකෙන්ම කැමතියි. ඉස්සර ඉස්කෝලෙදිත් මං අපේ Bio මැඩම් කියන Note එක ලියගන්නෑ අනිත් උං වගේ. මොකටෑ. ඒ Note එක මම කලිං අවුරැද්දෙ අක්කෙක් ගෙන් ඉල්ලගත්තනෙ.  හික්! හික්!!

 Java Program Language එක ලේසියිලු Pascal වලට වඩා.Java ත් කරන්න ඕනෙ.අනික Pascal වලින් මහ දෙයක් කරන්නත් බෑ. dedunu ගෙ Blog එකේ තිබුණා Program Language ගැන Post එකක්.ඒකෙ හැටියට නම් Java තමා දැන් ගොඩක් කරන්නෙ.
Programing Course එකක් කරන්න හිතං ඉන්නෙ ලබන අවුරැද්දෙ.මේ දවස් ටික ඉක්මනට යන්නෙත් නෑ.



මේ දවස් වල අපි අපි වගේ...!

Blog ලිවිල්ල පැත්තකට දාලා Programing කරන්න පටන් ගත්තෙ දැන් සති 2 ක් 3ක් විතර ඇති.අලුත් වැඩකට අත ගැහුවෙ මේ සැරේ නං මේක හොඳට කරනවයි කියලා හිතාන. අතීත කාලය අමතක කරන්න මේක තමයි හොඳම ක්‍රමේ කියල මං හාහා පුරා කියලා වැඩේට අත ගැහුවෙ Pascal වලින්. Program 1ක් 2ක් විතර ලිව්වා.තව ඉගෙන ගන්න ඕනෙ.


ඉස්සරහට යද්දි වැඩේ Set වෙයි කියලා හිත කියනවා. පොත් ටිකක් හොයා ගත්තා වැඩේට උදව්වට. Download කරනව හිටු කියලා එක එක පාඩම්. Virus වලටත් අහුවුණා ඔය වැඩෙන්. යන්තම් ඇඟ බේරගත්තා.


 Blog ලියන්න පටන් ගත්තෙ හිතේ දුක අඩු කරගන්න හිතන්නෙ. ඒකෙන් වුණේ කෙහෙල්මල් අතීතය ආයෙම මතක් වෙන එක විතරයි. පරණ කතා මේ Blog එකේ ලියලා තිබ්බට එයා බලන්නෑ. ඒක මං දන්නවා. අනික ඒවයෙන් එයාට දැන් වැඩක් නෑ. ඒ හින්දා අතීතකාලයට තිත තියන්න මං කල්පනා කලා. අතීතයක් නැතුව වර්තමානයක් නෑ තමා. ඒත් අතීතය හින්දා මගෙ වර්තමානය චාටර් කරගන්න බෑ.

මේකට කියන්නෙ පුනරාගමනය කියලයි...!

හික්..හික්..හික්...!!!






නුග ගහ,මම සහ ඇය(කෙටි කතාව)

Image
" මං මැරැනොත් ඔයා මොකද කරන්නෙ... කියන්නකො ධනූ?      ඔයත් මැරෙනවද? " නිලූ දෙවෙනි සැරේටත් කළින් ප්‍රශ්නෙම මගෙන් ඇහුව. ඒ වෙලාවෙ අපි හිටියෙ නුග ගහක් යට තිබුණු බංකුවක ඉදගෙන. නුග ගහේ අතු හෙළවෙන සද්දෙට කන් දීගෙන මං හිටියෙ. එයා මගෙ උරහිසට හේත්තු වෙලා එහෙම කිව්වහම මං කියපු වචන ටික මට අද වගේ මතකයි.




