28 April 2012

සමාවෙන්න බ්ලොග් යාළුවනේ...

යෙත් ලියන්න පටන්ගන්න හිතුණා. මුලින්ම කියන්න ඕනෙ සමාවෙන්න කියලා බ්ලොග් ලියන කියවන හැමෝටම. අපිට අපි අහිමි වුනු හැටි කතාවෙ තුනු වෙනි දිගහැරැම ලියන්න ඕනෙ තමයි. ඒත් ඒක ලියන්න තරම් මට ආත්ම ශක්තියක් නෑ. ඒක මගෙ දුර්වලතාවයක්. කරන්න දෙයක් නෑ  ඒ කතාව ලියන අදහස හිතින් අත් ඇරලා දැම්මා. තව කාලයක් ගියාට පස්සෙ ලියන්න පුළුවන් වෙයි සමහර විට. හැමෝගෙම හිත් එක වගේ නෙමේනෙ. එහෙම හිතලා මට ආයෙත් සමාව දෙන්න යාළුවනෙ.

වර්ණ, හිස් අහස පැත්තෙ වගේම පහන් යාය , බට්ටි අක්කලගෙ දිහාවත් සෑහෙන කාලෙකින් යන්න ලැබුනෙ නෑ. පහුගිය දවස් වල වුනු කරදර නිසාම නෙමේ එහෙම වුනෙ. මගෙත් කිසිම වුවමනාවක් තිබුනෙ නෑ. කොටින්ම කිවුවොත් මැරිච්චි ගානට හිටියෙ. කරදර එන්නෙ මිනිස්සුන්ටනෙ කියලා හිතෙන්නෙ නෑ කරදර ගොඩක් තියෙන මිනිහෙක්ට. හිතෙන්නෙ මේ ඔක්කොම කරදර තියෙන්නෙ මට විතරයි කියලා. එහෙම හිතෙන එකත් පුදුමයක් නෑ. මොකද මේ ඔක්කොම කරදර ජරමර එන්නෙ පෝලිමට යෑ.

ආයෙමත් කට්ටියටම කියන්න ඕනෙ සමාවෙන්න කියලා. මම විභාගෙ හින්දා අන්තිමටම වැටිලා ඉන්දැදිදි ඔයාලා හැමෝම මට වචනෙකින් හරි උදව් කලා හිටිය තැනින් නැගිටින්න. එක මට ලොකු හයියක් වුනා.

  

 ඉතින්, ඔන්න ආයෙත් පරණ පුරැදු විදිහටම මම, මම වෙන්න උත්සාහ කරනවා.




.