18 June 2012

මරණයට අයදුමක් - 5 වන පරිච්ඡේදය

ඩු මහලේ කෑම මේසය වටා සියලු දෙන රැස් වී සිටියහ. රුද්‍රා මහතා රොද පුටුවේ සිටම කෑම මේසයට සහභාගී වෙමින් මිණිබිරිය  ජෝති සමඟින් යමක් මුමුණමින් සිටියේ ය. ජෙගදාම්බල් පොතක් කියවමින් සිටි අතර ලක්ෂනා තම සැමියා සමඟ කතාවේ යෙදෙමින් හඬ නගා සිනාසුනා ය. කෝකිලා දිවා කාලයේ බලා ඉවත දමන ලද පුවත්පත පෙරලමින් සිටියා ය. තංගරාජන් පමණක් පවිත්‍රන් පැමිණෙන තෙක් මඟ බලමින් සිටියේ ය.

අජය තංගරාජන් දෙස බලමින්,
 "අර අලුත් හාදයා නාගෙන එන්න මෙච්චර වෙලා ගන්නවද? මම දවල්ටත් හරියට කෑවෙ නෑ. ගිහින් මිනිහට ඉක්මනට එන්න කියනව"
තංගරාජන් තම අත් ඔරලෝස්ව දෙස බැලීය. එහි වෙලාව රාත්‍රී හතයි දහය සටහන් වී තිබිණි. පවිත්‍රන් නාගෙන එන්න මෙච්චර වෙලා ගන්නවදැයි සිතමින් පුටුව පසකට කරමින් කෝප වූ මුහුනින් යුතුව පවිත්‍රන් සොයා ඔහුගේ කාමරය දෙසට ගියේ ය. ඔහුගේ පා ගැටෙන හඬ ලී පොළොවෙ දඩ.. දඩස්.. යන හඬින් ඇසුනේ ය.
"වැඩට ආපු අලුතම මෙහෙමද? ඔක්කොම අරහෙ බලාගෙන ඉන්නවා. කිසිම වගකීමක් නැති මිනිහෙක් වගෙයි." තංගරාජන් තම සිතිවිලි සිතේ තදකර ගනිමින්ම තදින් පවිත්‍රන්ගේ කාමරයෙ දෙරට තට්ටු කලේය.
කිසිදු පිළිතුරක් නැත.
"පවිත්‍රන්...! පවිත්‍රන්..!" ඔහු හඬනගා පවිත්‍රන් ඇමතී ය.
කාමරය තුලින් කිසිදු හඩක් නොනැගිනි.
"මේ මිනිහා ඇතුලට වෙලා නිදිවද්ද?" යි සිතමින්  තංගරාජන් කාමරයේ දොර තල්ලු කලේ ය. කාමරය තුල තද අඳුරක් පැතිරී තිබිනි. අඳුරේම අතපත ගා බිත්තියේ වූ ස්විචය ක්‍රියාත්මක කලේ ය.
ටියුබ් බල්බය ගැස්සි ගැස්සී දැල්විනි. කාමරය තුල වූ දර්ශනය දුටු තංගරාජන්ගේ දෑස ඉහළට එසවිනි. දහදියෙන් ඔහුගේ ගත තෙත් විනි.

කාමරය තුල දෑත් දෙපා විහිදා පවිත්‍රන් වැටී සිටියේ ය. හිස දකුණු පසට ඇලව තිබූ අතර දෑස් විවර වී තිබිනි. සිරැර පුරා රුධිරය ගලා යමින් තිබිනි. තංගරාජන් පහත් වී පවිත්‍රන්ගේ සිරුරට අත තැබී ය.
කිසිදු චලනයක් නැත.

පපුව මැදට පතිතව තිබූ දරුණු පිහි පහරින් පෙණ දමමින් රුධිරය උතුරා යමින් පැවතිනි.


                                                      
                                              
                                                 *෴ ෴*

 
6 වන පරිච්ඡේදයෙන් ආයෙම හමුවෙමු යාළුවනේ..

23 comments:

  1. මදි මදි හොදටම මදි අද කතාව ,පවිත්රන් මැරිලා නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. මම හිතුවා ඔහොම කියයි කියලා කට්ටිය.මේ පරිච්ඡේදය කෙටි වුනාට ඊළඟ කොටස දිගයි.ඒක එහෙම වුනේ මම වෙනස් කරලා එහෙම නෙමෙයි ඔන්න.පරිවර්ථනය කරපු පොතෙත් මේක මේ විදිහටම තියනවා අයියේ..

      ආ.. පවිත්‍රන් ගැන කියනවනම්, එයා මරණය හොයාගෙන ගියා.ඉතින් එයාට මරණය ලැබුනා. ඉදිරියට තව මොන මොන අයට මරණය ලගාවේවිද!

      ඉදිරිය අවිනිශ්චිතයි.

      Delete
  2. අනේ දෙයියනේ පවිත්‍රන් මැරිලද... :((((( අයියෝ....

    ReplyDelete
    Replies
    1. හම්ම්... ඒත් දැන් බංගලාවෙ වෙන දේවල් හැටියට පවිත්‍රන්ට එහෙම නොවෙන්නත් පුළුවන්.