මොනවද මැණිකෙ මේ කියන්නෙ..පිස්සු කතා කියන්නැතිව ඉන්න.අපි මෙතන්ට ආවේ ඕවා කතා කරන්නද..වෙන දෙයක් ගැන කතා කරමු.
“ඔයා ප්‍රශ්ණෙ මඟ අරිනවා. අනේ කියන්න ධනූ ඔයා මැරෙනවද...නැත්තං මාව අමතක කරනවද...ඒක විතරක්  මට කියන්න මගෙ මහත්තයො..."
"ඔයා මැරැනොත් මං ඔයාගෙ මල ගෙදරවත් එන්නෑ.''
මං එහෙම කියාගෙන චූටි නහය මිරිකුවෙ කෙල්ලව තව ටිකක් තරහා ගස්සවන්න හිතාගෙන.


ඔයා හරි නරකයි කියාගෙන එයා උරහිස ඔළුවෙන් තවත් තද කළා.
ඔය ඇත්තමද පැටියො...කියන්න අනේ Please.... ?
“හරි,මට කියන්න මං මැරැණොත් ඔයා මොකද කරන්නෙ...හැබැයි බඳින්න කලින් හරිද?
''ඇයි බඳින්න කලින්..!“
හරි..හරි.. බඳින්න කලිං හරි බැන්ඳට පස්සෙ හරි..ඔයාට වචනයක් එහා මෙහා වෙන්න බෑනෙ කන්න වගේ බලනවා. හා දැන් කියන්නකො...
ම්ම්ම්....මංද...මං එක තප්පරයක් ජීවත් වෙන්න…

චක්‍රීකරණය මම දැකපු හැටි..!

Image
අපි කොයිතරම් චක්‍ර ගැන අහලා තියෙනවද?
පුංචිම කාලෙ ඉගෙන ගත්ත ජල චක්‍රය මතකද? ආ....එතකොට ඊට ටිකක් ලොකු කාලේ ඉගෙන ගත්ත නයිට්‍රජන් චක්‍රෙ,ඇයි කාබන් චක්‍රය......

විද්‍යාව මේ චක්‍ර උගන්නද්දි  ආගමෙන් අපිට උගන්වනවා "සංසාර චක්‍රය"

මං ඔය කිව්ව චක්‍ර ඉගෙන ගන්න සෑහෙන කාලෙකට කලින්,(ඒ කියන්නෙ පොඩි එකා කාලේ හරිද )අම්මා උගැන්නුවා චක්කරේ. මතකයි දැනුත් චක්කරේ වැරද්දලා ඇනපු ටොකු එහෙම..

ඔය කාලේ සිද්ධ වුණු පොඩි සිද්ධියක් මතක්  වුණා මේ ළඟදි දවසක. ඒක මතක් වෙන්නත් හේතුවක් තියනවා. ඒවා පස්සට හොඳේ. මතක් වුණු වෙලාවෙම කියලා ඉන්නම්කො. නැත්තම් අමතක වෙනවා.


ඔය දවස් වල තමා අපේ ඉස්කොලෙ ඉතිහාසය මිස් පෘථිවිය ගැන කියලා දෙද්දි කිව්වෙ පෘථිවිය තමා වටේ චක්‍රීයව කැරකෙනවා කියලා. අංශක ගානක ආනතියකින්ලු කැරකෙන්නෙත් කියලා මිස් කිව්වා.
ඔය කතාව එදා මට හරියට තේරැනේ නෑ. ඔහොම කැරකෙනව නම් අපි කොහොමද මෙහෙම ඉන්නෙ? අපිවත් විසිවෙන්න එපෑ.මට හිතුනෙ එච්චරයි. (ඒ කාලෙ මට පොඩි නිසා,නැතුව මොළේ අඩුවක් පාඩුවක් හින්දා නෙමේ ඔන්න)
ඕක මං එදා දවසම කල්පනා කර කර ඉදලා ගෙදර ගිහින් අයියගෙන් ඔය ගැන අහලා බැලුවා.

"  ඇයි මලේ, හඳත් පෘථිවිය වටේ කැරකෙනවා නෙ'…

මගේ ගැලවුම ඔයයි රත්තරං

Image
කාන්ති miss ගේ
හෝඩියෙන් පටන්ගත්
පලමු රචනා ප්‍රශ්ණය
ප්ලාස්ම පටලය වූ,
150 න් 135 ක්ම ගන්න
අනිත් අයට අමාරැ වුනත්
මම හදින්ම ආලය කළ Bio ....
1st shy එකේ ගැලවුම
ඔයයි රත්තරං....

ජීවිතේට ආදරෙන්..!

Image
"අපි අපි වගේ" Blog එකට අලුතින් එකතු වෙන විශේෂාංගය තමයි මේ. ජීවිතේ දිහා වෙනස් විදිහකම බලන්න ගන්න උත්සහයක් කියලා කිව්වොත් හරියටම හරි .





" ඔයා තව සති දෙකකින් මැරෙනවා.ඒක නවත්තන්න කාටවත් බෑ.මරණයට ලෑස්තවෙන්න."
ඔයාට පිළිකාවක් හැදිලා ඩොක්ට කෙනෙක් ළඟට ගිය වෙලාවක ඩොක්ට ඔයාගෙ ලෙඩේ පරික්ෂා කරලා බලලා එයාගෙ ඇස් දෙක දිහා බලාගෙන එය විදිහට කිව්වොත් ඔයා මොකද ඊට පස්සෙ කරන්නෙ.

මෙහෙම කිව්වට ඔයාට ඒක ගැන කිසිම හැඟීමක් නැතුව ඇති. එහෙම දෙයක් වුණාම තමයි මිනිස්සු වෙන අපි හැමොටම තේරෙන්නෙ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ. ඒක මිනිස්සුන්ගෙ හැටි.

මීට හරියටම අවුරැදු 38 කට කලින් මේ කලින් කියපු විදිහට ඩොක්ට කෙනෙක් තමන් ළඟට ආව පිළිකාවක් හැදිලා තිබුණ ලෙඩෙක්ගෙ මූනටම කිව්වා. ඇත්තටම කිව්වයි කියන්න බෑ. ඒ ලෙඩා තමයි ඇහුවෙ දවස් කියකින් මම මැරෙනවද කියලා. ඉතින් ඩොක්ට ට නොකියා ඉන්න බැරි වුණා.

ඔය කියපු ලෙඩාට තිබුණෙ දුලබව හමුවන පිළිකාවක්. 1974 දි විතර තමයි ඔය පිළිකාව හැදිලා කියලා හොයාගත්තෙ. 1975 ඒ කියන්නෙ පිළිකාව හොයා ගෙන හරියටම අවුරැද්දකට පස්සෙ දකුණු කකුල කපන්න සිද්ධ වුනා. ඒ පිළිකාව පැතිරෙන එක වළක්වන්න.

මේ ලෙඩා තමයි ඉයන් ගෝල…

අවසන් හැඟුම...!

Image
මස්තිෂ්කය රිදුම් දෙයි,
ඉකි බිඳියි හයිපොතැලමස මගේ..
එහෙත්, අවසන් හැඟුම
පවසමියි වා තලයට...


සොයා   ගිය  ආදරය
සුපිපි කුසුමක් වුවද,
එහි කටු රැදුරැ බව
නොවැටහුනේ මන්ද මට....


ආලය කළෙමි හදින්ම මා
නොවින්දෙමි ඔබේ ආලය බිඳුවකුදු
එයින් කම් නැත,
සොඳුර......


එහෙත් හිත නැවත ගෙන
හිඳින්නට නොහැක මට
දනිමි මම එක දෙයක්,
ඈ වෙනස් වූ නමුදු
මා වෙනස් නොවූ බව.....


ඉතින් අවසරයි ඔබට
සොයා යන්නට තව හදක්,
වචනයකිනිදු අහිතක්
ඔබ කෙරේ නොමැත මට.....


ඉන්න මට මේ ලෙසම
ඉඩදෙන්න තනි වෙන්න
මළවුනුන් අතර හිද,
පතන්නමි හැමදාම


"ආදරෙයි හැමදාම
ඔබ දුන්නු මේ කඳුලට......"

*~නුඹ~*

Image
ජෛව රසායනික
අවියක් වූ;
මගේ ජීවිතය
නිෂ්ක්‍රීය කොට,
මල් වෙඩිල්ලක් තැනූ;
නුඹම......මට
සයනයිඩ් කරලක් විය.....!