      Delete
  3. mama me phone eken blog kiyavanne. samavenna meke thavama sinhala akuru na.
    pavithran kattiyava andanna neda yanne?

    ReplyDelete
  4. mama me phone eken blog kiyavanne. samavenna meke thavama sinhala akuru na.
    pavithran kattiyava andanna neda yanne?

    ReplyDelete
    Replies
    1. math blog 1ta comments ahema watilada kiyala blanne phone aken thama.sinhala mokuth penna aiye' :)

      Delete
  5. අයියෝ පවිත්‍රරන්..

    එයා මැරිලා නැ..එයානේ කතාවේ කොල්ලා නේද.

    ReplyDelete
    Replies
    1. කතාවෙ කොල්ලානම් එයා තමා. පවිත්‍රන්ට මොකද වුනේ කියල හරියටම කියන්න පුළුවන් ඊළඟ කොටසින්.
      ඉක්මනට දාන්නම් නිම්ශා අක්කේ.

      Delete
  6. මේ මොකක්ද මේ වුනේ?කතාවේ වීරයා මෙහෙම වැටිලා ඉදියි කියලා නම් හිතුවේ නැහැ.
    අයියෝ ටිකයිනෙ අනික අද ලියලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස දිගයිනෙ අයියේ. ඔන්න මං පොරොන්දු වෙනවා මේ සෙනසුරාදා වෙනකොට ඒකත් දානවා කියලා. :)

      Delete
  7. හෑ ayyoo..me moko wenne aa

    ada sinhala type karanna widiyak nathoo..podi aulak..ekai :(

    ReplyDelete
    Replies
    1. මටත් ඔය වැඩේ වෙලා තියනවා සමහර දවස්වලට.කොම්පීතරේ දෝසයක් නිසා කියලා තමයි හිතන්නේ.

      Delete
  8. හපොයි මට හිතුනා ඔහොම මගුලක් වෙයි කියලා...කතාවනම් හොදටම යනවා වගේ ඉස්සෙල්ලාම ආපු ප්‍රධාන චරිතේ ඉක්මනටම යන්න ගියා වගේ...හූස් නෙක්ස්ට්...

    ReplyDelete
    Replies
    1. අන්න තරැවා තමයි නියම පුරස්නෙ ඇහැව්වේ.. හුස් නෙක්ස්ට්

      කමින් සූන්.... තරෑ

      Delete
  9. අපොයි වීරයා මැරිලා නේ? ඇත්තටම මැරිලද? මේක නම් හරිම අමුතුයි. දැන් ඔයාට හයවෙනි කොටස ඉක්මනටම දාන්න වෙනවා හරිද? :)

    ReplyDelete
    Replies
    1. 6 වෙනි කොටස ලියාගෙන යනවා මේ දවස් වල.ඉක්මනින් දාන්නම්කෝ... :)

      Delete
  10. පවිත්‍රන් මැරුණා කියලා හිතන්න අමාරුයි.. මොකෝ මේ කතා නායකයා නිසා.. ඉතිරිය ඉක්මනටම ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා කියනදේත්.මටත් මුලින් කියවනකොට ඔහොම හිතුනා.ඒත් ඒක එහෙම වුනු එක හොඳයි. කෝකටත් බලමුකො තව ඉස්සරහට.

      Delete
  11. වීරයා මැරිලා??? කතා නායකයා මැරෙනවා දැක්කමයි.....

    මෙයාගේ හදවත අනික් පැත්තේ තිබිලා ආයේ පණ එයිද??? නැත්තම් වීරයා මැරිලා හොල්මං කරයිද??? දැන් නම් ටිකක් විතර අප්සට් වගේ හිතාගන්න බෑ කිසිම දෙයක් හෙල්ප් මී....

    ReplyDelete
    Replies
    1. අම්මේ ගැමියා හිතලා තියන ඒවා... දැන් විද්‍යා ප්‍රබන්ධ ලියලමද කොහෙද ගැමියට හිතෙන්නෙම අමුතු විදිහට.නරකමත් නෑ ඒකත්.. :)

      බංගලාවෙ වෙන දේවල් හැටියට පවිත්‍රන් හොල්මනක් වේවිද කියන්නත් බෑ තමා.

      ආ.. හෙල්ප් කරන්නම්කො :)

      Delete
  12. හපොයි දෙයියනේ.....නෑ නෑ ඕක මොකක් හරි ප්‍රයෝගයක්

    ReplyDelete
    Replies
    1. මං ඒත් හිතුවා මොකෝ සයුරි අක්කා ප්‍රමාද කියලා.

      අක්කා කියනදේත් වෙන්න පුළුවන්.පවිත්‍රන් රහස් පොලිසියෙ හින්දා මේ විදිහට කලාද කියන්න බෑ මිනීමරුවා අල්ලන්න.කෝකටත් ඊළඟ කොයස බලලම ඉමු.

      Delete

හැම තප්පරයක්ම මට වගේම ඔයාලටත් වැදගත් කියලා දැන දැනත් අදහසක් ලියලා යන්න ඕනෙමයි කියලා මට කියන්න බෑ. කැමතිනම් විතරක් ලියන්න

.