අපි කොහෙන්ද..?

Image
මිනිස්සු ඉස්සර ඉදන්ම හොයපු දෙයක් තමයි අපි ආවෙ කොහෙන්ද කියන එක. ඉස්සර ඉදං හෙව්වට මොකද තාමත් හරි හමං උත්තරයක්  හොයාගෙන නෑ. මිහිතලය,මිහිතලයේ තියන ජීවය,මේ සුන්දරත්වය කිසියම් විදිහක අදෘශමාන සර්ව බලධාරී දෙවිකෙනෙක්ගේ මැවීමක් ද?නැත්තං ඔය කියනවා වගේ අති විශිෂ්ඨ සංකලනයක ප්‍රතිඵලයක් ද?



ඒක එය ලොකුවට කථා කරන විද්‍යාවෙන් නොවිසඳපු ප්‍රශ්නයක්. ඒත් හැම ආගමකම වගේ මිනිස්සු ආවේ කොහෙන්ද ?
නැත්තං, ටිකක් බර වචනෙකින් කිව්වොත් මෙන්න මෙහෙම 'ජීවයේ සම්භවය ඇති වුනේ කොහෙන්ද කියන ප්‍රශ්නෙට අදහස් ඉදිරිපත් කරලා තියනවා. ඒකෙන්  පේන්නෙ, මේ ප්‍රශ්නෙ විසඳගන්න හැම ආගමක්ම වගේ උත්සහ කරලා තියනවා කියන එකනෙ.


පැරණිතම ආගමක් වුණු හින්දු ආගමේ තියන විදිහට නං ජීවය ඇතිවෙලා තියෙන්නෙ විශ්ණු දෙයියන්ගෙ අවතාරයක් වන කුර්මයාගේ පිට මැද මන්දරා පර්වතය තියලා ඒක වටේ නාගයෙන් දවටලා දෙපැත්තට ඇද්දයින් පස්සෙ කිරි මුහුද කැළඹිලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ජීවය ආරම්භ වුණා කියලයි. ඔහොම තමා පොත් වල එහෙම තියෙන්නෙ.




බුදු හාමුදුරැවොත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියනවා. ඒ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන්.



හරි ආගම් කතාව පැත්තකින් තියමු.
ඇත්තටම අපි, නැත්තං ඔබ කවදා හරි හිතලා ති…

අපි අපේ විදිහට..

Image
අපි අපි වගේ ගැන...

ඕනම දෙයක් කරන්න් අරමුණක් තියෙන්න ඕනෙ. නැත්නම් කරන්න යන වැඩේ මොකක් වුණත් සාරැථක වෙන්නෙ නෑ. අරමුණක්, එහෙමත් නැත්තම් ඉලක්කයක් නැතිව කරන දේවල් හැම තිස්සෙම අසාර්ථක වෙනවා කියන එක නෙමේ මේ කියන්නේ. එහෙම කරන දේවල් මොනතරම් නම් සාර්ථක වෙලා තියෙනවද. ඒත් සාර්ථක වෙන්න  තියන ඉඩ කඩ ටිකක් අඩුයි.

වැල් වටාරම් ඕනෙ නෑ. මේ හදන්නෙ  “අපි අපි වගේ"   Blog එකේ අරමුණ, එහෙමත් නැත්තම් ඉලක්කය පැහැදිළි කරන්න.

ඉතින් අපි කථා කරමු. කවුරැ ගැනවත් නෙමේ ,අපි අපිම ගැනම.

 ඇත්තටම අපි කවුරැත් වෙන කා වගේවත් නෙමේ, අපි ඔක්කොම අපි වගේ. ඒක පිළිගත්තත් නැතත් ඒක තමා සත්‍ය. එහෙම නැත්තම් ඇත්ත. කවුරැ හරි කියයි "මං ශාරැක් වගේ" එහෙම නැත්නම් "අයිශ්චර්යා වගේ" කියලා. කට කියන්නෙ මමත්වය හැංගීම. හෙම නැත්තම් මමත්වයට බය වීම කියලා. මත්වය කියන්නෙ මොකක්ද. ඒකත් ප්‍රශ්නයක්නෙ.

සාහිත්‍ය පිළිබඳ නොබෙල් තෑග්ග දිනපු හර්මන් හෙස්ගේ "සිද්ධාර්ථ" කියන පොතේ අනුවාදය සුසිල් සිරිවර්දන හා එස්.විජේසූරිය යන ලේඛකයන් දෙපළ ලියලා තියනවා. ඒ පොතේ සටහනක් තමයි පහතින් තියෙන්නෙ. ඔය කියන මමත්වය ගැන අදහසක් ගන්න කෙන් පුළුවන් වෙයි.

මට මතකයි.. එදා ...!

Image
මගේ හීනෙ හැබෑ වුණා. ඔව්.. දැන් ඒක හීනයක් නෙමේ. ඇත්තමයි මට හරි සතුටුයි. අන්තිමට මට ඒක ලැබුණා. මට කෙච්චර නං හීන මැව්වද, කොච්චර නං දුක් වින්දද, ඒවා දන්නෙ මං විතරයි. කමක් නෑ කොහොම හරි අන්තිමට මගෙ උත්සාහය සාර්ථක වුණානෙ. ඒ මට ඇති.


   ඉතින්..එයා මගේ.ඔව් මගෙ විතරමයි..


ම්ම්ම්....අද..අද තමයි  එයා මගෙ දිහා ඒ විදිහට ආදරෙන් බලපු මුල්ම දවස.එයාගෙ සුදු මූණ රතු වුණු හැටි.කෙල්ල මං දිහා බලාගෙන හිටපු හැටි.මොනා ලිව්වද දන්නෑ පොතේ.


මමත් Bio මිස් කියපු Note එක ලියලා නෑ. වෙන මොනවද කුරැටු ගාලා. හෙට එයාගෙන් Note එක ඉල්ලන්න ඕනෙ. මගෙන් ඇහුවොත් ඇයි ඊයෙ කියවද්දි ලිව්වෙ නැද්ද කියලා, මං මොනවා කියන්නද.. එක්කො අකිලයගෙන්ම ඉල්ල ගන්නවා.


නෑ...නෑ  ඇහුවොත් කියනවා ඇත්තම.. නැත්තං එයා හිතයි බොරැ කියලා.
Physics පීරියඩ් එක Free තිබුණු හින්දා හොඳයි. නැත්තං කථා කරන්න බැරි වෙනවනෙ.දෙයියො බැලුවා වගේ කවුරැත් ආවෙ නැති හින්දා බේරැණා. අපේ එඋන් දැක්කනං පාටිත් දෙන්න වෙනවා. ඒත් උන්ට නොකියා බැරි වෙයි. කොහොමත් ආචා මේක ලීක් කරනවා.


මං ඇඳට වෙලා දැන් පැයක් විතර. ඉස්කෝලෙ ගිහින් ආව ගමන් ඇඟ හෝදගෙන අම්මා බෙදලා තිබුණු බත් එක අතට අරන් ඉස්තෝප්පුවට ගිහින් කටවල්…

කාක් පිහාටුවෙන්...!

Image
කා!..ක්!..
අඹ කොළ අස්සෙන් අතු වල නොවැදී නැලෙවෙමින් ආව ලා අළු පාට පිහාටුව වැලි ගොඩ උඩ වැටුණෙ ඒ ගුරැත්වාකර්ෂණ චාරිකාව නතර කරලා. ඒ වගේම සවාරි ගිහිං නතර වුණු පිහාටු සැහෙන්න වැලි ගොඩ හැම තැනම තිබුණා.සමහරක් හුළගට ගහගෙන ගිහිං තිබුණට මොකද, උදේ පින්නට අහු වුණු පිහාටු ඒවයෙ හීං කෙදි දිගඇරලා වැලි ගොඩ බදාගෙන. පින්න හින්දා එහෙම හිටියට ඉර මුදුන් වෙන්න යන ගමන පටන් ගනිද්දිම වගේ පිහාටු වලට වැලි එපා වුණා. එක ගානට තිබුණ හීං කෙදි ආයෙත් කලිං විදිහට හදාගන්න බැරි වුණාට පිහාටු වලට දුකක් නැතුව ඇති. ක්‍රෝටන් අතු අස්සෙන් එන හුළං පාරට පිහාටු ටික නැළවෙන්න ගත්ත හින්දා එයාලා සතුටින් හිටියෙ. ඒත් එයාලා දැන ගෙන ඉන්න හිටියෙ නෑ මල්ලියගෙ හෙම්බිරිස්සාව හොද වෙලා කියලා. උදේ බත් ටික කවා ගන්න අම්මත් මල්ලියත් එක්ක මිදුළට බැස්සෙ බැකෝ එකත් අරගෙනමයි.
"මේ කට කාලා යන්න පුතේ..."
"ආ..ආ...ඔය මොකද කරන්නෙ, වැලි අල්ලන්න එපා ලමයො..
   මේ කට විතරක් කාලා යන්නකෝ.. "
අම්මගෙ කෑගැහිල්ලට මල්ලියා හැරිලවත් බැලුවෙ නෑ.මල්ලියා බැකෝ එකෙන් වැලි හාරනවා.

 ගොඩ වැලි ගෙනාවෙ ඉස්තෝප්පුව හදන්න දැන්නං වැලියි කියලා කියන්න තරං දෙයක් එතන නෑ. චූටි මල්ල…

මිනිස් සිරැර සහ එහි යථා ස්වභාවය

Image
මිනිස්සු වෙච්චි අපි හැමෝටම සිරැරක් තියනවා. ඒක හැමෝටම පොදුයිනෙ. මගෙ, නැත්නම් ඔබගේ දෙමාපියන් තමයි ඔය සිරැර, එහෙම නැත්තම් ඇග ලබාදෙන්න මූලික වුනේ.

මවගේ ඩිම්බයක් පියාගෙ ශුක්‍රාණුවකින් සංසේචනය වෙලා තමයි ඔබ, මම නිර්මාණය වුණේ. ඒකෙ කියන්න තරම් අරැම පුදුම දෙයක් නෑනෙ, ඒක ස්වභාවිකයි. ඒත් පොඩ්ඩක් හිතලා බැලුවොත් ඒ සිදුවීමෙ අපූර්වත්වයක් දැක්ක හැකි.
ඇහැට නොපෙනෙන තරම් සෛල දෙකක් මේ තරම් හපන් කමක් කලේ කොහොමද. විමසා බැලිය යුතු දෙයක් අපි හැමෝම. මොකද’ අපි    එහෙම නැත්නම් ඔබ කියන පුද්ගලයා ඇති වෙන්න මූලික පදනම වැටුනෙ අර කලින් කියපු සිදුවීමෙන්.

මම කියන්නෑ ඔබ ඇතිවෙන්න හේතු වුණු එකම කාරණේ ඒක කියලා. මොකද’ මම විශ්වාස කරනවා මිනි‍හෙක් උපදින්න ශුක්‍රාණුවක් හා ඩිම්බයක් විතරක්ම නෙමේ, තමන් ගෙනාපු කර්ම ශක්තියත් අවශ්‍යයි කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකට ඕනෙ ශුක්‍රාණුවකුයි ඩිම්බයකුයි විතරයි කියලා. මම ඒකට මොනවත් කියන්නෑ. මොකද’ ඕනෙ කෙනෙක්ට තමන්ගෙ අදහස් හරියි කියලා හිතන්න අයිතියක් තියනවනෙ. 

ඉතින්’මේ අපූර්ව සිදුවීමෙන් පස්සෙ නිර්මාණය වුණු මේ සිරැර සෛල මහ ගොඩක එකතුවක්. නිකම්ම නිකං සෛල ගුලියක් නෙමෙයි, සජීවී සෛල වලින් සෑදුණු …